slc
Home   |    News
පෙබරවාරි 21, 2023
NSL අවසන් පූර්ව වටය 23 වැනිදා ඇරඹෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙරට ක්‍රියාත්මක ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග ලබන 23 වැනිදා සිට 26 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස සහ පී.සරා ඔවල් යන ක්‍රීඩාංගණවලදී පැවැත්වේ.

කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැති මෙවර මූලික වටයේ තරග වලදී වැඩිම ජයග්‍රහණය සංඛ්‍යාවක් වාර්තා කිරීමට සමත්ව සිටින ගෝල්, දඹුල්ල, ජැෆ්නා සහ කැන්ඩි කණ්ඩායම් අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබා සිටිති. එහිදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන ගෝල් කණ්ඩායම එහි අවසන් ස්ථානයේ පසුවන කැන්ඩි කණ්ඩායමද දඹුල්ල කණ්ඩායමට එරෙහිව ජැෆ්නා කණ්ඩායමද තරග වදිති.

මෙවර තරගාවලියේ සෑම කණ්ඩායමක්ම මූලික වටය යටතේ තරග 4 කට ක්‍රීඩා කළ අතර එහිදී පුර්ණ ජයග්‍රහණ 2 ක් වාර්තා කළ රමේෂ් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු ගෝල් කණ්ඩායම ප්‍රසාද ලකුණු 60.055 ක් ලබා එහි පළමු ස්ථානයට පත් වද්දී කලම්බු පිලට එරෙහිව හම්බන්තොට පැවැති තරගයේදී පළමු ඉනිමේ ජයක් වාර්තා කළ දඹුල්ල කණ්ඩායම පූර්ණ තරග ජයග්‍රහණයක් සහ පළමු ඉනිමේ ජයක් ලබා ප්‍රසාද ලකුනු 33.585 ක් ලබා දෙවැනි ස්ථානයට පත්ව සිටියි.

ප්‍රසාද ලකුණු 29.985 ක් ලබා සිටින ජැෆ්නා පිලත්, ප්‍රසාද ලකුනු 27.775 ක් ලබා සිටින කැන්ඩි කණ්ඩායමත් පිළිවෙළින් තෙවැනි සහ සිව්වැනි ස්ථානවල රැදී සිටින අතර තරගාවලියේ එක් පළමු ඉනිමේ ජයක් පමණක් වාර්තා කර ගෙන සිටින කලම්බු කණ්ඩායම එහි පස්වැනි තැනට  පත්ව මූලික වටයෙන්ම ඉවත්ව තිබේ.

තරගාවලියේ අවසන් මහ තරගය ලබන මාර්තු 02 වැනිදා සිට 05 වැනිදා දක්වා ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

පෙබරවාරි 23 – 26 දක්වා 

පළමු අවසන් පූර්ව තරගය – ගෝල් සහ කැන්ඩි අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

දෙවැනි අවසන් පූර්ව තරගය – දඹුල්ල සහ ජැෆ්නා අතර පී. සරා ඔවල් ක්‍රීඩාංගණයේදී

 

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest