slc
Home   |    News
මාර්තු 4, 2022
දඹුල්ල ලකුණු 277 කට දැවී යයි

sinhala editor

නැෂනල් සුපර්ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන සති අන්තයේ ප්‍රථම දිනය වු අද (මාර්තු 03) කැන්ඩි ජැෆ්නා තරගයේදී කැන්ඩි කඩුලු 3කට ලකුණු  243ක් ද දඹුල්ල – කළම්බු තරගයේදී දඹුල්ල ලකුණු 277ක්ද රැස් කරමින් ස්ථාවර තත්ත්වයන් පෙන්නුම් කළහ.

මහනුවර පල්ලකැලේ පැවති කැන්ඩි – ජැෆ්නා තරගයේදී ජැෆ්නා කාසියේ වාසිය දිනා කැන්ඩි කණ්ඩායමට පන්දුවට පහරදීමට ආරාධනා කිරීමෙන් පසු සවස් තේ පානයෙන් මදක් ගතවද්දී අයහපත් කාලගුණයේ බලපෑමෙන් තරගය නතර කරන විට කැන්ඩි කණ්ඩායම කඩුලු පහකට ලකුණූ 243ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවූයේ තම මුල් ඉනිමට ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් ලබාගන්නා ඉඟි පළ කරමිනි.

කොළඹ ආර් .ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවත්වෙන දඹුල්ල – කළම්බු තරගයේදී දඹුල්ල කාසිය වාසිය දිනා පන්දුවට පහරදෙමින් පන්දුවර 76.3කදී සියලු පිතිකරුවන් දිනය නිමවීමට පැයකට කළින් ලකුණූ 277ක් ලබා ගත්තත් කළම්බු ඊට නොදැවෙනි පිළිතුරක් දුන්නේ කිසිවෙකු  නොදැවී ලකුණූ 46ක් රැස් කරමිනි.

මේ තරග දෙකේදීම වැඩිපුරම පිතිකරුවන්ගේ දක්ෂතා කැපී පෙණුනු අතර කිසිදු පන්දු යවන්නෙකු කඩුලු තුන ඉක්මවා ලබා ගැනීමට අපොහොසත් වූහ. කැන්ඩි කණ්ඩායමේ ඕෂද ප්‍රනාන්දු (50) සහ ළහිරු උදාර (50) අර්ධශතක රැස් කළ අතර දඹුල්ල කණ්ඩායමේ අෂාන් ප්‍රියන්ජන් (61) සහ චමිඳු විජේසිංහ ද (නොදැවී  54) අර්ධ ශතක වාර්තා කළහ.

පල්ලේකැලේ පැවති කැන්ඩි ජැෆ්නා ගැටුමේදී ඔවුනට කඩුලු 5කට ලකුණු 243ක් ලබා ගැනීමට වැඩිපුරම දායකත්වයක් ලබා දුන් ඕෂද ප්‍රනාන්දු ලකුණු 50ක්ද ළහිරු උදාර ලකුණු 50ක්ද  කමිල් මිෂාර ලකුණු 35ක්ද නායක කමිදු මෙන්ඩිස් ලකුණු 24ක්ද  ලැබූ අතර ඔවුනගේ හොඳම සබඳතාවය වුයේ  පස්වන කඩුල්ලට නායක කමිඳු මෙන්ඩිස් සහ සහන් ආරච්චි පන්දු 81කදී එක්කළ ලකුණු 55 ය.

සංතූෂ් ගුණතිලක පමණක් කඩුලු දෙකක් දවාලුවේ ලකුණු 30ක් ලබාදෙමිනි. ආරම්භක  පිතිකරු ළහිරු උදාර මේ තරගයේදී අංක පහ ස්ථානයට පැමිණ අර්ධ ශතකයක්  ලබා ගැනීමට ඔහු පෙන්නුම් කළේ මැද පෙළ  පිතිකරුවකු ලෙසද ඔහුගේ හැකියාවන් ය.

මාලිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති දඹුල්ල – ගෝල් ගැටුමේදී දඹුල්ල කණ්ඩායමෙන් සාර්ථක සබඳතා දෙකක්ම වාර්තා විණී.

තෙවන කඩුල්ලට අෂාන් ප්‍රියංජන් සහ ලියෝ ෆ්‍රැන්සිස්කෝ පන්දු 126 කදී ලකුණු 77ක්ද නවවන කඩුල්ලට චමිදු විජේසිංහ සහ මලින්ද පුෂ්කුමාර පන්දු 97කදී ලකුණු 63ක්ද ලැබීම එම සබදතාවයන්ය කැපී පෙනුණු  පිතිකරුවන් වූහ. කළම්බු කන්ඩායමේ  දක්ෂතම පන්දු යැවීම වාර්තා වූයේ ලක්ෂිත මනසිංහ ලකුණු 78කට දවාලු කඩුලු තුනය. මීට අමතරව කසුන් රාජිත, නිසල තාරක  සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු දෙක බැගින් දවාලූහ.

ලකුණු පුවරුව

පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී

කැන්ඩි පන්දුවාර 68 කදී කඩුලු 5 ට ලකුණු 243 යි – (ඕෂද ප්‍රනාන්දු 50, ළහිරු උදාර 50, සහන් ආරච්චිගේ නොදැවී 41, කමිල් මිෂාර 35, කමිඳු මෙන්ඩිස් 24, කසුන් විදුර නොදැවී 22, සංතූෂ් ගුණතිලක 30/2, නිපුන් මාලිංග 15/1)

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

දඹුල්ල පන්දුවාර 76.3කදී සියල්ල දැවී 277යි – (අෂාන් ප්‍රියංජන් 61, චමිඳු විජේසිංහ නොදැවී 54, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 36, ළහිරු සමරකෝන් 35, මාලින්ද පුෂ්පකුමාර 35, ලක්ෂිත මනසිංහ 78/3, කසුන් රාජිත 32/2, නිසල තාරක 57/2, ප්‍රභාත් ජයසූරිය 57/2)

කළම්බු පන්දුවාර 10කදී කිසිවකු නොදැවී 46යි  – (නිපුන් ධනංජය නොදැවී 24, ක්‍රිෂාන් සංජුල නොදැවී 18යි)

  • බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest