slc
Home   |    News
පෙබරවාරි 22, 2022
පවන්ත හා රවිඳුගෙන් ද්විත්ව ශතක

sinhala editor

අන්තර සමාජ නැගීඑන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනය වූ අද (19) ප්‍රථම වරට සී.සී.සී නායක පවන්ත වීරසිංහ සහ කෝල්‍ට්ස් කණ්ඩායමේ රවිඳු රසන්ත ද්විත්ව ශතක රැස්කිරීමට සමත්විණි. සී.සී.සී නායක පවන්ත වීරසිංහ ගුවන් හමුදාවට එරෙහි තරගයේදී පන්දු 262කට මුහුණදී හතරේ පහර 23ක් සමඟ නොදැවී ලකුණු 200ක්ද කෝල්ට්ස් කණ්ඩායමේ රවිඳු රසන්ත පන්දු 245කදී හතරේ 28 ක් සහ හයේ පහර හතරක් සමඟ නොදැවී ලකුණු 224ක්ද රැස්කිරීමට සමත්වූහ. මීට අමතරව තවත් පිතිකරුවන් තිදෙනෙකුම අද (19) දිනයේද ශතක ලබාගත්හ. තරුණ  පිතිකරුවන් රැසක්ම මේ තරගාවලියේ ලකුණු අතර සිටීමද විශේෂත්වයකි.

සී.සී.සී. ලකුණු 140 ක් ඉදිරියෙන්

කටුනායකදී පැවත්වෙන සී.සී.සී. – ශ්‍රි ලංකා ගුවන් හමුදාව අතර තරගයේ මුල් ඉනිම නිමාවන විට සී.සී.සී. ලකුණු 140කින් ඉදිරියෙන් සිටියේ ය. සී.සී.සී. නායක පවන්ත වීරසිංහ ප්‍රථම දින නිමවන විට නොදැවී ලකුණු  92ක් ලබා සිටී අතර සී.සී.සී. ප්‍රථම ඉනිම නිමවනවිට ඔහු නොදැවී ලකුණු 200ක් ලබා සිටියේ පන්දු 262කට මුහුණු දී හතරේ පහර 23ක් සමගය.

ගුවන් හමුදාව මුල් ඉනිම 129 යි – ( කළණ විජේසිරි 21,දෙවිඳු කැකිරිදෙණිය 16/3, සුගත් මෙන්ඩිස් 24/3) සහ දෙවැනි ඉනිම දෙවැනි ඉනිම පන්දුවාර 25 කදී කඩුලු 1ට 49 යි.

සී.සී.සී. පළමු ඉනිම පන්දුවාර 98.3කදී සියල්ල දැවී 369 යි – (පවන්ත වීරසිංහ නොදැවී 200, චමිඳු විජේසිංහ 49, කෙමිර විජේනායක 49/3, මොවින් සුබසිංහ 97/3)

හලාවත මේරියන්ස් ලකුණු 154ක් ඉදිරියෙන්

හලාවත මේරියන්ස් කණ්ඩායමේ අංක තුන පිතිකරු සුඛිත මනෝජ් කුරුණෑගල යූත් සමග තරගයේදී පන්දු 204කදී හතරේ 11ක් සමග නොදැවී ලකුණු 110ක් රැස්කර ගැනීමෙන් මේරියන්ස්ට ප්‍රථම ඉනිමේදී කඩුලු හයකට ලකුණූ 334ක් වැනි විශාල සංඛ්‍යාවකට යාමට අවස්ථාව උදාවිණී. හලාවත මේරියන්ස් කණ්ඩායමේ තවත් පිතිකරුවන් තිදෙනෙකුම මෙදින අර්ධශතක වාර්තා කළහ.

කුරුණෑගල යූත් මුල් ඉනිම  180 යි – ( දුලාජ්   රණතුංග 70,රවීන් යසස් 33/3)  සහ දෙවැනි ඉනිම පන්දුවාර 13 කදී කඩුලු 1ට ලකුණු 46 යි)

හලාවත මේරියන්ස් මුල් ඉනිම පන්දුවාර 85කදී කඩුලු 6ට 334 යි – (සුඛිත මනොජ් 110 යි, තරිඳු ජයසේකර 85,දසුන් සෙනවිරත්න 59 යි,රවින් යසස් 52 ,ප්‍රවීන් රාමයියා 36/2 ,ගිහාන් අංජන 67/2)

කොල්ට්ස් ප්‍රබල තත්ත්වයක

කොල්ට්ස් කණ්ඩායමේ රවිඳු රසන්ත පන්දු 245කදී හතරේ 28ක් සහ හයේ හතරක් සමග නොදැවී ලකුණු 224ක්ද අවිශ්ක පෙරේරා පන්දු 228කදී හතරේ 25ක් සමග ලකුණූ 172ක් ද රැස් කිරීම මත ඔවුනට කඩුලු 2කට ලකුණු 445ක් ලබා ප්‍රබල තත්ත්වයකට පත් වීමට අවස්ථාව උදා විණී.

කළුතර නාගරික පළමු ඉනිම පන්දුවාර 49.2කදී 125යි – ( ඉන්දික සිරිවර්ධන 34,හර්ෂ වික්‍රමසිංහ 49/4) සහ දෙවන ඉනිම පන්දුවාර 39දී කඩුලු 3ට 91 යි – (අම්රිච් කෝල් 46, රොහාන් සංජය 33/2)

කොල්ට්ස් පළමු ඉනිම පන්දුවාර 84කදී කඩුලු 2ට 445 යි – (රවිඳු රසන්ත නොදැවී 224 අවිශ්ක පෙරේරා 172 යි)

එන්.සී.සී. ප්‍රබල තත්ත්වයක

ප්‍රථම ඉනිමේදී කඩුලු 9කට ලකුණු 418ක් රැස්කළ එන්.සී.සී.කණ්ඩායම පසුව බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම පසුව බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම මුල් ඉනිමේදී ලකුණු 154කට දවා ප්‍රබලම තත්ත්වය පසුවිය.

එන්.සී.සී පළමු ඉනිම පන්දුවාර 105කදී කඩුලු 9ට 418යි – (දිනෙත් ජයකොඩි 104, ජොහාන් සිල්වා 100, හසිත බෝයගොඩ 91, රාජේවන්ද්‍ර අරවින්ත් 94/5 යි)

බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම පන්දුවාර 72කදී සියල්ල දැවී 154යි – (කවින් නරේෂ් 52, අෂන් ප්‍රනාන්දු 48, යූගීෂ දිෂන් 48/6, කවිඳු ඊස්වර 30/3 යි) සහ දෙවන ඉනිම කිසිවෙකු නොදැවී 8යි.

යුද හමුදාව ජයග්‍රහණය අභියස

ශ්‍රී ලංකා යුද හමුදාව මුල් ඉනිමේදී ලකුණු 291ක් ලබා පසුව කැන්ඩි කස්ටම් මුල් ඉනිමේදී ලකුණු 72කටත් දෙවන ඉනිමේදී ලකුණු 187කට කඩුලු හයක්ද ලබා වේලාසනින් ජයගන්නා තත්ත්වයක පසුවේ.

යුද හමුදාව 291යි – (ෂෙහාන් ප්‍රනාන්දු 100, පැතුම් බොතේජු 61, තිමිර මල්ෂාන් 59/2යි)

කැන්ඩිකස්ටම් පළමු ඉනිම පන්දුවාර 26.5කදී  සියල්ල දැවී 92යි – (රවින් ෆොන්සේකා 19, ලක්ෂාන් ගමගේ 23/5) සහ දෙවන ඉනිම පන්දුවාර 59කදී කඩුලු 6ට 187යි – (සජිත් ද සිල්වා නොදැවී 34, අවිශ්ක හසරින්ද 29, අෂාන් දිල්හාර 37/2, ෂෙහාඩ් සොයිසා 51/2)

මුවර්ස් ප්‍රබල සටනක

මුවර්ස් සහ නාවික හමුදාව අතර පවතින තරගයේ වැඩිවාසි අත්කර ගැනීමට මුවර්ස් කණ්ඩායම ප්‍රබල සටනක නියැළි සිටී. මුවර්ස් දෙවන ඉනිමේදී ජනිෂ්ක පෙරේරා ලකුණු 95ක් රැස්කිරීමට සමත්විය.

මුවර්ස් පළමු ඉනිම සියල්ල දැවී 263යි – (දිනුක දිල්ෂාන් 111) සහ දෙවන ඉනිම පන්දුවාර 49කදී කඩුලු 8ට 174යි – (ජනිෂ්ක පෙරේරා 95, සුදාර දක්ෂණ 53/4යි)

නාවික හමුදාව මුල් ඉනිම පන්දුවාර 53.1කදී සියල්ල දැවී 151යි – (සුලේකා ශ්‍රී සාන් 24, සුදාර දක්ෂණ 21, තිෂාන් විතුෂාන් 34/6යි)

ගාල්ලෙන් ප්‍රබල පිළිතුරක්

බී.ආර්.සී.සහ ගාල්ල අතර තරගයේදී ගාල්ල කණ්ඩායමේ කවිඳු දිල්හාර (96) සහ හරින් බුද්දිල (83) ලකුණු රැස්කිරීමේදී පෙන්වු විශිෂ්ට දස්කම් මත ගෝල් කණ්ඩායමට ලකුණු 367ක් වැනි විශාල සංඛ්‍යාවකට යාමට අවස්ථාව උදාවිණි.

බී.ආර්.සී.පළමු ඉනිම සියල්ල දැවී 191යි – (චමෝද් සඳරු 46, හරින් බුද්දිල 38/2යි) සහ දෙවන ඉනිම පන්දුවාර 38දී කඩුලු 2ට 135යි – (කවිඳු එදිරිවීර නොදැවී 42, විනුර දුල්සර 34, කවින් දිල්හාර 18/1යි)

ගාල්ල පළමු ඉනිම පන්දු වාර 81.4කදී 367යි – (කවිඳු දිල්හාර 96, හරින් බුද්දිල 83, සවිඳු උත්සර 85/3යි)

පානදුර කඩුලු 7 ට ලකුණු  429 යි

පානදුර කණ්ඩායමේ කෝසල රවිඳු පන්දු 210කදී හතරේ 15ක් හයේ පහරක් සමඟ ලකුණු 152ක් රැස්කිරීමෙන් ඔවුනට ලකුණු 429ක් වැනි සංඛ්‍යාවකට යාමට අවස්ථාව උදාවිණි.

බදුරලිය පළමු ඉනිම 249යි – (මළිඳු මධුරංග 81, සසංක නිර්මාල් 76/4යි)

පානදුර පන්දුවාර 116කදී කඩුලු 7ට 429 යි – (කෝසල රවිඳු 152, ශෂික නිර්මාල් නොදැවී 64, තරිඳු වික්‍රමසිංහ 105/4යි)

එස්.එස්.සී – සෙබස්ටියනයිට්ස් කරට කර

කණ්ඩායම් දෙකම මෙහිදී තියුණු සටනක නියැලුණු දක්නට ලැබිණි

සෙබස්ටියනයිට්ස් මුල් ඉනිම 221 – (මනෙල්ක ද සිල්වා 103, විහාන් ගුණසේකර 40, ලක්ෂාන් මුනසිංහ 66/4යි) සහ දෙවන ඉනිම කඩුලු 5ට 205යි – (සඳුන් ප්‍රනාන්දු 77, විසල් සිල්වා 36, ලක්ෂිත මාරසිංහ 49/2යි)

එස්.එස්.සී මුල් ඉනිම පන්දුවාර 59.2කදී ලකුණු 208යි – (සදිෂ රාජපක්ෂ 64, දිනෙත් සිරිවර්ධන 25, ටෙහාන් සාෆ්ටර් 15/4යි)

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest