slc
logo
Home   |    News
දෙසැම්බර් 16, 2022
ක්‍රිකට්  නිලවරණයට වැඩ අරඹයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණය සඳහා නිලවරණ කමිටුවක් පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙසැම්බර් 15 වැනි දින පියවර ගනු ලැබීය. විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ශිරෝමි පෙරේරා සහ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරි සුනිල් සිරිසේන යන මහත්ම මහත්මීහූ එම නිලවරණ කමිටුවට ඇතුලත්ව සිටිති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දෙසැම්බර් 15 පැවැති මහ සභා රැස්වීමකදී මෙම කමිටුව පත් කරගත් අතර, ක්‍රිකට් නිලවරණය ලබන වසරේ මැයි 20දා පැවැත්වීමට තීරණයවී ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරි නිලවරණය පැවැත්වීම උදෙසා එයට අදාලව පවතින නීති රෙගුලාසි සහ ව්‍යවස්ථාවට අනුකූලව මෙම නිලවරණ කටයුතු පැවැත්වීමට පියවර ගෙන ඇත. ක්‍රීඩා සංගමයක නිලවරණයක් ස්වාධීනව පැවැත්වීම උදෙසා නිලවරණ කමිටුවක් පත්කිරීම ක්‍රීඩා රෙගුලාසි අනුව සිදුවිය යුතුය. එම නිලවරණ කටයුතු අවසන්වන තෙක් සියළු වගකීම් මෙම නිලවරණය කමිටුව වෙත පැවැරෙනු ඇත.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee