slc
logo
Home   |    News
මාර්තු 29, 2023
මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී සිටියි. නවසීලන්ත තරග සංචාරය සඳහා සහභාගිව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ මහේල ජයවර්ධන නොසිටීම සම්බන්ධව ඇතැම් මාධ්‍ය වාර්තා කොට සිටින අතර ඒ පිළිබඳව කරුණු පැහැදිළි කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවත් කරුණු කිහිපක්ම ඉදිරිපත් කර සිටියි.

පුහුණු උපදේශකවරයා ලෙස මහේල ජයවර්ධනගේ කාර්යය වී ඇත්තේ රටේ සියලුම ජාතික කණ්ඩායම් භාරව කටයුතු කිරීමත් සහ ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ ක්‍රීඩකයින් සහ කලමාකරණ කණ්ඩායම් සඳහා අවශ්‍ය උපාය මාර්ගික සහයෝගය ලබා දීම වේ.

ඒ අනුව මහේල පුහුණුකරුවන් සහ ක්‍රීඩකයින් සංවර්ධනය කරන වැඩසටහන්, දේශීය ක්‍රිකට් ව්‍යුහය ශක්තිමත් කිරීම සහ වයස අවුරුදු 19 න් පහළ, සංවර්ධන සහ ජාතික කණ්ඩායම් සංවර්ධනය කිරීම් කෙරෙහි අවධානය යොමු කරනු ඇත.

ඔහුගේ සහභාගිත්වය අත්‍යවශ්‍ය යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හැඟුණහොත් පමණක් මහේලව තරග සංචාරයන් සඳහා සහභාගි කරවගන්නා බවද ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී සිටියි.

ලොව පුරා ඉහළ පිළිගැන්මක් ඇති ක්‍රිකට් පෞරුෂයක් ලෙස සැලකෙන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ කටයුතු කිරීමට පටන් ගත් දා සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මිල කළ නොහැකි සම්පතක් වී තිබෙන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩිදුරටත් දැනුම් දී තිබේ. මහේල සඳහන් කරන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් සමග කටයුතු කිරීමට ඇති උවමනාව නිසා ලොව ප්‍රධාන පෙළේ ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන රටකින් පුහුණුකරු ධුරය සඳහා ආරාධනා කර සිටි නමුත් තමන් එය භාර ගැනීම ප්‍රතික්ෂේප කළ බවයි.

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

USD United States (US) dollar