slc
logo
Home   |    News
මැයි 30, 2023
දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට

sinhala editor

ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විතව මෙම කණ්ඩායමට දිමුත්ට අමතරව සදීර සමරවික්‍රමව අතිරේක කඩුලු රකින්නකු ලෙස කණ්ඩායමට එක් කර තිබේ.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු මෙම කණ්ඩායමේ උප නායකයා ලෙස කුසල් මෙන්ඩිස්ව පත් කර තිබේ. ආබාධයක් හේතුවෙන් අයි.පී. එල්. තරගාවලියේ අවසන් තරග ක්‍රීඩා නොකළ වනිඳු හසරංගවද එක් කර තිබේ. ඔහු බැංගලෝර් රෝයල් චැලේන්ජර්ස් පිල නියෝජනය කළේය. වනිඳු පාදයේ ආබාධයකට ගොදුරු වූ නමුත් තරගාවලිය ආරම්භයට පෙර ඔහුගේ තත්ත්වය සුව අතට පත් වෙනු ඇත.

ඊට අමතරව අයි.පී.ඒ. තරගාවලියේ වැඩිම අවධානයක් දිනා ගැනීමට සමත්ව සිටින මතීෂ පතිරණ ද පළපුරුදු වේග පන්දු යවන්නන් වන දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර සහ කසුන් රජිතට අමතරව එක්ව සිටිති.

ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කරන දිමුත් කරුණාරත්න එක්දින කණ්ඩායමට පිවිස සිටින්නේ වසර 2 කට අධික කාලයකින් පසුව වේ. අවසන් වතාවට දිමුත් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයකට ක්‍රීඩා කර ඇත්තේ 2021 වසරේ මාර්තු මසදීය.

ඉදිරි පෙළ ප්‍රහාරාත්මක පිතිකරුවකු වන කුසල් ජනිත් පෙරේරාගේ ආබාධයකට ගොදුරුව සිටින හෙයින් ඔහුව නම් කරන ලද කණ්ඩායමට ඇතුළත් කර නොමැත. ඔහු නවසීලන්ත තරග සංචාරය අතරතුර මස්පිඬු ඉරී යෑමේ ආබාධයකට මුහුණ දුන්නේය.

‌නම් කරන ලද මෙම කණ්ඩායම ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය සඳහා යවා ඇත.  දෙරට අතර තරගාවලිය ජුනි මස 02 වැනිදා හම්බන්තොටදී ආරම්භ වේ. මෙම තරග 3 ම දිවා තරග ලෙසින් පැවැත්වේ.

 

  1. දසුන් ශානක (නායක)
  2. පැතුම් නින්සංක
  3. දිමුත් කරුණාරත්න
  4. කුසල් මෙන්ඩිස් (උප නායක/කඩුලු රකින්නා)
  5. ඇන්ජලෝ මැතිව්ස්
  6. චරිත් අසලංක
  7. ධනංජය ද සිල්වා
  8. සදීර සමරවික්‍රම
  9. චාමික කරුණාරත්න
  10. දුෂාන් හේමන්ත
  11. වනිඳු හසරංග
  12. ළහිරු කුමාර
  13. දුෂ්මන්ත චමීර
  14. කසුන් රජිත
  15. මතීෂ පතිරණ
  16. මහීෂ් තීක්ෂණ

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තාවෝ කල් ඇතිවම තරගාවලි ජය ලබති
    බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම හා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර තරග 3කින් සමන්විත අන්තර්ජාතික එක්දින තරගාවලියේ පිට පිට තරග දෙකක් ජයගත් ශ්‍රී ලංකා කාන්තා පිල තරගයක් ඉතිරිව […]
  • 21 න් පහළ අවසන් ගැටුම සෙබස්තියනයිට්ස් සහ මැලේ අතර
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 21 න් පහළ ටියර් ‘බී‘ කොටසේ දෙදින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ සටන සඳහා සුදුසුකම් ලබා ගැනීමට මොරටුව සෙබස්තියනයිට්ස් සහ මැලේ […]
  • ආණ්ඩුකාර කුසලාන අවසන් පූර්ව තරග ජුනි 22 වැනිදා  
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ආණ්ඩුකාර කුසලාන පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරග අවස්ථාව උදාකර ගැනීම වෙනුවෙන් වන අවසන් කඩඉම වන අර්ධ අවසන් තරග […]
  • ජයග්‍රහණයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලාන ගමන නිමා කරයි
    ග්‍රොස් අයිලට් නුවර ඩැරන් සාමි ජාතික ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී නෙදර්ලන්ත පිලට එරෙහිව ලකුණු 83 ක විශිෂ්ඨ තරග ජයග්‍රහණයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම 2024 පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ගමන […]
  • සී.සී.සී. අපරාජිතව පෙරමුණේ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලියේ අද (16) නිමාවූ සීසීසී හා මුවර්ස් ක්‍රීඩා සමාජය අතර බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 74ක ජයක් […]

Pin It on Pinterest

USD United States (US) dollar