slc
logo
Home   |    News
නොවැම්බර් 23, 2020
LPL ක්‍රීඩා කරන අවසන් සංචිත එළියට

Sri Lanka Cricket

ආරම්භයට දින 3 ක් පමණක් ඉතිරිව තිබෙන “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමට නියමිත කණ්ඩායම් සංචිත අද (23 දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ. 

ලබන 26 වැනිදා ආරම්භවීමට නියමිත මෙම තරගාවලිය සඳහා නම් කරන ලද සංචිතයකට ක්‍රීඩකයින් 20 දෙනෙකු පමණක් ඇතුළත් කර ගත යුතු වුවත් කොරෝනා වෛරස් තත්ත්වයෙහි අවිනිශ්චිත භාවය වටහා ගෙන සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක් සංචිතයකට ක්‍රීඩකයින් 22 දෙනෙකු ඇතුළත් කර ගැනීම සඳහා ඒ ඒ කණ්ඩායම් වලට අවසර ලබා දී තිබේ. ඒ අනුව අලුතින් අවසර ලබා දී තිබෙන ක්‍රීඩකයින් දෙදෙනාගෙන්, විදෙස් සහ දෙස් වශයෙන් තබා ගැනීමට අවසර ලබා දී තිබේ. 

ප්‍රකාශයට පත් කරන ලද කණ්ඩායම් අතර දඹුල්ල කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම සිය ප්‍රධාන ක්‍රීඩකයකු රහිතව සංචිත ප්‍රකාශයට පත් කර තිබුණේ ඒ සඳහා කිසිදු ආදේශක මෙතෙක් ලබා ගැනීමට නොගෙන සිටින පසුබිමකදී වීම කැපී පෙනෙයි. 

මේ අතර නම් කරන ලද සංචිත 5 න් 4 කම නායකයා කවුරුන්ද යන්න ප්‍රකාශයට පත් කර ඇති නමුත් දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායමේ නායකයා ලෙසින් කවුරුන් කටයුතු කරන්නේද යන්න එම කණ්ඩායම් කළමනාකාරීත්වය තවමත් ප්‍රකාශයට පත් කර නොමැත. ඒ අනුව කලම්බු කිංග්ස් කණ්ඩායමේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස් විසින්ද, කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම කුසල් පෙරේරා විසින්ද, ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම තිසර පෙරේරා විසින්ද සහ ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායමේ නායකයා ලෙසින් ශහිඩ් අෆ්රිඩිවද පත් කර තිබේ. 

දඹුල්ල වයිකිංග්ස්ගෝල් ග්ලැඩියේටර්කැන්ඩි ටස්කර්ස්කලම්බු කිංග්ස්ජැෆ්නා ස්ටැලියන්ස්
දසුන් ශාන්කකුසල් පෙරේරාඇන්ජලෝ මැතිව්ස්තිසර පෙරේරා
ශහිඩ් අෆ්රිඩිබ්‍රෙන්ඩන්ටේලර්මන්ප්‍රීට් ගෝනිජොන්සන් චාර්ල්ස්
සමිඋල්ලා ශින්වාරිචැඩ්වික් වෝල්ටන්ඉර්ෆාන් පතන්ඇන්ඩ්‍රෙ රසල්වනිඳු හසරංග
අන්වර් අලීහස්රතුල්ලා සසායිමුනාෆ් පටෙල්ලෝරි එවන්ස්ෂොයෙබ් මලික්
සමිත් පටෙල්මොහොමඩ් ආමීර්සොහෙල් ටන්වීර්ඩැනියෙල් බෙල්උස්මාන් ශින්වාරි
නිරෝෂන් දික්වැල්ලධනුෂ්ක ගුණතිලකකුසල් මෙන්ඩිස්ඉසුරු උදානඅවිෂ්ක ප්‍රනාන්දු
ළහිරු කුමාරභානුක රාජපක්ෂනුවන් ප්‍රදීප්දිනේෂ් චන්දිමාල්ධනංජය ද සිල්වා
ඕෂධ ප්‍රනාන්දුඅකිල ධනංජයසීකුගේ ප්‍රසන්නඅමිල අපෝන්සුසුරංග ලක්මාල්
කසුන් රජිතමිලින්ද සිරිවර්ධනඅසේල ගුණරත්නඅශාන් ප්‍රියන්ජනබිනුර ප්‍රනාන්දු
සුදීප් ත්‍යාගිඅශාන් අලීනවීන් උල්හක්රවින්ද්‍රපාල් සිංටොම් මුවර්
පෝල් ස්ට්‍රිලිංග්අසාම් ඛාන්රමානුල්ලා ගුර්බාස්කායිස් අහමඩ්කයිල් ඇබට්
ළහිරු මදුසංඛලක්ෂාන් සඳකැන්කමිඳු මෙන්ඩිස්දුෂ්මන්ත චමීරඩුවන් ඔලිවර්
උපුල් තරංගෂෙහාන් ජයසූරියඩිල්රුවන් පෙරේරාජෙෆ්රි වැන්ඩර්සිචතුරංග ද සිල්වා
ඇන්ජලෝ පෙරේරාඅසිත ප්‍රනාන්දුප්‍රියමාල් පෙරේරාතීක්ෂිල ද සිල්වාමිනෝද් භානුක
රමේෂ් මෙන්ඩිස්නුවන් තුෂාරකනිෂ්ක අංජුලතරිඳු කෞෂාල්මහේෂ් තීක්ෂණ
පුලින තරංගමොහොමඩ් ශිරාස්ලසිත් ඇඹුල්දෙණියළහිරු උදාරචරිත් අසලංක
මාලින්ද පුෂ්පකුමාරඅබ්දූල් නසීර්කෙවින් කොට්ටිගොඩකරීම් ඛාන්හියකාන්ත් වියිසකාන්ත්
අෆ්ටාබ් අලාම්වකාස් මක්සූඩ්විශ්ව ප්‍රනාන්දුධම්මික ප්‍රසාද්ප්‍රභාත් ජයසූරිය
අෂේන් බණ්ඩාරධනංජය ලක්ෂාන්ළහිරු සමරකෝන්හිමේෂ් රාමනායකනුවනිඳු ප්‍රනාන්දු
ඩිල්ශාන් මදුශංකචානක රුවන්සිරිනිශාන් මධුෂ්කකලන පෙරේරාකනකරත්නම් කපිල්රාජ්
කවිඳු නදීශාන්සහන් ආරච්චිචාමිකර එදිරිසිංහතරිඳු රත්නායකතේවේන්ද්‍රියන් දිනෝෂන්
සචිඳු කොළඹගේදුවිනිඳු තිලරත්නඉෂාන් ජයරත්නනවෝද් පරණවිතානසෙබස්තියන්ප්ල්ලායි විජේරාජ් 

Active filters

Recent Posts

  • අවිශ්කගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ’ට ජයග්‍රාහී ගමනක්
    ජාතික කණ්ඩායමේ ස්ථානය අහිමිවීමෙන් පසු නැවතත් තම දක්ෂතා ඔප්පු කිරීමට අධිෂ්ඨානශීලීව උත්සාහ දරන අවිශ්ක ප්‍රනාන්දු තවත් වරක් තමන්ගේ වටිනාකම අද (13 3දා) පිටියේදීම සනාථ කළේය. රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට අහිමිහිරි පරාජයක්
    එංගලන්තයේ බර්මින්හැම්හි එඩ්ග්බැස්ටන් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ ලෝක කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයේදී සත්කාරක එංගලන්තය හමුවේ ලකුණු 87ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. කාසියේ වාසිය දිනාගත් […]
  • හසිනි සහ හංසිමා අතර තේරීම් සටන මැද විශ්මි ඉදිරියට
    ICC කාන්තා විස්සයි20 ලෝක කුසලාන 2026 තරගාවලියේ සමාරම්භක තරගය ලෙස ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද (12) බර්මින්හැම්හි එඩ්ග්බැස්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර එම තරගය සඳහා නම් […]
  • කමිඳුගේ අර්ධ ශතකය අපතේ යයි
    ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේඅද (12 දා) පෙරවරුවේ (ශ්‍රී ලංකා වේලාවෙන්) පැවති පළමු විස්සයි20 ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කරමින් තරගාවලියේ පෙරමුණ […]
  • අඛණ්ඩ ජයග්‍රහණ පහක විශ්වාසය සමඟ ශ්‍රී ලංකා කාන්තා පිල හෙට ලෝක කුසලාන ගමන අරඹයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හෙට (12 වැනිදා) එංගලන්තයේදී ආරම්භ වන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පිවිසෙන්නේ මෑත කාලයේ ලැබූ සාර්ථක ප්‍රතිඵල රැසකින් ගොඩනැගුණු ආත්මවිශ්වාසයත්, අත්දැකීම් සහ තරුණ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee