slc
Home   |    News
මාර්තු 1, 2023
ටෙස්ට් තරගාවලිය ජය ගන්න උපරිම උත්සාහය යොදනවා – දිමුත්

sinhala editor

ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම නවසීලන්ත තරග සංචාරයේ ඒකායන අරමුණ බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සඳහන් කරයි. එම තරග සංචාරයේදී අපේක්ෂිත ඉලක්කය කරා යෑමට තමන් ඇතුළු කණ්ඩායම හැකිතාක් උපරිමයෙන් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවද ශ්‍රී ලංකා නායකයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පෙබරවාරි මස 27 වැනිදා අලුයම් කාලයේදී නවසීලන්තය බලාපිටත්ව ගිය අතර ඊට පෙර ටෙස්ට් නායකයා ඉහත අදහස් පළ කර සිටියේය.

සති 5 ක පමණ කාලයක් පැවැත්වෙන මෙම තරගාවලියට ටෙස්ට් තරග 2 ක් එක්දින තරග 3 ක් සහ විස්සයි-20 තරග 3 ක් ඇතුළත්ව තිබේ.  තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය මාර්තු මස 09 වැනිදා ක්‍රයිස්චර්ච් නුවරදී ආරම්භ වන අතර ඊට පෙර ශ්‍රී ලංකා පිල පුහුණු තරගයකට ක්‍රීඩා කිරීමට නියමිත වේ.

“අපි මේ තරගාවලිය ඉලක්ක කර ගනිමින් රදැල්ලේදී හොද පුහුණු සැසියක් පැවැත්වුවා. ඒ නිසා අපි මේ තරගාවලියට හොද සූදානමකින් ඉන්නේ. නවසීලන්තයට ගිහිල්ලා අපිට පළමු ටෙස්ට් තරගයට පෙර දින 8 ක කාලයක් තියෙනවා පුහුණුවීම් සිදුකරන්න. ඒ අතරතුර අපි පුහුණු තරගයකට ක්‍රීඩා කරනවා. මම හිතන විදියට පුහුණුවීම් කරලා ඒ දේශගුණික තත්ත්වයන් මෙන්ම තණතීරුවලට හුරුවෙන්න අපිට යම් කාලසීමාවක් ලැබිලා තියෙනවා”.

“ඒ වගේම අවසන් මාසයේ වගේ අපි ගොඩක් පුහුණුවීම් සිදුකළා. මම හිතනවා ක්‍රීඩකයින් සියලුදෙනාම හොද සූදානමකින් සිටිනවා කියලා. අන්තිම කාලේ එකට ක්‍රීඩා කළ ටෙස්ට් කණ්ඩායම තමයි මේ තරගාවලියට ඉන්නේ. ජ්‍යෙස්ඨයින් වගේම නවකයන්ගෙන් හොද සංයුතියක් තියෙනවා.” යැයියද ටෙස්ට් නායකයා  සදහන්  කර සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් ටෙස්ට් ලෝක ශූරතා ප්‍රසාදා ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ රැඳී සිටින අතර අවසන් මහ තරග අවස්තාව උදාකර ගැනීම සඳහා ද අවස්ථාවක් නිර්මාණය වී තිබේ. එම අවස්ථාව උදාකර ගැනීමට නම් ශ්‍රී ලංකාව නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන මෙම ටෙස්ට් තරග 2 ම ජය ගත යුතුය.

“අපිට මේ තරගාවලියේ ඇති වෙන්න හෝ නැත්වෙන්න දෙයක් නෑ. අපිට මේ තරග දෙකම ජයග්‍රහණය කළොත් කොහොමහරි අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගන්න පුලුවන් කම තියෙනවා. මේ අරමුණින් තමයි අපි තරගාවලිය නිමාකරන්න බලාපෛාරොත්තු වෙන්නේ” යැයි දිමුත් ඒ පිළිබඳව සඳහන් කර සිටියි.

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest