slc
logo
Home   |    News
දෙසැම්බර් 27, 2022
ආත්ම විශ්වාසය තරගාවලියේ වීරයා සම්මානය දක්වා මා රැගෙන ගියා සධීර සමරවික්‍රම

sinhala editor

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මානය දිනාගැනීම  තමාට  අවස්ථාව උදාවුයේ තමා කෙරෙහිම  පැවැති දැඩි ආත්ම විශ්වාසය නිසා යැයි තරගාවලායේ  දක්ෂතම ක්‍රීඩකයා  සධීර සමරවික්‍රම තරගාවලියෙන්   පසුව  ප්‍රකාශ කළේය .

මීට  පෙර   පැවැති   එල්.පී.එල්.  තරගාවලියන්හීදී   තමා   සහභාගිවී   ඇත්තේ  තරග   දෙකකට    පමණක්   යැයිද   එහිදීද   එක්  ඉනිමක  ලකුණු නොලබාත්  අනෙක්  ඉනිමේදී   ලකුණු දෙකකටත්  දැවී  ගිය  බව පවසන   සධීර  සමරවික්‍රම  මෙතෙක්  පැවැති  තරගාවලියන් තුනේදීම කණ්ඩායම් පහට ක්‍රීඩකයන් නම් කරන කෙටුම්පත්  (Player Draft ) සකස්  කිරීමේදී   එකදු   වාරයක්    හෝ  ඊට  ඇතුළත්    නොවු    බවද   පවසයි.

මේ  සෑම  අවස්ථාවකම  කණඩායමට    ඇතුළත්වීමට   තමාට අවස්ථාව  උදාවුයේ  අතිරේක  ක්‍රීඩකයෙකු ලෙස  යැයිද කී සදීර මෙවරත් ජැෆ්නා කින්ග්ස්   කණ්ඩායමට අතිරේක ක්‍රීඩකයෙකු ලෙස නම් කරන  අවස්ථාවේ   ප්‍රථම    තරග   හතරට  පහට තමන්   ක්‍රීඩා   නොකරන    බව දැන්වුවත් වාසනාවකට   මෙන්   මුල  සිටම  ක්‍රීඩා කිරීමට   අවස්ථාව උදාවු    බවද සඳහන් කර සිටියේය.

ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු සහ   කඩුලු   රකින්නා ලෙස   ක්‍රියා  කරන රාමනුල්ලා ගුර්බාස් ආබාධයකට ලක්වීමෙන් පසු    එම කාර්යය භාරය තමාට පැවැරුණ බව  කී  සධීර සමරවික්‍රම  ආබාධ සුවවීමෙන්  පසුවත්   කඩුලු රැකීමේ  කාර්යය දිගටම  ඉටු  කරන්නැයි ගුර්බාස් තමාට  කළ  ඉල්ලීම  සහ ලබාදුන්  ධෛර්යය මත   තමාට   දිගටම   ලකුණු රැස් කිරීමේදි  සහ කඩුලු    රැකීමේදී    දක්ෂතා දැක්වීමට    අවස්ථාව   සැළසුණු  බවද  කීය.

“මෙයට  කළකට   පෙර  මා ශ්‍රී  ලංකා කණ්ඩායමට ඇතුළත්ව  සිටියා. ලකුණු   අතරට    නොපැමිණිම  මත    මට   එයින්   ඉවත්වීමට    සිදු  වුවත්  මෑත  කාලයේ    පැවැති    අන්තර්  සමාජ    සහ    ක්‍රිකට්  ආයතනයේ   මේජර් ලීග්    තරගයන්හී     දස්කම්පෑම  මත   ලංකා ප්‍රිමියර් ලීග් තරහාවලියට    අතිරේක ක්‍රීඩකයෙකු ලෙස තෝරාගනු   ලැබුවා. පීඩනය සමග කණ්ඩායමට  ඇතුළත්ව    දක්ෂතා පෙන්වීමට    ලැබීම  සතුටක්  සහ    වාසනාවක්.    ඒත්    තරගාවලියේ දක්ෂතම  ක්‍රීඩකයා  වේයැයි    මාගේ  සිතේ  කොනකව තිබුණේ නෑ” යැයිද තරගාවලියේ වීරයා  සධීර පවසයි.

මෙවර  ලංකා  ප්‍රිමියර් ලීග් තරගාවලියට   සහභාගි  වන විට   තම අපේක්ෂාව වී තිබුණේ පිතිකරුවන් අතුරින්  ප්‍රථම  පස්දෙනා අතරට   පිවිසීම   බවත්  කී  සධීර සමරවික්‍රම පසුව   තරගාවලිය නිමාවන  අවස්ථාවේ   හොදම  පිතිකරුවකු  සහ  කඩුලු  රකින්නෙකු ලෙසට  තරගාවලියේ වීරයා වීම  භාග්‍යයක්  ලෙස  සලකන බවද   කීය.

එල්.පී .එල් තරගාවලියට  පෙර  ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ  පුහුණුතරග   දෙකේදී   ඉනිමක  අර්ධශතකයක්  රැස්කිරීම   තමාට   අවස්ථාව උදාවූ  බව කී    සධීර සමරවික්‍රම   කැපවීමෙන්  දැඩි  මහන්සියකින්    පුහුණුව   ලැබීම මත   තමාට   නැවත   ජාතික    සහ  ජාත්‍යන්තර   දොරටු විවෘත වීම  පිළිබදව   සතුටුවන  බවද  කීය.

එල්.පී.එල්    තරගාවලියේ දී  දස්කම්    දැක්වීමට    අතදී  උනන්දු කළ  රහ්මනුල්ලා ගුර්බාස්ට සහ  පුහුණු කරු තිළිණ  කන්දම්බිට   ස්තුතිවන්ත වන බව කී  සධීර සමරවික්‍රම  තමාව නිතර  දිරිගන්වන  තම  පියාට සහ බිරිදට    කෘතඥවන  බවද  පවසයි

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee