slc
logo
Home   |    News
ඔක්තෝබර් 28, 2021
නැමීබියාව හමුවේ ස්කොට්ලන්තය පරදියි

sinhala editor

අබුඩාබි ක්‍රීඩාංගණයේදී බදාදා (27) පැවැති නැම්බියා – ස්කොට්ලන්ත ලෝක කුසලාන 20-20 තරගයෙන් නැම්බියාව කඩුලු හතරක පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේය. ස්කොට්ලන්තය පන්දු වාර 15.4කදී කඩුලු 8කට ලබාගත් ලකුණු 109ට පිළිතුරු ලෙස නැම්බියාව කඩුලු හයකට ලකුණු 115ක් ලබාගත්තේ පන්දු වාර 19.1කට මුහුණ දෙමිනි.

ස්කොට්ලන්තය පන්දුවට පහර දෙන අවස්ථාවේ ප්‍රථම පන්දු වාරයේදීම කඩුලු තුනක් දවාලු නැම්බියාවේ රුබන් ට්‍රම්ප්මන් තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.

ජයග්‍රාහී නැම්බියා කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේ දී දක්ෂතා දැක්වූ ජේ.ස්මිට් නොදැවී 32ක්ද (පන්දු 23යි හතරේ 2යි හයේ 2යි) ක්‍රෙග් විලියම්ස් නොදැවී 23ක්ද (පන්දු 29යි හයේ පහරයි) සහ මයිකල් ලින්ගන් ලකුණු 18ක්ද ලබාගත්හ. මයිකල් ලීස්ක් කඩුලු දෙකක් දවාලූවේ ලකුණු 12ක් පමණක් ලබාදෙමිනි.

නැම්බියාව කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීම ස්කොට්ලන්තයට පැවරීය. නැම්බියාවේ ආරම්භක පන්දු යවන්නා රුබන් ට්‍රම්ප්මන් සිය ප්‍රථම පන්දුවාරයේ ප්‍රථම, තුන්වන සහ සිව්වන පන්දුවලට ස්කොට්ලන්ත පිතිකරුවන් තිදෙනෙකුම දවාලීමෙන් පසු ස්කොට්ලන්තයට නැවත තරගයට අවතීර්ණවීමට අවස්ථාව නොලැබිණි.

ලකුණු සාරාංශය

ස්කොට්ලන්තය පන්දුවාර 20කදී කඩුලු 8ට 109යි – (මයිකල් ලීස්ක් 44, ක්‍රිස් ග්‍රීව්ස් 25, මැතිව් ක්‍රොස් 19, රුබන් ට්‍රම්ප්මන් 17/3, ජාන් ෆ්‍රයිලින්ක් 10/2යි)

නැම්බියාව – පන්දුවාර 19.1කදී කඩුලු 6ට 115යි – (ජේ.ස්මිට් 32, ක්‍රෙග් විලියම්ස් 23, මයිකල් ලින්ගන් 18, මයිකල් ලීස්ක් 12/2)

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee