slc
logo
Home   |    News
දෙසැම්බර් 23, 2022
සාර්ථකත්වයේ රහස ගැන කසුන් රාජිත කතා කරයි

sinhala editor

වේග පන්දු යවන්නකු ලෙසින් වර්තමානයේ ලබා සිටින දියුණුවට ප්‍රධානම රහස වී ඇත්තේ පන්දු යැවීමේදී අනුගමනය කළ යුතු මුලික   සිද්ධාන්ථ යළිත් මෙනෙහි කිරීම බව කලම්බු ස්ටාර්ස් පිලේ වේග පන්දු යවන කසුන් රාජිත සදහන් කර සිටියේය.

ගෙවී ගිය වසර කීපය තිස්සේම ආබාධයන්ට ගොදුරු වීම කසුන් මුහුණ දුන් බරපතලම ගැටලුව බවට පත් වුවත්, අවසන් මාස කීපයේදී ඔහු යළිත් වේග පන්දුවේ සුපුරුදු රිද්මයට පැමිණ සිටින්නේය. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය තුළ වඩාත්ම කතා බහට ලක්ව සිටින පන්දු යවන්නා බවට පත්වූයේ දෙවතාවකම තරගයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලබමිනි.

පන්දුව තණතිල්ලේ   නියමිත ස්ථානයන්හි  ( Line and Length ) පතිත කිරීමටද තමන් නිරන්තරයෙන්ම උත්සාහ දරන බව සඳහන් කර සිටි කසුන්, මේ සියල්ල නිසා වේග පන්දුවෙන් සීඝ්‍ර දියුණුවක් ලබා ගැනීමට හැකිවූ බවද සඳහන් කර සිටියේය.

එහෙතම මෙවර අවසන් මහ තරග වරම සදහා තීරණාත්මකම තරගයට බවට පත් වුණු කැන්ඩි ෆැල්කන්ස් පිලට එරෙහි තරගයේදී ලකුනු 20 කට කඩුලු 4 ක් බිඳ හෙළමින් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය. කසුන් මේ වන විට තරග 7 කදී කඩුලු 12 ක් බිඳ හෙළා මෙවර තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර සිව්වැනි ස්ථානයට පත්ව සිටියි.

රවී  බොපාරා  අවශ්‍ය වේලාවේදී   ලකුණු අතරට  පැමිණීමත්   මොහොමඩ් නබීගේ  සහභාගීත්වයෙන්  කණ්ඩායම සමබර   වීමත්    සමග    කළම්බු   ස්ටාර්ස්  කණ්ඩායම   වඩාත්   ශක්තිමත්   වු  බව ද  කසුන්  රාජිත පවසයි. 

පළපුරුද්ද සහ  අත්දැකීම් බහුල  වේග පන්දු යවන්නෙකු  වන  සුරංග ලක්මාල්   සමග   පන්දු යැවීම ආරම්භ කිරීම   පහසු කාර්යයක්  බව  පැවසු කසුන්  රාජිත  වේගපන්දු  යවන්නන්   දෙදෙනෙකු  එකවිලස   පිතිකරුවනට  තර්ජනාත්මක අයුරින් පන්දු යවන විට  කඩුලු ලබා  ගැනීම පහසු කාර්යයක් වන බවද  කීවේය .

“මේ තරගාවලිය ආරම්භයේදීම  අප  කටයුතු කළේ  දෙවන  වටයට සුදුසුකම් ලබන්නේ කොහාමද කියන එක ඔලුවේ තියාගෙන. ඉන්පසු තරගයෙන් තරගයට සැළසුම්   සකස් කරමින්   අවසාන  තරගයට   සුදුසුකම් ලබාගැනීමට  අපට   අවස්ථාව උදාවුවා. දැන්  අප  පසුවන්නේ  අවසාන   මහා තරගයේදී  හොදින් ක්‍රීඩා කළ  හැකි  ඉතා   හොද  යහපත්   මානසිකත්වයකින්”  යැයිද   කසුන් රාජිත පවසයි .

ඇන්ජ්ලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් තරග  වැදීම  ඉතා පහසු කාර්යයක්  බව   පවසන මේ  වේගපන්දු යවන්නා ඇන්ජිගෙ පරිනත භාවය  සහ  අත්දැකීම් කළම්බු ස්ටාර්ස් සාර්ථකත්වයට  බොහෝ දුරට  බලපාන්නේ  යැයිද   කීය.

ජැෆ්නා කින්ග්ස් තරගයේදී තමා ක්‍රිකට් ක්‍රීඩාවේ  සිද්ධාන්ථ   වලට   ගරු කරමින්   කළම්බු ස්ටාර්ස් ජයග්‍රහණය සදහා  සියයට සියයක   දායකත්වයක් ලබාදීමට අපේක්ෂා කරන්නේයැයිද  කසුන්   රාජිත කියයි

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (01) අබුඩාබිහි පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක […]
  • මහනුවර පළමු ඉනිමේ ලකුණු 69ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ලකුණු […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (30) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ද ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු […]
  • මහනුවර පිල පළමු දිනයේ කඩුලු 8කට ලකුණු 279යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අද ආරම්භ වූ අවසන් මහා තරගයේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ ලකුණු අටකින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (28) පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee