slc
logo
Home   |    News
දෙසැම්බර් 7, 2022
ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා සමග දඹුල්ල අද සටන් බිමට

sinhala editor

ලංකා ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ පළමු කඩුලු ත්‍රිත්වය වාර්තා කළ වනිඳු හසරංගගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ පිටියට පිවිසෙන කැන්ඩි ෆැල්කන්ස් පිලට එරෙහිව කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ගෝල් ග්ලැඩියේටර්ස් පිල මුහුණ දෙන ආකාරය කෙසේද යන්න පිළබඳව අද (7) දිනයේ හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ බොහෝ දෙනකුගේ අවධානයට යොමුව පවතී.

එමෙන්ම ඊයේ දිනයේ ජයග්‍රාහීව සිය ගමන ආරම්භ කළ පසුගිය එල්පීඑල් තරගාවලි ද්විත්වයේදීම ශූරතාව දිනාගත් තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ශ්‍රී ලංකා විස්සයි 20 නායක දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් දඔුල්ල ජයන්ට්ස් පිලට එරෙහිව තරග වදින ආකාරය දැකබලා ගැනීමට ද විශාල පිරිසක් උනන්දුවෙන් පසුවේ.

මෙම තරග දෙකේදීම ප්‍රබල ක්‍රීඩකයන් එකිනෙකා මුණ ගැසෙන හෙයින් උණුසුම් සටන් දැක බලා ගැනීමේ හැකියාව ක්‍රීඩා ලෝලීන්ට ලැබෙනු ඇත.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තෙවැනි අදියර ආරම්භ කරමින් ඊයේ (6) පැවති පළමු තරගයෙන් ලකුණු 24ක ජයක් හිමි කර ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වූ අතර, දෙවැනි තරගයේදී කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම ලකුණු 109ක ජයක් වාර්තා කළේය.

අවසන් වරට පසුගිය වසරේදී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී කැන්ඩි ෆැල්කන්ස් පිල හා ගෝල් ග්ලැඩියේටර්ස් පිල අවස්ථා දෙකකදී හමුවී සමබර දක්ෂතා දැක්විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ගෝල් ග්ලැඩියේටර්ස් පිල කඩුලු 4ක ජයක් වාර්තා කළ අතර, එම තණතිල්ලේදීම කැන්ඩි ෆැල්කන්ස් කඩුලු 5ක ජයක් අත්කර ගත්තේය. එබැවින් අද පැවැත්වෙන තරගය දෙපිලටම වැදගත් වේ.

එහෙත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හා දඔුල්ල ජයන්ට්ස් පිල අතර අවසන් වරට 2021දී පැවැති එල්පීඑල් තරගාවලියේදී දඔුල්ල ජයන්ට්ස් පිල අවස්ථා දෙකේදීම අමිහිරි අත්දැකීම් ලබා තරගය නිමාවට පත් කළේය. එබැවින් එම ඉතිහාසය හොදින් මතකයේ ඇතිව දසුන් ශානක ප්‍රමුඛ පිරිවර අද හම්බන්තොට ක්‍රීඩා පිටියට පිවිසෙනු නොඅනුමාණය.

2021 දෙසැම්බර් 7දා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හා දඔුල්ල ජයන්ට්ස් පිල අතර තරගයේදී කිංග්ස් පිල කඩුලු 8ක ජයක් හිමිකර ගත් අතර එම වසරේ දෙසැම්බර් 13දා පැවැති තරගයෙන් කඩුලු 7ක ජයක් හිමිකර ගැනීමට යළිත් වතාවක් ජැෆ්නා කිංග්ස් සමත් වූවේය. එම තරගයේදී දඔුල්ල ජයන්ට්ස් පිල ලකුණු 69කට දැවී ගිය අතර ඉනිම සුනු විසුණු කිරීමට මහීෂ් තීක්ෂණ (කඩුලු 3ක්) හා චතුරංග ද සිල්වා (කඩුලු 4ක්) සමත් වූහ.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දැනට වැඩිම ලකුණු කැන්ඩි ෆැල්කන්ස් පිලට ක්‍රීඩා කරන බටහිර ඉන්දීය කොදෙව් ජාතික ඇන්ඩි ෆ්ලෙචර් (102) හිමිකරගෙන සිටින අතර එම කණ්ඩායමේම පැතුම් නිශ්ශංක (71) දෙවැනි තැන හා ගෝල් ග්ලැඩියේටර්ස් පිලේ කුසල් මෙන්ඩිස් (51) තෙවැනි තැන සිටිති.

සිය පළමු තරගයේදීම කඩුලු 4ක් බිදහෙලූ කැන්ඩි ෆැල්කන්ස් පිලේ වනිදු හසරංග පන්දු යවන්නන් අතුරින් පෙරමුණේ පසුවන අතර, ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දු (3) දෙවැනි තැන හා කැන්ඩි ෆැල්කන්ස් පිලට ක්‍රීඩා කරන බටහිර ඉන්දීය කොදෙව් ජාතික ෆේබියන් ඇන්තනී ඇලන් (2) තෙවැනි තැන සිටිති.

Active filters

Recent Posts

  • අතරගල්ල දඹුල්ලේ පෙරමුණ පෙරළයි
    කොළඹ එස්.එස්.සි. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් අවසන් මහ තරගයේ දෙවැනි දිනට ක්‍රීඩාව නතර කර දමනා විට ගෝල් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබා දුන් ලකුණු 371 ක […]
  • බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයෝ එකට එක කරයි
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ යටතේ අද (28 දා) කොළඹ සී. සී. සී. ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි නිල නොවන යොවුන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා යොවුන් පිල පරදා කඩුලු 9 […]
  • දඹුලු  පන්දු යවන්නෝ ගාලු ඉදිරි පෙළ මෙල්ල කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමු දිනය බවට පත්වූ අද (27 දා) දිනයේදී තරගය නිමා කරන විට පළමුව […]
  • පිතිකරණයේ දුර්වලතාවයෙන් පළමු ජය ශ්‍රී ලංකාවට අහිමි වෙයි
    කඩුලු අතර ශක්තිමත් සම්බන්ධතාවන් ගොඩ නඟා ගැනීමට අපොහොස්ත්වීම ප්‍රධාන කොට සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (27 දා) පැවැති පළමු […]
  • විශ්මිගේ තැන හසිනිට
    සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee