slc
logo
Home   |    News
පෙබරවාරි 26, 2023
ගෝල් සහ දඹුල්ල සිව්දින අවසන් සටනට

sinhala editor

By Chamila Karawita

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් දෙවැනි වතාවටත් පවත්වනු ලබන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අද (26 දා) නිමාවට පත් වුණු අවසන් පූර්ව තරග වලදී ජයග්‍රහණ වාර්තා කරමින් අවසන් මහ තරග වරම් දිනා ගැනීමට ගෝල් සහ දඹුල්ල කණ්ඩායම් සමත්වූහ.

මෙහිදී පී. සරා ඔ්වල් පිටියේ ජැෆ්නා පිලට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 132 ක පූර්ණ තරග ජයග්‍රහණයක් වාර්තා කරමින් අවසන් මහ තරග වරම් දිනා ගැනීමට දඹුල්ල කණ්ඩායම සමත්විය. ඒ අතරතුර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අනෙක් තරගයේදී කැන්ඩි කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කළ ගෝල් කණඩායම අවසන් මහ තරග වරම් දිනා ගැනීම කැපී පෙනෙයි.

මෙම කණ්ඩායම් දෙක අවසන් මහ තරග අවස්ථාවකට සුදුසුකම් ලද පළමු අවස්ථාව ලෙසින්ද මෙවර තරගාවලිය සටහන් වනු ඇත. මීට පෙර වසරේ පැවැති තරගාවලියේ ශූරයින් සහ අනුශූරයින් අද දිනයේදී මෙම කණ්ඩායම් දෙක හමුවේ පරාජයට පත්වීම කැපී පෙනෙනි. මෙම අවසන් මහ තරගය ලබන මාර්තු මස 02 වැනිදා සිට 05 වැනිදා දක්වා ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ගෝල් – කැන්ඩි

මෙවර තරගාවලියේ ප්‍රබලම කන්ඩායම බවට පත්ව සිටින ගෝල් කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය වූ අද පෙරවරුවේත් පන්දුවට පහර දෙමින් දෙවැනි ඉනිම කඩුලු 6 කට ලකුණු 212 ක් දක්වා ඉහළ දමා ගත්තේය. පළමු ඉනිමේ ජය පමණක් අවසන් මහ තරග වරමට ප්‍රමාණවත් බැවින් අවධානමක් ගැනීමට ගෝල් ක්‍රීඩකයෝ කටයුතු නොකළහ. ඒ අනුව කැන්ඩි කණ්ඩායම හමුවේ ඔවුන් ලබා දුන් ඉලක්කය ලකුණු 644 කි. ගෝල් කණ්ඩායම අද පරාජයට පත් කරන ලද්දේ ගිය වසරේ සිව්දින ශූරයින් වුණු කැන්ඩි කණ්ඩායමය.

ගෝල් දෙවැනි ඉනිම වෙනුවෙන් ලක්ෂාන් එදිරිසිංහ වැඩිම ලකුණු ලාභියා වූයේ පන්දු 118 කදී ලකුණු 77 ලබා ගනිමිනි. හතරේ පහර 10 කින් ලක්ෂාන්ගේ ඉනිම සමන්විත විය. පන්දු යැවීමේද අම්ෂිද සිල්වා සහ ලසිත් ඇඹුල්ද්‍යෙිම කඩුලු 2 බැගින් බිඳ හෙළූහ.

කෙසේ වෙතත් එම ඉලක්කය හඹා යෑමේදී සාර්ථක ආරම්භක් ලබා ගත් ලසිත් කෲස්පුල්ලේ සහ කසුන් විදුර පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 112 ක සම්බන්ධතාවක් එක් කළහ.

පළමු කඩුල්ලේ සම්බන්ධතාව බිඳ වැටීමෙන් පසු යෂ්ටිය අතට ගත් සඳුන් වීරක්කොටි දෙවැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුනු 69 ක ශක්තිමත් සම්බන්ධතාවක් එක් කිරීමට දායකත්වය දැක්වූවේය.

දේශීය තරග මාලාවේ ලකුණු අතර සිටින තවත් පිතිකරුවකු වන ලසිත් කෲස්පුල්ලේ අද දිනයේදී වේගවත් පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 101 ක් ලබා ගත්තේය. පන්දු 102 කදී වාර්තා වුනු කෲස්පුල්ලේගේ වටිනා ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 17 ක් එල්ල කර තිබිණ.

ඊට අමතරව සඳුන් වීරක්කොඩි පන්දු 83 කදී ලකුණු 73 ක් ලබා ගනිද්දී කසුන් විදුර ලකුණු 33 ක් ලබා ගත්තේය. දිනයේ ඉතිරි පන්දුවාර 55.1 ක් පන්දුවට පහර දුන් කැන්ඩි කණ්ඩඩායම සිව්වැනි දීනට තරගය නිමා කරන වීට කඩුලු 5 ක් දැවී ලකුණු 299 ක් ලබා ප්‍රබල පිළිතුරක් ලබා දීමට සමත්වූවේය. දැවී ගිය කඩුලු 5 න් 3 ක් දවා ගනු ලැබුවේය ප්‍රවීන් ජයවික්‍රම විසිනි.

ගෝල් – පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 658යි (ඕවර් 160) – ෂොහාන් ඩී ලිවේරා 133‍, සංගීත් කුරේ 27, ලක්ෂාන් එදිරිසිංහ 49, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 214, දුනිත් වෙල්ලාලගේ 33, පැතුම් කුමාර 24, සුමින්ද ලක්ෂාන් 74, කවිෂ්ක අංජුල 59 ( අමිෂ් ද සිල්වා 77/1, ලසිත් ඇඹුල්දෙනිය 231/4, සචිත්‍ර පෙරේරා 123/2, සදුන් වීරක්කොඩි 28/1, ලසිත් කෘස්පුල්ලේ 23/1)

 කැන්ඩි – පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 227 යි – අහන් වික්‍රමසිංහ 84, රවීන් යසස් 36, ලසිත් කෲස්පුල්ලේ 48, ළහිරු උදාර 12, කවිශ්ක අංජුල 40/4, මොහොමඩ් ශිරාස් 44/2, දුනිත් වෙල්ලාලගේ 52/3

 ගෝල් දෙවැනි ඉනිම කඩුලු 6 ක් දැවී ලකුණු 212 යි (ඔවර 53.3) – ලක්ෂාන් එදිරිසිංහ 77, සංගීත් කුරේ 58, සොහාන් ඩි ලිවේරා 15, සුමින්ද ලක්ෂාන් 26, කවිශ්ක අංජුල 20, අම්සි ද සිල්වා 53/2, ලසිත් ඇඹුල්දෙණිය 67/2

 කැන්ඩි දෙවැනි ඉනිම කඩුලු 5 ක් දැවී ලකුණු 299 යි(ඔ්වර 55.1) – ලසිත් කෲස්පුල්ලේ 101, කසුන් විදුර 33, සඳුන් වීරක්කොඩි 73, අහන් වික්‍රමසිංහ 15, සහන් ආරච්චිගේ 18, රවීන් යසස් 20*, ළහිරු උදාර 31*, ප්‍රවීන් ජයවික්‍රම 98/3

 

දඹුල්ල – ජැෆ්නා

ගිය වසරේ අනුශූරයින් බවට පත්වුණු ජැෆ්නා කන්ඩායම අද දිනයේදී ලකුණු 132 ක පරාජයක් ලබමින් අවසන් මහ තරග වරම අහිමි කර ගත්තේය. සිව්වැනි දිනය වූ අද දිනයේදීත් යළි පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම කඩුලු 9 කට ලකුණු 274 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවනු ලැබීය. ඒ අනුව ප්‍රතිවාදී කැන්ඩි කන්ඩායමට සිව්වැනි ඉනිමේ රැස් කරගත යුතු ඉලක්කය ලකුණු 456 විය.

පළමු ඉනිමේදී කඩුලු 6 ක් දවා ගැනීමට සමත් වුණු ශෂික දුල්ශාන් දෙවැනි ඉනිමේදී කඩුලු 3 ක් දවා ගනිමින් සමස්ථ තරගයේදී ලකුණු 208 ක් ඇතුළත කඩුලු 9 ක් දවා ගනිමින් කැපී පෙනිණ.

ඉලක්කය හඹා යෑමේදී සාර්ථක ආරම්භක් ලබා ගත් නවෝද් පරණවිතාන (51) සහ රොන් චන්ද්‍රගුප්ත (47) පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 76 ක් එක් කළහ. කෙසේ වෙතත් වනිඳු හසරංග විසින් නවොද් පරණවිතානව දුවද්දී දවා ගැනීමට හසුකර ගැනීමට සමත්වීම නිසා එම කඩුල්ලේ සම්බන්ධතාව බිඳ වැටිණ. ඒ සමඟම ජැෆ්නා ඉනිම කඩා වැටීම ආරම්භ විය. පළමු කඩුල්ල බිඳ වැටීමත් සමග ඉදිරි පෙළ කඩුලු 7 ම ලකුණු 95 ක් ඇතුළත බිඳ වැටිණ.

ආරම්‌භයේ සිටම දඟ පන්දුව පිළිබඳ විශ්වාස තැබූ දඹුලු ක්‍රීඩකයෝ ඒ සඳහා කැඳවන ලද්දේ අශාන් ප්‍රියන්ජනය. පළමු ඉනීමේ කඩුලු 6 ක් බිඳ හෙළූ වනිඳුට දෙවැනි ඉනිමේ දවා ගත හැකි වූයේ එක් කඩුල්ලක් පමණක් වුවත්, චලන ද සිල්වා සහ අශාන් ප්‍රියන්ජන් කඩුලු 3 බැගින් බිද හෙළමින් දඹුලු ජය්‍රහණය ඉක්මන් කළහ.

එහෙත් අංක 7 පිතිකරු ලෙසින් පිටියට පිවිසි රවිඳු ප්‍රනාන්දු ලකුණු 131 ක අගනා ශතකයක් වාර්තා කිරීමට සමත්වීම නිසා ගෝල් කණ්ඩායමේ ජයග්‍රහණය පමාවූවා සේම කැන්ඩි කණ්ඩායමේ ජයග්‍රාහී පරතරයද අඩුවිය. ලකුණු 171 කට කඩුලු 7 ක්ව සටහන් ව තිබුනු කැන්ඩි ඉනිම ගොඩ ගැනීම වෙනුවෙන් රවිඳු විසින් බිනුර ප්‍රනාන්දු සහ ජෙෆ්රි වැන්ඩ්සි සමඟ එක්ව මුලු ලකුණු සංඛ්‍යාව 331 ක් දක්වා ඉහළ දමා ගැනීමට දායකත්වයක් දැක්වූවේය. පන්දු 112 කදී වාර්තා වුණු රවිඳුගේ ශතකයට හයේ පහර 7 ක් සහ හතරේ පහර 11 ක් ඇතුළත් විය.

දඹුල්ල පළමු ඉනිමට ලකුණු 426යි ( ඕවර් 122.4) – ගයාන් මනීෂාන් 51, අභිෂේක් ලියනාරච්චි 37, පවන් රත්නායක 117, සනෝජ් දර්ශික 47, අශාන් ප්‍රියංජන 49, චමිදු විජේසිංහ 28, දුෂාන් හේමන්ත 37, ළහිරු සමරකෝන් 43 ( ෂශික දුල්ෂාන් 131/6, ඒෂාන් මාලිංග 65/3)

ජැෆ්නා – පළමු ඉනිමට 236 යි (ඕවර් 58.4) – රොන් චන්ද්‍රගුප්ත 97, අවිශ්ක තරිදු 22, සධීර සමරවික්‍රම 34, ජනිත් ලියනගේ 23, ළහිරු මධුසංඛ 34, රවිඳු ප්‍රනාන්දු 13, වනිඳු හසරංග 46/6, දුශාන් හේමන්ත 51/2

දඹුල්ල‌ දෙවැනි ඉනිම කඩුලු 9 ක් දැවී ලකුණු 274 යි (ඔවර 74.4) – (ගයාන් මනීෂාන් 18, අබිෂේක් ලියනාරච්චි 11, පවන් රත්නායක 47, සනෝජ් දර්ශික 29, අශාන් ප්‍රියන්ජන් 31, වනිඳු හසරංග 95, දුශාන් හේමන්ත 21*, ශෂික දුල්ශාන් 77/3, බිනුර ප්‍රනාන්දු 25/2, ජෙෆ්රි වැන්ඩර්සි 68/2

ජැෆ්නා දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 331 යි (ඔවර 67.1) – රවිඳු ප්‍රනාන්දු 131, නවෝද් පරණවිතාන 51, රොන් චන්ද්‍රගුප්ත 47, සදීර සමරවික්‍රම 10, ළහිරු මදුශංක 11, ශෂික දුල්ශාන් 11, බිනුර ප්‍රනාන්දු 32, ජෙෆ්රි වැන්ඩර්සි 35*, චලන ද සිල්වා 86/3, අශාන් ප්‍රියන්ජන් 61/3

Active filters

Recent Posts

  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]
  • චමරි අතපත්තු ලොව අංක 1ට ශ්‍රේණිගත වේ
    ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින තරග පිතිකාරිණියන් අතුරින් ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ප්‍රථම ස්ථානයට පත්ව සිටී. ශ්‍රී ලංකා පිතිකාරිණියක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී […]
  • චමරිගෙන් විශිෂ්ට ලකුණු 195ක්. අවසාන තරගය ශ්‍රී ලංකාව පහසුවෙන් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු එහි පැවැති තෙවැනි හා අවසාන එක්දින තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නියැළෙමින් නොදැවී රැස් කළ ලකුණු 195ක […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee