slc
logo
Home   |    News
මාර්තු 29, 2023
මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී සිටියි. නවසීලන්ත තරග සංචාරය සඳහා සහභාගිව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ මහේල ජයවර්ධන නොසිටීම සම්බන්ධව ඇතැම් මාධ්‍ය වාර්තා කොට සිටින අතර ඒ පිළිබඳව කරුණු පැහැදිළි කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවත් කරුණු කිහිපක්ම ඉදිරිපත් කර සිටියි.

පුහුණු උපදේශකවරයා ලෙස මහේල ජයවර්ධනගේ කාර්යය වී ඇත්තේ රටේ සියලුම ජාතික කණ්ඩායම් භාරව කටයුතු කිරීමත් සහ ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ ක්‍රීඩකයින් සහ කලමාකරණ කණ්ඩායම් සඳහා අවශ්‍ය උපාය මාර්ගික සහයෝගය ලබා දීම වේ.

ඒ අනුව මහේල පුහුණුකරුවන් සහ ක්‍රීඩකයින් සංවර්ධනය කරන වැඩසටහන්, දේශීය ක්‍රිකට් ව්‍යුහය ශක්තිමත් කිරීම සහ වයස අවුරුදු 19 න් පහළ, සංවර්ධන සහ ජාතික කණ්ඩායම් සංවර්ධනය කිරීම් කෙරෙහි අවධානය යොමු කරනු ඇත.

ඔහුගේ සහභාගිත්වය අත්‍යවශ්‍ය යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හැඟුණහොත් පමණක් මහේලව තරග සංචාරයන් සඳහා සහභාගි කරවගන්නා බවද ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී සිටියි.

ලොව පුරා ඉහළ පිළිගැන්මක් ඇති ක්‍රිකට් පෞරුෂයක් ලෙස සැලකෙන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ කටයුතු කිරීමට පටන් ගත් දා සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මිල කළ නොහැකි සම්පතක් වී තිබෙන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩිදුරටත් දැනුම් දී තිබේ. මහේල සඳහන් කරන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් සමග කටයුතු කිරීමට ඇති උවමනාව නිසා ලොව ප්‍රධාන පෙළේ ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන රටකින් පුහුණුකරු ධුරය සඳහා ආරාධනා කර සිටි නමුත් තමන් එය භාර ගැනීම ප්‍රතික්ෂේප කළ බවයි.

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee