slc
Home   |    News
පෙබරවාරි 25, 2021
“අත්දැකීම් නැති වුණත් ලකුණු අතරට එන්න පුලුවන්” – දිමුත් කරුණාරත්න

Sri Lanka Cricket

ආබාධයක් හේතුවෙන් එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරග 2 කට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණු ටෙස්ට් සහ එක්දින නායක දිමුත් කරුණාරත්න පූර්ණ සුවය ලබමින් බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා එක්වී සිටියි. ඉදිරි තරග සංචාරය පිළිබඳව අදහස් දක්වා සිටින ටෙස්ට් සහ එක්දින නායකයා බටහිර ඉන්දීය කොදෙව් වල ක්‍රීඩා කිරීමේදී අත්දැකීම් නොමැති වුවත් තරගාවලියේදී හොඳිල් ලකුණු රැස් කිරීමට තමන්ට හැකියාව පවතින බව විශ්වාස කරන බව පැවැසීය.

කොදෙව් සංචාරයට පෙර ක්‍රිකට් ආයතනයේ වෙබ් අඩවිය සමඟ පැවති සාකච්ඡාවක අදහස් දක්වා සිටි කරුණාරත්න, “නවක ක්‍රීඩකයින් කීප දෙනෙකු කොදෙව් කණ්ඩායම සතු වුවත් ඔවුන් ඉතා දක්ෂ ක්‍රීඩකයින්. විශේෂයෙන්ම ඔවුන්ගේ වේග පන්දු යවන්නන් සහ පිතිකරුවන් හොඳින් දක්ෂතා අතර පසුවනවා. ඒ වගේම කූලිජ් ක්‍රීඩාංගණයේ තණතීරුවත් වේගවත්. කොහොම වුණත් අපිට පුහුණුවීම් සඳහා සතියක පමණ කාලයක් තියෙනවා. ඒ කාලය ඇතුළත එහෙ තණතීරුවලට සහ දේශගුණික තත්ත්වයන්ට ඉක්මනට හුරුවීමට අපේක්ෂා කරනවා” යැයි පැවැසීය.

මෙම තරගාවලියට පෙර ශ්‍රී ලංකා පිල අවසන් වරට එතෙරදී තරගාවලියකට සහභාගිවන ලද්දේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගාවලියට වේ. වේග පන්දු යවන්නන්ට උචිත තණතීරු වල පැවැති එම තරගාවලිය 2-0 ක් ලෙස ප්‍රතිවාදී පිල හමුවේ ශ්‍රී ලංකා පිල පරාජයට පත්විය. එහෙත් එම තරගාවලියේදී පිතිකරුවකු ලෙස දක්ෂතා අතරට පැමිණෙමින් ශතකයක් වාර්තා කිරීමට දිමුත් සමත්වූවේය.

එම දෙවැනි තරගය අතරතුරදී දිමුත්ගේ මහපටැඟිල්ල ප්‍රදේශයට පන්දුව වැදීමෙන් ආබාධයකට ලක්වූ බැවින් එංගලන්තයට එරෙහි තරග 2 ට ක්‍රීඩා කිරීමේ අවස්ථාවද දිමුත්ට අහිමිවිය. එම තරගාවලියද ශ්‍රී ලංකා පිල 2-0 ක් ලෙස එංගලන්තය හමුවේ පරාජයට පත්වූ නමුත්, ඒ පිළිබඳව අදහස් දක්වන දිමුත්, එම තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවූයේ නම්  කණ්ඩායමේ සාර්ථකත්වයට කිසියම් බලපෑමක් ඇතිවීමේ ප්‍රවණතාවයක් තිබූ බව විශ්වාස කරන බවයි.

“විශේෂයෙන්ම එම ටෙස්ට තරග දෙකේ ඉනිම දෙකක දී අප අඩු ලකුණු සංඛ්‍යාවලට දැවී ගියා. එය වැළැක්වීමට තිබුණානම් හොඳයි. මට කියන්න පුළුවන් ශතකයක් කරා යාමට උත්සහා ගන්න තිබුණා කියා.  එහෙත් එය සිදුවන්නේ තණතිල්ලට ගිය පසුවයි” යැයි දිමුත් පවසයි.

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest