slc
logo
Home   |    News
මාර්තු 7, 2022
කැන්ඩි නායක කමිඳුගෙන් ශතකයක්

sinhala editor

පල්ලේකැලේ පැවැති නැෂනල් සුපර් ලීග් තරගාවලියේ කැන්ඩි -ජැෆ්නා තරගය විසඳුමකින් තොරව නිමාවට පත්වූයේ කැන්ඩි කණ්ඩායම තරගයේ වැඩි ගෞරව අත්කර ගනිමිනි. සෙනසුරාදා (5) තරගය නිමවන විට දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි කැන්ඩි කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 25ක් ලබාසිටි අතර ඔවුන් අද (6) තවත් ලකුණු 298ක් රැස්කළේ පිතිකරුවන් පස්දෙනෙකු පමණම දැවීයාමෙනි. කැන්ඩි දෙවන ඉනිම සඳහා කඩුලු පහකට ලකුණු 322ක් ලබා සිටියදී සවස 5ට තම ඉනිම නතර කිරීමත් සමඟ තරගයද නිමාවිණි.

කැන්ඩි දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙද්දී ලකුණු 59කට කඩුලු තුනක් දැවීසිටියදී නායක කමිඳු මෙන්ඩිස් අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් සිව්වන කඩුල්ලට ළහිරු උදාර සමඟ පන්දු 167කදී ලකුණු 110ක්ද පස්වන කඩුල්ලට සහන් ආරච්චිගේ සමඟ ලකුණු 153ක්ද (පන්දු 264) රැස්කරමින් කණ්ඩායම ප්‍රබල තත්ත්වයකට පත්කළහ.

දිනයේ කැපීපෙනුණු ක්‍රීඩකයා බවට පත්වූ කමිඳු මෙන්ඩිස් ලකුණු 137ක් රැස්කළේ පන්දු234කට මුහුණදී හතරේ පහර දහයක් සහ හයේ පහර දෙකක්ද සමඟිනි.

මෙදින ලකුණු අතර සිටි අනෙකුත් පිතිකරුවන් වූ ළහිරු උදාර පන්දු 89කදී හතරේ අටක් සමඟ ලකුණු 65ක්ද සහන් ආරච්චිගේ පන්දු 135කදී හතරේ හතරක් හයේ පහරක් සමඟ ලකුණු 65ක්ද ලැබූහ. දුනිත් වෙල්ලාලගේ මෙදින දක්ෂ පන්දු යැවීමක නිරත වූයේ ලකුණු 66කට කඩුලු තුනක් දවාලමිනි.

කැන්ඩි මුල් ඉනිම 503/9යි 135.2යි – (සහන් ආරච්චිගේ 162යි, කසුන් විදුර 67,ඕෂද ප්‍රනාන්දු 50, ළහිරු උදාර 50, අෂේන් ඩැනියල් 38, කමිල් මිෂාර 35,අවිඳු තීක්ෂණ නොදැවී 28, නිපුන් මාලිංග 68/3, කසුන් මධුෂ්ක 78/2,සංතූෂ් ගුණතිලක 55/2)

පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී

කැන්ඩි මුල් ඉනිම 503/9යි (135.2යි) – (සහන් ආරච්චිගේ 162යි, කසුන් විදුර 67, ඕෂද ප්‍රනාන්දු 50, ළහිරු උදාර 50, අෂේන් ඩැනියෙල් 38, කමිල් මිෂාර 35, අවිඳු තීක්ෂණ නොදැවී 28, නිපුන් මාලිංග 68/3, කසුන් මධුෂ්ක 78/2, සංතූෂ් ගුණතිලක 55/2)

ජැෆ්නා මුල් ඉනිම 318යි පන්දුවාර 92.4 – (ජනිත් ලියනගේ 85, සමිඳ ප්‍රනාන්දු 73, නිශාන් මධුෂ්ක 56, ගීත් කුමාර 58, අවිඳු තීක්ෂණ 135/5යි, අසිත ප්‍රනාන්දු 43/2යි)

කැන්ඩි දෙවන ඉනිම කඩුලු 5ට 322 පන්දුවාර 88 – (කමිඳු මෙන්ඩිස් 137, ළහිරු උදාර 65, සහන් ආරච්චිගේ නොදැවී 65, ලසිත් කෲස්පුල්ලේ 31, දුනිත් වෙල්ලාලගේ 66/3)

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee