slc
logo
Home   |    News
නොවැම්බර් 25, 2020
දකුණු අප්‍රිකා සංචාරයට LPL හොඳ පෙරහුරුවක් – දිමුත් කරුණාරත්න

Sri Lanka Cricket

දෙසැම්බර් මසට යෙදී තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයට පෙර “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය වැනි ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියකට ක්‍රීඩා කිරීමේ ඉඩ ප්‍රස්ථාව විවර වීම හරහා තම කණ්ඩායමේ ක්‍රීඩකයින්ට යළිත් සිය සුපුරුදු රිද්මයට අනුගත වීමට හොඳ වේදිකාවක් සපයනු ලබන බව ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න අවධාරණය කර සිටියි.

කොවිඩ් ව්‍යසනය හමුවේ මාස 10 කට ආසන්න කාලයක් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් තරගාවලියකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමි වුණු බැවින් බහුතර ක්‍රීඩකයින් ව්‍යායාම වලට පමණක්ම සීමාව සිටියි. ඒ පිළිබඳව ප්‍රතිචාර දක්වමින් ඉහත අදහස් දක්වා සිටි ටෙස්ට් නායකයා, එය දකුණු අප්‍රිකානු තරගාවලියේදී දක්ෂතාවලට අනුගත වීම සඳහා සුභ පෙර නිමිත්තක් වන බවද සඳහන් කර සිටියේය.

“මීට පෙර අපි සහභාගිවෙලා තියෙන තරග සංචාරයන්හිදී පළමුව විස්සයි-20 තරග වලටත් පසුව ටෙස්ට් තරගාවලියටත් ක්‍රීඩා කරපු අවස්ථාවන් ඉතිහාසයේ තියෙනවා. ඒ අනුව අපේ ක්‍රීඩකයින්ටත් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් උපරිම පන්නරයක් ලබා ගෙන සුපුරුදු රිද්මයට අනුකූල වීමට හොඳ අවස්ථාවක් තියෙනවා. එහෙම වුණොත් දකුණු අප්‍රිකාවේදී අපිට හොඳික් දක්ෂතා දැක්වීමට අවස්ථාවක් තියෙනවා”.

“දකුණු අප්‍රිකානු සංචාරය ඉලක්ක කරගෙන මහනුවරදී පැවැති පුහුණු සැසියට ක්‍රීඩකයින් 22 දෙනෙකු සහභාගිවූවා. එතැනදී අපි පුහුණු තරගයටත් ක්‍රීඩා කළා. ඒ තරගාවලියේදී අපේ පිතිකරුවන් ඉතා හොඳින් දක්ෂතා දක්වා සිටියා. ඇත්තටම කිව්වොත් එය ඉතාම සාර්ථක පුහුණු සැසියක් වුණා. ඒ වගේම ඒක අවසන් වෙලා ගොඩක් අය එල්.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කිරීමට කෙළින්ම හම්බන්තොට බලා ගියා. ඇත්තටම ටෙස්ට් තරග සංචාරයක් අත ළඟ තියෙන වෙලාවක මේ වගේ තරගාවලියක් හෝ සංවිධානය කිරීම වාසියට හේතුවක් කියලා මම විශ්වාස කරනවා” යි දිමුත් කරුණාරත්න පවසයි.

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියේ පළමුවැන්න දෙසැම්බර් 26  හෙවත් බොක්සිං දිනදී වොන්ඩරස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර දෙවැන්න ජනවාරි 02 වැනිදාද සෙන්චුරියන් ක්‍රීඩාංගණයේදීද පැවැත්වේ. එල්.පී.එල්. තරගාවලිය නිමාවට පත්වන 16 වැනිදාට පසු දින, එනම් දෙසැම්බර් 17 වැනිදා දකුණු අප්‍රිකාව බලා යෑමට නියමිත  ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම ජනවාරි 07 වැනිදා නැවතත් ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ නායකත්වයට පත්වීමෙන් පසු දිමුත් කරුණාරත්නගේ පළමු ටෙස්ට් සටන ද පැවැතියේ දකුණු අප්‍රිකාවට එරෙහිව වන අතර 2019 වසරේ පැවැති එම තරගාවලිය 2-0 ක් ලෙස ඔවුන්ගේ මවුබිමේදීම පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ. එම සංචාරයට සහභාගි වුණු කණ්ඩායමේ ක්‍රීඩකයින් රැසක් මෙවර තරගාවලියේදී දිමුත් සමඟ දකුණු අප්‍රිකාව බලා යෑම ශ්‍රී ලංකාවට සුභ පෙර නිමිත්තකි.

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

USD United States (US) dollar