slc
logo
Home   |    News
මාර්තු 27, 2023
ආරාධිත 23 න්  පහළ ශූරතාව පී.සී.සී. පිලට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් කණ්ඩායම් 18 කගේ සහභාගිත්වයෙන් පැවැති වයස අවුරුදු 23 න් පහළ ආරාධිත සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කලුතර ශාරීරික යෝග්‍යතා ක්‍රීඩා සමාජය (පී.සී.සී.) අද (මාර්තු 26) සමත්විය. කොළඹ සී. සී. සී. පිටියේ පැවැති අවසන් මහ තරගයේදී මහනුවර කණ්ඩායමට එරෙහිව කඩුලු 2 ක ජයක් වාර්තා කළ ශාරීරික යෝග්‍යතා කණ්ඩායම ශූරතා කුසලානට අමතරව මුදලින් රුපියල් ලක්ෂ දෙකහමාරක ජය මල්ලකදට හිමිකම් කීය.

පළමුව පන්දුවට පහර දුන් මහනුවර කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 9 කට ලකුණු 199 ක් ලබා ගත් අතර එය හඹා යෑමේදී ශාරීරික යෝග්‍යතා පිලේ නායක කනික දයාරත්න පන්දු 98 කදී ලකුණු 74 ක් රැස් කරමින් තම කණ්ඩායම ජයග්‍රහණය සඳහා මූලික අඩිතාලම එක් කළේය. හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමඟින් කනික රැස් කරන ලද එම අනගි ඉනිම නිසා අවසන් මහ තරගයේ වීරයා සම්මානයෙන්ද ඔහු පිදුම් ලැබුවේ ඒ සදහා ලබා දෙනු ලබන රුපියල් 25,000 ක මුදලටද හිමිකම් කියමිනි.

පළමුව පන්දුවට පහර දුන් කැන්ඩි කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් කනක වික්‍රමසිංහ සහ මලිත ලක්ෂාන් ලකුණු 56 ක සම්බන්ධතාවක් එක් කළත් තරගයේ මැද භාගයේදී වූ කඩා වැටීම හේතුවෙන් කැන්ඩි පිල ලකුණු 92 ක් ඇතුළත කඩුලු 5 ක් අහිමිකරගෙන සිටියේය. එහෙත් හය වැනි කඩුල්ල වෙනුවෙන් නායක කවිශ්ක මැදගෙදරට එක් වුණු ඉමේෂ් කුමාර (36) 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 71 ක සම්බන්ධතාවක් පවත්වමින් කැන්ඩි කණ්ඩායම ලකුණු 200 කඩ ඉම දක්වා රැගෙන ගියහ. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ මැදගෙදර හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් වේගවත් ලකණු 50 ක් රැස් කළේය.

එම හඹා යෑමේදී පළමු පන්දුවාර 21 අවසන් වන විට ශාරීරික යෝග්‍යතා කණ්ඩායමේ කඩුලු 4ම ලකුණු 79 කදී බිඳ වැටිණ. පස්වැනි කඩුල්ල වෙනුවෙන් නායක කනික දයාරත්නට එක් වුණු තෙවින් අමරසිංහ (29) පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 89 ක සම්බන්ධතාවක් එක් කරමින් කලුතර කණ්ඩායම ජයග්‍රාමී මාවත වෙත සේන්දු කළහ. එහෙත් ලකුණු 4 ක් ඇතුළත තවත් කඩුලු 3 ක් දවා ගනිමින් කැන්ඩි කණ්ඩායම යළිත් තරගයට අවතීර්ණ වීම නිසා ශාරීරික යේග්‍යතා කණ්ඩායමේ ලකුණු පුවරුව කඩුලු 8 කට ලකුණ 184 ක් ලෙසින් යළිත් අභියෝගයකට මුහුණ දුන්නේය. එහෙත් 9 වැනි කඩුල්ල බිඳ වැටීමට අවස්ථාවක් නොදුන් ශාරීරික යෝග්‍යතා පිතිකරුවෝ 50 වැනි පන්දුවාරයේ  පළමු පන්දුවේදී ජයග්‍රහණය සනාථ කළහ.

ජය සංකේත ප්‍රධානයේදී දක්ෂතම පිතිකරු සම්මානය රියෝ ක්‍රීඩා සමාජයේ ෂෙහාන් රශ්මික විසින්ද පන්දු යවන්නා ලෙසින් මැලේ ක්‍රීඩා සමාජයේ ඉසුරු ධනජය ද නම් කළ අතර ඔවුන්ට එම කුසලාන සමඟ මුදලින් රුපියල් 50,000 බැගින් පිරිනැමිණ. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානයෙන් මොරටුව ක්‍රීඩා සමාජයේ ගැවින් බොතේජු සම්මාන දිනාගනිද්දී ඔහුට මුදලින් රුපියල් 75,000 ක මුදලක් පිරිනැමිණ.

දක්ෂතම පන්දු යවන්නා – ඉසුරු ධනංජය (මැලේ)

දක්ෂතම පිතිකරුවා – ෂෙහාන් රශ්මික (රියෝ)

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා – ගැවින් බොතේජු (මොරටුව)

අවසන් මහ තරගයේ වීරයා – කනික දයාරත්න (කලුතර ශාරීරික යෝග්‍යතා)

කැන්ඩි කණ්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 9 ට ලකුණු 199 යි – (මලිත ලක්ෂාන් 21, කනක වික්‍රමසිංහ 31, ඉමේෂ් කුමාර 36, කවිශ්ක මැදගෙදර 50, විශ්ව දිදුලන 45/2, තදුල ද සිල්වා 36/2, කලන සංදීප් 36/2)

කලුතර ශාරීරික යෝග්‍යතා කණ්ඩායම පන්දුවාර 49.1 කදී කඩුලු 8 ට ලකුණු 202 යි – (තෙනුක ලියනගේ 28, කනික දයාරත්න 74, තෙවින් අමරසිංහ 29, දිනුක තෙන්නකෝන් 32/2, කනක වික්‍රමසිංහ 46/2)

දක්ෂතම පන්දු යවන්නා වූ ඉසුරු ධනංජය ශ්‍රී ලංකා ක්‍රිකට් හි දේශීය තරග අංශයේ කළමනාකරු සුරේෂ්  බුලන්කුලම මහතා අතින් සම්මාන ලබා ගනිමින්.  

දක්ෂතම පිතිකරුවා වූ ෂෙහාන් රශ්මික ශ්‍රී ලංකා ක්‍රිකට් හි දේශීය තරග අංශයේ කළමනාකරු සුරේෂ්  බුලන්කුලම මහතා අතින් සම්මාන ලබා ගනිමින්.  

අවසන් මහ තරගයේ වීරයා වූ කනික දයාරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් හි දේශීය තරග අංශයේ කළමනාකරු සුරේෂ්  බුලන්කුලම මහතා අතින් සම්මාන ලබා ගනිමින්.  

තරගාවලියේ වීරයා වූ ගැවින් බොතේජු ශ්‍රී ලංකා ක්‍රිකට් හි දේශීය තරග අංශයේ කළමනාකරු සුරේෂ් බුලන්කුලම මහතා අතින් සම්මාන ලබා ගනිමින්.  

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee