slc
logo
Home   |    News
මාර්තු 1, 2023
ටෙස්ට් තරගාවලිය ජය ගන්න උපරිම උත්සාහය යොදනවා – දිමුත්

sinhala editor

ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම නවසීලන්ත තරග සංචාරයේ ඒකායන අරමුණ බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සඳහන් කරයි. එම තරග සංචාරයේදී අපේක්ෂිත ඉලක්කය කරා යෑමට තමන් ඇතුළු කණ්ඩායම හැකිතාක් උපරිමයෙන් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවද ශ්‍රී ලංකා නායකයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පෙබරවාරි මස 27 වැනිදා අලුයම් කාලයේදී නවසීලන්තය බලාපිටත්ව ගිය අතර ඊට පෙර ටෙස්ට් නායකයා ඉහත අදහස් පළ කර සිටියේය.

සති 5 ක පමණ කාලයක් පැවැත්වෙන මෙම තරගාවලියට ටෙස්ට් තරග 2 ක් එක්දින තරග 3 ක් සහ විස්සයි-20 තරග 3 ක් ඇතුළත්ව තිබේ.  තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය මාර්තු මස 09 වැනිදා ක්‍රයිස්චර්ච් නුවරදී ආරම්භ වන අතර ඊට පෙර ශ්‍රී ලංකා පිල පුහුණු තරගයකට ක්‍රීඩා කිරීමට නියමිත වේ.

“අපි මේ තරගාවලිය ඉලක්ක කර ගනිමින් රදැල්ලේදී හොද පුහුණු සැසියක් පැවැත්වුවා. ඒ නිසා අපි මේ තරගාවලියට හොද සූදානමකින් ඉන්නේ. නවසීලන්තයට ගිහිල්ලා අපිට පළමු ටෙස්ට් තරගයට පෙර දින 8 ක කාලයක් තියෙනවා පුහුණුවීම් සිදුකරන්න. ඒ අතරතුර අපි පුහුණු තරගයකට ක්‍රීඩා කරනවා. මම හිතන විදියට පුහුණුවීම් කරලා ඒ දේශගුණික තත්ත්වයන් මෙන්ම තණතීරුවලට හුරුවෙන්න අපිට යම් කාලසීමාවක් ලැබිලා තියෙනවා”.

“ඒ වගේම අවසන් මාසයේ වගේ අපි ගොඩක් පුහුණුවීම් සිදුකළා. මම හිතනවා ක්‍රීඩකයින් සියලුදෙනාම හොද සූදානමකින් සිටිනවා කියලා. අන්තිම කාලේ එකට ක්‍රීඩා කළ ටෙස්ට් කණ්ඩායම තමයි මේ තරගාවලියට ඉන්නේ. ජ්‍යෙස්ඨයින් වගේම නවකයන්ගෙන් හොද සංයුතියක් තියෙනවා.” යැයියද ටෙස්ට් නායකයා  සදහන්  කර සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් ටෙස්ට් ලෝක ශූරතා ප්‍රසාදා ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ රැඳී සිටින අතර අවසන් මහ තරග අවස්තාව උදාකර ගැනීම සඳහා ද අවස්ථාවක් නිර්මාණය වී තිබේ. එම අවස්ථාව උදාකර ගැනීමට නම් ශ්‍රී ලංකාව නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන මෙම ටෙස්ට් තරග 2 ම ජය ගත යුතුය.

“අපිට මේ තරගාවලියේ ඇති වෙන්න හෝ නැත්වෙන්න දෙයක් නෑ. අපිට මේ තරග දෙකම ජයග්‍රහණය කළොත් කොහොමහරි අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගන්න පුලුවන් කම තියෙනවා. මේ අරමුණින් තමයි අපි තරගාවලිය නිමාකරන්න බලාපෛාරොත්තු වෙන්නේ” යැයි දිමුත් ඒ පිළිබඳව සඳහන් කර සිටියි.

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee