slc
logo
Home   |    News
අප්‍රේල් 8, 2023
අවසන් අවස්ථාව ශ්‍රී ලංකාවෙන් ගිළිහෙයි

sinhala editor

විස්සයි-20 තරගාවලියේ ජයග්‍රාහකයින් කවුරුන්ද යන්න තීරණය කිරීම වෙනුවෙන් අවසන් අවස්ථාව වූ ක්වින්ස්ටවුන් නුවරදී අද පැවැති තෙවැනි සහ අවසන් විස්සයි-20 තරගයෙන් කඩුලු 4  ක තියුණු ජයක් වාර්තා කළ නවසීලන්ත කණ්ඩායම තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 2-1 ක් ලෙස ජයග්‍රහණය කළේය.

කුසල් මෙන්ඩිස්ගේ ලකුණු 73 ක අනර්ඝ ඉනිම මත ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළ ලකුණ 182 ක ලකුණු සංඛ්‍යාව හඹා ගිය නවසීලන්ත පිතිකරුවෝ පන්දුවක් ඉතිරිව තිබියදී අපේක්ෂිත ඉලක්කය කරා ළඟා වූහ. අවසන් පන්දුවාරයේදී ලකුණු 10 ක් ලබා ගැනීමේ අභියෝගය ඇතිව පන්දුව භාර ගත් ළහිරු කුමාරගේ පළමු පන්දුවට මාක් චැප්මන් විසින් හයේ පහරක් එල්ල කළද ඉතිරි පන්දු තුනේදී චැප්මන් ඇතුළු පිතිකරුවන් දෙදෙනකු පිට පිට පන්දු 3 කදී දැවී යෑම නිසා තරගය යළිත් ශ්‍රී ලංකාවට විවෘත විය. මෙම කඩුලු 3 දැවී යෑමේදී ‌ජිමී නිශම් දුවද්දී දැවී ගියත් ළහිරු කුමාරගේ පිට පිට පන්දු 3 කදී කඩුලු 3 ක් ලෙස සටහන් විය.

පන්දු 3 කදී ලකුණු 3 ක් ලෙස සටහන්ව තිබියදී ළහිරු කුමාර විසින් යවන ලද පන්දුව කඩුලු රකින කුසල් මෙන්ඩිස් අතට ගොස් නැවතත ලබා දෙන අවස්ථාවේදී ළහිරු කුමාරට හරියාකාරව එය රැක ගැනීමට නොහැකිවීම නිසා සිව්වැනි කඩුල්ල දවා ගැනීමේ තිබූ අවස්ථාව මඟ හැරිණ.

එම ඉලක්කය හඹා යෑමේදී දැවැන්ත කාර්යය භාරයක් කළ ටීම් සීෆර්ට් පන්දු 48 කදී ලකුණු 88 ක් ලබා ගත්තේ පසුපෙළට පීඩනය අඩු කරමිනි.  සීෆර්ට්ගේ ඉනිම හයේ පහර 3 ක් සහ හතරේ පහර 10 ක් ඇතුළත් විය.

බෝව්ස් සමඟ ලකුණු 53 ක සම්බන්ධතාවක් පැවැත්වූ සීෆර්ට් නායක ලෙතම් සමග ලකුණු 84 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්වීම නිසා නවසීලන්ත කණ්ඩායමට ඉලක්කය පහසු විය. එය පන්දු සහ ලකුණු වලින් සඳහන් කළහොත් පන්දු 23 කදී ලකුණු 29 ක් විය.

10 වැනි පන්දුවාරය වන විට ආරම්භක පිතිකරුවා වූ පැතුම් නිස්සංක දැවී යන විටත් ශ්‍රී ලංකා පිල ලකුණු 76 ක් ලබා සිටියේය. වේගවත් ඉනිමක් කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කළත් කඩුල්ල ආරක්ෂා කරගත් පැතුම් නිස්සංක පන්දු 25 කදී රැස් කරගෙන සිටියේ ලකුණු 25 ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිමේ පන්දු වාරයේදී පිතිකරුවන් රැස් කිරීමට සමත් වූයේ ලකුණු 03 ක් පමණක් වීමේ වාසිය නවසීලන්ත පිල සතුවිය. එම පන්දුවාරයේදී පන්දු 6 දී ශ්‍රී ලංකා පිලට රැස් කර ගත හැකි වූයේ ලකුණු 3 ක් පමණි.

ශ්‍රී ලංකාව පන්දුවාර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 182 යි  – (පැතුම් නිස්සංක 25, කුසල් මෙන්ඩිස් 73, කුසල් පෙරේරා 33, ධනංජය ද සිල්වා 20, දසුන් ශානක 15, බෙන් ලිස්ටර් 37/2)

නවසීලන්තය පන්දුවාර 19.5 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 183 යි – (ටිම් සීෆර්ට් 88, චැඩ් බෝව් 17, ටොම් ලේතම් 31, ඩැරල් මිචෙල් 15, මාක් චැප්මන් 15, ළහිරු කුමාර 38/3, මහීෂ් තීක්ෂණ 22/1, ප්‍රමෝද් මදුශාන් 38/1)

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee