slc
Home   |    News
පෙබරවාරි 7, 2023
කාන්තා පිලට ලකුණු 02 ක ජයක්

sinhala editor

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කාන්තා පිල තරග වැදි පළමු පුහුණු තරගයෙන් අයර්ලන්ත පිල පරදවා ලකුණු 2 ක ජයක් වාර්තා කිරීමට සමත්විය. ඉතාම තියුණු මුහුණුවරක් ගනු ලැබූ මෙම අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 04 ක් පමණක් අවශ්‍ය වුවත් සුගන්ධිකා කුමාරි විසින් කඩුලු 2 ක් දවා ගැනීමට සමත්වීම නිසා ශ්‍රී ලංකාවට ලකුණු 02 ක ජයක් හිමිවිය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දුවාර 20 කදී කඩුලු 5 ට ලකුණු 149 ක් රැස් කරන ලදුව ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත පිල පන්දුවාර 19.5 කදී ලකුනු 147 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත්වූහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් හර්ෂිතා මාධවී ලකුණු 56 ක් ලබා ගනිද්දී විශ්මි ගුණරත්න ලකුණු 36 ක් ලබා ගත්තාය. ඊට අමතරව නායිකා චමරි අතපත්තු පන්දු 23 කදී ලකුණු 27 ක් ලබා ගත්තාය. ඉනිමේ එකම අර්ධ ශතක ලාභිණිය වූ හර්ෂිතා මාධවී පන්දු 46 කදී ලලකුණු 56 ක් රැස් කළේ හතරේ පහර 7 කින්ද සිය ඉනිම වර්ණවත් කර ගනිමිනි. ආරම්භක පිතිකාරිණිය ලෙසින් චමරි සමග පිටියට පිවිසි හර්ෂිතා පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 41 කදී වේගවත් ලකුණු 46 ක සම්බන්ධතාවක් පැවැත්වූහ.

අයර්ලන්ත ජයග්‍රහණය සඳහා අවසන් පන්දු 12 දී අභියෝගය ලකුනු 14 ක් වූ අතර එහිදී 19 වැනි පන්දුවාරය යැවූ ඔෂධී රණසිංහට ලකුණු 11 ක් ලබා ගැනීමට අර්ලීන් කෙලී (30) සමත්විය. එම ඉනිම නිසා ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවාරයේදී ඉලක්කය ලකුණු 04 ක් වූයෙන් අවසන් පන්දුවාරය යැවූ සුගන්ධිකා කුමාරි එම පන්දුවාරය ඇතුළත කඩුලු 2 ක් දවා ලමින් ශ්‍රී ලංකාව  ලකුණු 02 ක තියුණු ජයක් කරා රැගෙන ගියාය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 149 යි – (හර්ෂිතා මාධවී 56, චමරි අතපත්තු 27, විශ්මි ගුණරත්න 36, අනුෂ්කා සංජීවනී 17*, ලෝරා ඩෙලනි 20/3)

අයර්ලන්තය පන්දුවාර 19.5 කදී ලකුන 147 යි – (ගැබී ලුවිස් 36, ලෝරා ඩෙලනි 21, ලුසී ලිට්ල් 11, අර්ලීන් නෝරා කෙලී 50, ලියා පෝල් 15, ඔෂධී රණසිංහ 22/3, ඉනෝකා රණවීර 26/3)

Recent Posts

  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest