slc
Home   |    News
ජූනි 11, 2021
ශ්‍රී ලංකාවට එරෙහි එක්දින සහ විස්සයි-20 සටනේ නායකත්වය ධවාන්ට

sinhala editor

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරග සංචාරය සඳහා සහභාගිවන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙසින් ආරම්භක පිතිකරු ශිකර් ධවාන්ව පවත් කිරීමට ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ඉන්දීය පිලේ නායකත්වයට ධවාන් පත් වුණු පළමු අවස්ථාව ලෙසින් සනිටුහන් වන මෙම තරග සංචාරයේ ඔහුගේ සහායක උප නායකයා ලෙස භුවනේෂ්වර කුමාර්ව නම් කර තිබේ.

එක්දින තරග 3 ක් සහ විස්සයි-20 තරග 3 ක් පැවැත්වෙන මෙම තරග සංචාරය සඳහා නම් කරන ලද ඉන්දීය කණ්ඩායම ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් සමන්විත වේ. එම කණ්ඩායමට අමතරව එම තරග සංචාරය සඳහා දැල් පුහුණු පන්දු යවන්නන් 5 දෙනෙකුද ශ්‍රී ලංකාවට රැගෙන ඒමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ. එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ඉන්දීය ටෙස්ට් නායක රාහුල් ඩ්‍රාවිඩ් කටයුතු කරනු ඇත.

ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහ තරගයට ක්‍රීඩා කිරීම සඳහා විරාත් කෝලිගේ නායකත්වයෙන් යුතු ඉන්දීය කණ්ඩායම එංගලන්තය බලා පිටත්ව ගොස් සිටින හෙයින් එම කණ්ඩායමට ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ට මෙම තරග සංචාරය සඳහා සහභාගිවීමේ අවස්ථාව අහිමිව තිබේ. එම තරගය නවසීලන්තයට එරෙහිව ජුනි 18 වැනිදා පැවැත්වෙනු අතර එම තරග සංචාරයෙන් පසු එංගලන්තයට එරෙහිව තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගාවලියකට ඉන්දීය පිල ක්‍රීඩා කරනු ඇත.

නම් කරන ලද ඉන්දීය කණ්ඩායමට නවක ක්‍රීඩකයින් පස් දෙනෙකු ඇතුළත්ව සිටින අතර දෙව්දත් පදිකාල්, රුටුරාජ් ගායික්වාද්, නිටිෂ් රානා, කේ. ගෞතම් සහ චේතන් සකරියා ඔවුහු වෙති. මොවුන් සියලු දෙනාම ඉන්දීය ප්‍රිමියර් ලීග් සහ එරට දේශීය ක්‍රිකට් තරගාවලිවලදී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෝ වෙති.

ඉන්දීය කණ්ඩායම – ශිකර් ධවාන් (නායක), භුවනේෂ්වර් කුමාර් (උප නායක), ප්‍රිතිව් ෂෝ, දෙව්දත් පදිකාල්, රුටුරාජ් ගයික්වාද්, සූරියකුමාර් යාදව්, මනීෂ් පාන්ඩේ, හර්දික් පාණ්ඩ්‍යා, නිතිෂ් රානා, ඉෂාන් ක්‍රිෂාන්, සංජු සැම්සන්, යුස්වේන්ද්‍රර් චෙහල්, රාහුල් චෙහාර්, කේ. ගෞව්තම්, කෘනාල් පාණ්ඩ්‍යා, කුල්දීප් යාදව්, වරුන් චක්‍රවර්තී, දීපාක් චෙහාර්, නව්දීප් සයිනි, චේතන් සකරියා.

දැල් පුහුණු පන්දු යවන්නන් – ඉෂාන් පොරල්, සංදීප් වොරියර්, අර්ශ්දීප් සිං, සියි කිෂෝර්, සිමාර්ජීත් සිං.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest