slc
Home   |    News
නොවැම්බර් 3, 2021
‘ජැෆ්නා කිංග්ස්’ විදෙස් ක්‍රීඩකයින් අතර මලික් සහ ශින්වාරි රඳවා ගනියි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් දෙසැම්බර් 05 වැනිදා ආරම්භ වන දෙවැනි ලංකා ප්‍රිමියර් (LPL) ලීග් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන ජැෆ්නා කිංග්ස් (Jaffna Kings) කණ්ඩායමට ඇතුළත් විදෙස් ක්‍රීඩකයින් 6 දෙනා අතරට ක්‍රීඩකයින්ගෙන් සිව් දෙනකු ක්‍රීඩක වෙන්දේසියට (Player Draft) පෙර රඳවා තබාගැනීමට කණ්ඩායම් හිමිකාරීත්වය තීරණය කර තිබේ. ඒ අනුව අවසන් වර ශූරතාව දිනූ  ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියෝජනය කළ පාකිස්තානු ක්‍රීඩකයින් දෙදෙනකු වන ශොයිබ් මලික් සහ උස්මාන් ශින්වාරි රඳවා ගනු ලබන විදේශීය ක්‍රීඩකයින් අතරට එක්ව සිටිති.

ක්‍රීඩක වෙන්දේසියට ප්‍රථම රඳවා තබාගන්නා විදේශීය ක්‍රීඩකයින් සිව්දෙනා අතරට සන්නාම ක්‍රීඩකයින්ගේ (Icon player) කාණ්ඩයෙන් විදෙස් ක්‍රීඩකයා ලෙස දකුණු අප්‍රිකාණු ක්‍රීඩක ෆෆ් ඩූ ප්ලෙසිස් සහ දියමන්ති ක්‍රීඩකයින්ගේ (Diamond player) කාණ්ඩයෙන් විදෙස්පා ක්‍රීඩකයා ලෙස පාකිස්තානු වේග පන්දු යවන වහාබ් රියාස් ද ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එක්ව සිටිති. ඒ අනුව අනෙක් විදේශීය ක්‍රීඩකයින් දෙදෙනා නොවැම්බර් 05 වැනිදා පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියේ තෝරා ගැනීමට නියමිතය.

2007 වසරේ සිට 2009 වසර දක්වා පාකිස්තානු පිලේ නායකයා ලෙස කටයුතු කළ ෂොයෙබ් මලික් දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. 1999 වසරේදී එක්දින වරම් දිනා ගනිමින් ජාත්‍යන්තර පිටියට අවතීර්ණ වන මලික්, ටෙස්ට් තරග 35 ක්, එක්දින තරග 287 ක් සහ විස්සයි-20 තරග 119 කට ක්‍රීඩා කර තිබේ.

එක්දින ලකුණු 7534 ක් රැස්කර සිටින මලික් ඊට ශතක 9ක් හා අර්ධ ශතක 47ක් එක් කරමින් ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 34.5ක රඳවාගැනීමට සමත්ව සිටියි. විස්සයි විස්ස තරග 119ක දී ලකුණු 2380 ක් රැස්කර ඇති මලික් එක්දින කඩුලු 158 ක් සහ විස්සයි-20 කඩුලු 28 ක් බිඳ හෙළීමට සමත්ව සිටියි. මේ වන විටත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගිව සිටින පාකිස්තානු පිලට ඇතුළත්ව සිටින මලික් පසුගිය දා ඇෆ්ගනිස්ථානය සහ නවසීලන්තයට එරෙහිව පැවති තරගවල දී සාර්ථකත්වයට පිවිසියේය. ගෙවුණු 2020 ලංකා ප්‍රියර් ලීග් තරගාවලියේදී ලකුණු 203ක් ලබාගනිමින් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභීන් අතර තෙවැනි ස්ථානයට පත්විය. අවසන් මහ තරගයේදී පන්දු 35 කදී ලකුණු 46 ක් ලබා ගැනීමට සමත් මලික් එම තරගයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලබන්නේය.

ජැෆ්නා කිංග්ස් මෙවර රඳවා තබා ගන්නා ලද අනෙක් පාකිස්තානු ක්‍රීඩකයා වමත් මඳ වේග පන්දු යවන උස්මාන් ශින්වාරි ප්‍රාන්ත කණ්ඩායම් රැසක ක්‍රීඩා කරමින් අත්දැකීම් රාශියක් ලබා ඇත්තෙකි. එක්දින ජාත්‍යන්තර තරග 17 කදී කඩුළු 34 ක් දවාගෙන සිටින උස්මාන් ජාත්‍යන්තර මට්ටමේ විස්සයි විස්ස තරග 16කට සහභාගී වී තිබේ.  ශ්‍රී ලංකාවට එරෙහිව සාජා හි දී පැවැති තරගයේදී එක්දින ක්‍රිකට් පිටියට පිවිසෙන උස්මාන් එම තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව කඩුළු පහක් දවාගැනීමට සමත් වීම ද විශේෂත්වයකි.  ජාත්‍යන්තර විස්සයි- 20 තරග 96ක දී කඩුළු 116ක් ලබා සිටින උස්මාන් ශින්වාරි ලීග් තරගාවලි ගණනාවකට ක්‍රීඩා කර ඇති පළපුරුදු පන්දු යවන්නෙකි. පසුගිය ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ජයග්‍රාහී යාපනය කණ්ඩායම නියෝජනය කළ ශින්වාරි එම තරගාවලියේ තරග 7කදී කඩුළු 9ක් ලබාගැනීමට සමත්වූවේය.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest