slc
Home   |    News
ජනවාරි 5, 2022
ජාතික කණ්ඩායමට කාර්ය බහුල වසරක්

sinhala editor

By Chamila Karawita

උදාවූ 2022 වසර තුළදී ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය දැරීමට අමතරව තවත් ජාත්‍යන්තර තරගාවලි තුනකට සත්කාරකත්වය ලබා දීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දින දර්ශනයට අනුව මෙම වසර තුළදී ඔස්ට්‍රේලියාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ කණ්ඩායම් ශ්‍රී ලංකාවට පැමිණ තරග කිරීමට නියමිතය.

උදාවූ වසරේ පළමු තරගාවලිය වන්නේ සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය වේ. ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ සුපර් ලීග් තරගාවලියට ඇතුළත් මෙම එක්දින තරග 3, එළැඹෙන 16 වැනිදා පල්ලකැලේදී ආරම්භ වේ.

මීට අමතරව මෙම වසරේදී ශ්‍රී ලංකා පිල ටෙස්ට් තරග 8 කට සහභාගිවීමට නියමිත අතර ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේදී ටෙස්ට් තරග 2ක්, බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් තරග 2ක්, ඔස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරග 2 ක්, පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරග 2 ක් වශයෙන් ශ්‍රී ලංකාව තරග වැදීමට නියමිතය.

වසරේ සමස්ථය ගත් විට අප්‍රේල් සහ නොවැම්බර් මාස හැරුණු විට සෙසු සෑම මාසයකදීම ශ්‍රී ලංකා පිල ජාත්‍යන්තර තරගාවලියකට සහභාගිවීමට නියමිත බැවින් මෙම වසර් අතිශය කාර්යය බහුල වසරක් ලෙස හැඳින්විය හැක. ඒ අතරේදී අගෝස්තු මස ආසියානු කුසලාන තරගාවලියට සත්කාරකත්වය දරනු ලබන ශ්‍රී ලංකාව ඔක්තෝම්බර් මසදී ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පිටත්ව යනු ඇත. මෙම ජාත්‍යන්තර තරගාවලිවලට අමතරව ශ්‍රී ලංකාව අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියද පැවැත්වෙනු ඇත.

තරග වැදීමට නියමිත තරගාවලි අතර දීර්ඝතම තරගාවලිය බවට පත්ව ඇත්තේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය වේ. එම තරගාවලියට ආකෘතීන් තුනම ඇතුළත්වීම විශේෂත්වයකි. ටෙස්ට් තරග 2 ක්, ඔක්දින තරග 5 ක් සහ විස්සයි-20 තරග 3 ක් එම සංචාරයට ඇතුළත්ය.

මේ අතර ඉන්දියාවට එරෙහිව අවස්ථා 2 කදී තරගාවලි දෙකකට ශ්‍රී ලංකාව සහභාගිවීමට නියමිත අතර එම තරගාවලි දෙකම ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතව තිබේ. පෙබරවාරි සහ මාර්තු මසදී ටෙස්ට් තරග 2 කට සහ විස්සයි-20 තරග 3 කට ඉන්දියාවට යන ශ්‍රී ලංකා පිල නැවතත් දෙසැම්බර් මසදී ද ඉන්දියාවේ තරග කිරීමට නියමිතවේ. දෙසැම්බර් මස තරගාවලිය ස්ථීර වී තිබුණත් එම සංචාරයේදී සහභාගිවන්නේ කුමන ආකෘතියේ තරගද යන්න මේ වන විටත් තීරණය වී නොමැත.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest