slc
Home   |    News
මාර්තු 20, 2022
සංගීත් සහ පබසරගෙන් ශතක පිට ශතක

sinhala editor

ජැෆ්නා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයේදී ගොල් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා සංගීත් කුරේ (160) සහ පබසර වඩුගේ (108) ශතක වාර්තා කිරීමට සමත්වීම නිසා තරගයේ තෙවන දින වූ අද ( 19) පළමු ඉනිමේදී ලකුණු 190 ක වාසියක් ලබා ගැනීමට ගෝල් කණ්ඩායමට හැකියාව ලැබිණ.

ජැෆ්නා ප්‍රථම ඉනිමේදී සියල්ල දැවී රැස්කළ ලකුණු 257ට පිළිතුරු ලෙස ගොල් තම මුල් ඉනිම සඳහා පන්දුවට පහරදීමට පිටියට පිවිසි අවස්ථාවේ සංගීත් කුරේ සහ පබසර වඩුගේ ජැෆ්නා පිලට කදිම පිළිතුරක් දුන්නේ  මුල් විකට්ටුවට ලකුණු 208ක්ම රැස් කරමිනි. එම සබඳතාවයට මොවුන් දෙදෙනා වැය කරන ලද්දේ පන්දු 315 ක් පමණි.

මොවුන් දෙදෙනා අතුරින්ද වඩාත් කැපී පෙනුණු පිතිකරුවා වූ සංගීත් කුරේ ලකුණු 160 රැස් කලේ පන්දු 263කට මුහුණ දී  හතරේ පහර 13ක් සමගය. සංගීත් කුරේ කණ්ඩායමේ දෙවන හොඳම සබඳතාවයටද දායක වූයේ දෙවන කඩුල්ලට හසාන් දුමිඳු (54) සමග ලකුණු 95ක සබඳතාවයක් පවත්වා ගනිමිනි. අනෙක් ශතක ලාභියා වූ පබසර වඩුගේ ලකුණු 108ක් රැස්කළේ දර්ශනීය හයේ පහර දෙකක් සහ හතරේ පහර ‍දහයක් සමගිනි.

ආරම්භක පිතිකරුවන් දෙදෙනාට අමතරව ගෝල් කණ්ඩායම වෙනුවෙන් තවත් අර්ධ ශතක දෙකක් වාර්තා වූයේ සුමින්ද ලක්ෂාන් (57) සහ හෂා‍න් දුමිඳු (54)ය. සුමින්දලක්ෂාන් පන්දු 75කට මුහුණදී හතරේ හයක් සමඟ ලකුණු 57ක්ද හෂාන් දුමිඳු පන්දු 99කදී හයේ පහරක් සහ හතරේ හතරක් සමඟ ලකුණු 54ක් ද රැස්කළේ තම රාජකාරියන් මනාව ඉටුකරමිනි.

සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේ ජැෆ්නා ප්‍රථම ඉනිමේදී රැස්කළ ලකුණු 254ට පිළිතුරු ලෙසින් තෙවන දිනය වූ අද දිනය නිමවීමට පැයකට කළින් ගෝල් තම ඉනිම නිමකළේ කඩුලු 9කට ලකුණු 444ක් (පන්දු වාර 114.5ක්) ලබාසිටියදී. මෙදින තරගය නිමවන විට ජැෆ්නා දෙවන ඉනිම සඳහා කිසිවෙකු නොදැවී ලකුණු 43ක් ලබාසිටියේය.

මුල් ඉනිමේදී ජැෆ්නා පන්දු යවන්නන් අතුරින් කැපීපෙනුණු ශෂික දිල්ෂාන් ලකුණු 146කට කඩුලු හතරක්ද ජනිත් ලියනගේ ලකුණු 53කට කඩුලු 3ක් දවාලූහ. මේ තරගයේ අවසාන දිනය ඉරිදා (20) වේ.

ලකුණු විස්තරය

ජැෆ්නා පළහු ඉනිම 254 පන්දුවාර 83.5 – (නුවන් ප්‍රදීප් නොදැවී 37, නවෝද් පරණවිතාන 34, නිශාන් මධුෂ්ක 29, කල්හාර සේනාරත්න 29, සංතූෂ් ගුණතිලක 28, සමිඳ ප්‍රනාන්දු 27, සුමිඳ ලක්ෂාන් 28/4, දිල්ෂාන් මධුෂ්ක 51/3)

ගෝල් පළමු ඉනිම කඩුලු 9ට 444 පන්දුවාර 114.5යි – (සංගීත් කුරේ 160, පබසර වඩුගේ 108, සුමිඳු ලක්ෂාන් 57, හෂාන් දුමිඳු 34, චානක රුවන්සිරි 29, ශෂික දිල්ෂාන් 146/4, ජනිත් ලියනගේ 53/3යි)

ජැෆ්නා දෙවන ඉනිම කිසිවෙකු නොදැවී 43 පන්දුවාර 12යි – (නිශාන් මධුෂ්ක නොදැවී 21, නවෝද් පරණවිතාන නොදැවී 22)

Active filters

Recent Posts

  • නිමේෂ් විමුක්තිට ‘ඒ’ කණ්ඩායමේ දොරටු විවර වෙයි
    දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ හෙට (03 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා […]
  • පළමු ශතකය උපුල් තරංගගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රථම ශතක ලාභියා බවට පත්වීමට  එන්. සී. සී. කණ්ඩායමේ උපුල් තරංග අද (02 දා) සමත්වූවේය. […]
  • ඇෆ්ගනිස්තානය එක්දින තරගාවලියේ පෙරමුණට
    පසුගිය වසර කීපය පුරාවටම පිතිකරුවන් දක්වන ලද අසාර්ථක භාවය අද (02) දිනයේදිත් පෙන්නුම් කිරීම නිසා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම […]
  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
USD United States (US) dollar

Pin It on Pinterest