slc
logo
Home   |    News
දෙසැම්බර් 4, 2022
LPL තෙවැන්නේ ප්‍රවේශපත් අලෙවිය ඇරඹෙයි

sinhala editor

ප්‍රේක්ෂකයින් නොඉවසිල්ලෙන් බලා සිටින ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් LPL තෙවැනි අදියර නැරඹීම සඳහා වන ප්‍රවේශ පත්‍ර අළෙවිය අද (04 දා) සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

ක්‍රීඩාංගණ 3 කදී ක්‍රියාත්මක වන මෙවර LPL තරගාවලියේ පළමු තරග 5 හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර තරග නැරඹීමට කැමැති ක්‍රීඩා  ලෝලීන්ට සිය ප්‍රවේශපත්‍ර මහින්ද රාජපක්ස ක්‍රීඩාංගණයේ පිහිටුවා ඇති ප්‍රවේශ පත්‍ර කවුලු මගින් ලබා ගත හැක. මීට අමතරව www.srilankacricket.lk යන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙබ් අඩෙවියට පිවිසීමේදී සිය ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගැනීමේ හැකියාව ක්‍රීඩා ලෝලීන්ට පවතින අතර රුපියල් 300, 500, 800, 2500, 3000, 7000 සහ 8000 යන මිල ගණන් යටතේ ප්‍රවේශ පත්‍ර අළෙවි කෙරෙනු ඇත.

අද සිට හම්බන්තොට තරග පැවැත්වෙන අවසන් දිනය වන දෙසැම්බර් 08 වැනිදා දක්වා එම ප්‍රවේශ පත්‍ර කවුලු පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා විවෘතව තැබෙනු ඇත. මීට අමතරව තරගාවලියේ මීළඟ තරග පැවැත්වෙන පල්ලකැලේ සහ කොළඹ ක්‍රීඩාංගණවල පැවැත්වෙන තරග සඳහා වන ප්‍රවේශපත්‍ර තරග ආරම්භ වීමට දින 3 කට පෙර එම ක්‍රීඩාංගණවලදී නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග ලබන දෙසැම්බර් 10 වැනිදාද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තරග දෙසැම්බර් මස 17 වැනිදාද ආරම්භ වනු ඇත. තරගාවලියේ අවසන් මහ තරගය ලබන දෙසැම්බර් මස 23 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

Active filters

Recent Posts

  • පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා බාළිකාවන්ට පහසු ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායමට හිමි දෙවැනි ඇඟ උණුහුම් කිරීමේ තරගයෙන් සැමෝවා කණ්ඩායමට එරෙහිව ලකුණු 76 ක ජයක් […]
  • සිංහ – කැංගරු සටනට තව එක්දින තරගයක් එක් වෙයි
    ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය යටතේ කළින් ප්‍රකාශයට පත් කළ පරිදි එක්දින තරගයක් වෙනුවට එක්දින තරග දෙකක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කර සිටියි. ක්‍රිකට් […]
  • පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා බාළිකාවෝ පරාජය වෙති
    ජනවාරි මස 18 වැනිදා සිට මැලේසියාවේදී පැවැත්වීමට නියමිත දෙවැනි වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පෙර සූදානමක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි පළමු […]
  • කණ්ඩායමේ දුර්වලතා ඉක්මනින්ම සකස් කරනවා – සනත් ජයසූරිය
     නවසීලන්තයේ පැවැති ශ්‍රී ලංකා – නවසීලන්ත විස්සයි 20 සහ එක්දින ක්‍රිකට් තරගාවලියන් දෙකේ දී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දක්නට ලැබුණු ඇතැම් දුර්වලතාවයන් ඉක්මනින්ම යළි සකස් කර ගැනීමට පියවර ගන්නා […]
  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee