slc
Home   |    News
පෙබරවාරි 10, 2023
ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ පළමු අභියෝගය දකුණු අප්‍රිකාව

sinhala editor

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 08 වැනි වරටත් මෙහෙයවන කාන්තා ක්‍රිකට් පන්දුවාර විස්සයි-20  ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ මස 10 වැනිදා දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර තරගයෙන් ආරම්භ වේ.

මෙතෙක් පවත්වා ඇති ලෝක කුසලාන 7 දී ශ්‍රී ලංකා කාන්තා පිල එකදු වතාවක හෝ පළමු වටයෙන් ඔබ්බට යෑමට අපොහොසත්ව සිටියි. ඔවුන් මෙතෙක් ඉතිහාසයේ තරග 27 කට ක්‍රීඩා කර ඇතත් ජයග්‍රහණය කර ඇත්තේ අවස්තා 8 කදී පමණි. තරග 19 ක් පරාජයට පත්ව තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා ගත් විට නායිකා චමරි අතපත්තු ඉහළින්මසිටින්නීය. ඇය නොමැතිව ලොව පැවැත්වෙන ලීග් තරගාවලියක් නොමැත. ඒ තරමටම ඇය දක්ෂතාවයෙන් ලෝකයේ අවධානය දිනා ගැනීමට සමත්ව සිටියි. එහෙත් කණගාටුවට කරුණ වන්නේ ඇය අවසන් වතාවට ශ්‍රී ලංකා පිල නියෝජනය කිරීමේදී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට අපොහොසත් වීමයි. අවසන් ඉනිම 10 ගත් විට ඇය ලබා සිටින ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේ 41 කි. එමෙන්ම එම ඉනිම 10 දී ලකුණු 20 සීමාව ඉක්මවා යන්නට ඇය සමත්ව සිටින්නේද අවස්තා 2 කදී පමණකි. ඒ අනුව මෙවර තරගාවලියේදී ඇයට දක්ෂතා අතරට පැමිණීමට හැකි වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ පෙරැළියක් කිරීමේ හොඳම අවස්ථාවක් තිබේ.

පිතිකරණයත් පන්දු යැවීමත් ගත් විට ශ්‍රී ලංකාවේ පන්දු යැවීමේ අංශය කැපී පෙනෙයි. ඒ අතරින් දඟ පන්දු අංශය කැපී පෙනෙයි. පිට දඟ පන්දු යවන ඔෂදී රණසිංහ සහ ඉනෝකා රණවීර මෙන්ම සුගන්දිකා කුමාරි එහි ප්‍රධාන වන අතර කවීෂා දිල්හාරි සහ මල්ෂා ෂෙහානිද නිමාවට පත් වුණු දේශීය මෙන්ම පුහුණු තරග වලලදී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත්ව සිටිති. අවශ්‍ය විටෙක චමරි අතපත්තුටද පන්දු යැවීමට ඇති හැකියාව කණ්ඩායමට සුභ ලකුණකි. එහෙත් තරගාවලිය ක්‍රියාත්මක වන දකුණු අපිකානු තණතීරු තරමක් වේග පන්දු යවන්න්නට සහයෝගය ලබා දෙන හෙයින් අචිනි කුලසූරිය සහ අමා කාංචනාටද වැඩි වගකීමක් හිමිව තිබේ.

මූලික වටය යටතේ ශ්‍රී ලංකාවට ක්‍රීඩා කිරීමට නියමිත කාණ්ඩය අතිශය තරගකාරී කණ්ඩායම්වලින් සමන්විත කාණ්ඩයකි. නිමාවට පත් වුණු එක්දින ලෝක කුසලාන සහ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ශූරතාවන්වලට අමතරව පොදුරාජ්‍ය මණ්ඩලයීය රන් පදක්කම් ලාභී කණ්ඩායම වන ඔස්ට්‍රේලියානු කණ්ඩායමද ශ්‍රී ලංකාව තරග වදින කාණ්ඩයේම තරග වදියි. ඊට අමතරව සත්කාරක දකුණු අප්‍රිකාව මෙන්ම නවසීලන්තයද පසුවෙති. අනෙක් කණ්ඩායම වන්නේ බංග්ලාදේශ කණ්ඩායම වුවත්, ශ්‍රී ලංකා පිල 2014 වසරෙන් පසු ඔවුන්ව පරාජයට කිරීමට සමත්ව නොමැත.

මෙවර සමාරම්භක තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම චමරි අතපත්තු විසින්ද දකුණු අප්‍රිකානු පිල සුනි ලුයිස් විසින්ද මෙහෙයවති. චමරි අතපත්තු දක්ෂ ආරම්භක පිතිකාරිනියක් වන අතර, දකුණු අප්‍රිකා නායිකාව ලුයිස් තුන් ඉරියව් ක්‍රීඩිකාවකි.

මේ කණ්ඩායම් දෙක සහභාගී වූ අවසාන තරග පහේ දී දකුණු අප්‍රිකාව තරග තුනක් ජයගෙන තරගයක් පරාජය වී තරගයක ප්‍රතිඵල නොලබා සිටී.  ශ්‍රී ලංකාව අවසාන තරග පහෙන් තුනක් ජයගෙන දෙකක් පරාජය වී සිටී.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දකුණු අප්‍රිකා සංචාරයට සහභාගි වීමෙන් පසු අයර්ලන්තය සමග පැවැති ප්‍රථම පුහුණු තරගයෙන් ජය ලැබුවේ ලකුණු දෙකකිනි.  එහිදී මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසානයේ කඩුලු පහකට රැස්කළ ලකුණු 149ට පිළිතුරු ලෙස අයර්ලන්තය පන්දුවාර 19.5ක දී සියල්ල දැවී රැස්කළේ ලකුණු 147 කි. කෙසේ වෙතත් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති දෙවැනි පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 4 ක පරාජයක් ලැබීය.

 

 

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest