slc
Home   |    News
මැයි 16, 2023
LPL සිව්වැන්නේ විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචිය ඇරඹෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි අදියර සඳහා වන ‘විදේශීය ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම’ ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

තරගාවලිය නියෝජනය කිරීමට කැමැති විදේශීය ක්‍රීඩකයින් https://srilankacricket.lk/lpl-playerregistration-portal/ යන වෙබ් පිවිසුම හරහා කාණ්ඩ දෙකක් යටතේ ලියාපදිංචි විය හැක. මෙහි එක් කාණ්ඩයක් ජාත්‍යන්තර තරග නියෝජනය කළ ක්‍රීඩකයින් වෙනුවෙන්ද (Capped) අනෙක් කාණ්ඩය දේශීය තරගවලට පමණක් ක්‍රීඩා කරන ලද ක්‍රීඩකයින්ට (Uncapped) ලියාපදිංචි විය හැක.

Capped ක්‍රීඩකයින්

මෙම කාණ්ඩය යටතේ අවම වශයෙන් තම රට වෙනුවෙන් ටෙස්ට්, එක්දින හෝ විස්සයි-20 යන ආකෘති තුනෙන් එක් අංශයක් එක් වරක් හෝ නියෝජනය කර ඇත් නම් ඔහු “Capped” ක්‍රීඩකයකු ලෙසින් සලකනු ලැබේ.

Uncapped ක්‍රීඩකයින්

මෙම කාණ්ඩය යටතේ තම රට නියෝජනය කර නොමැති නමුත් එරට පළමු පෙළ ක්‍රිකට් තරගාවලි ක්‍රීඩා කර ඇති හෝ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) පූර්ණ හෝ ඒ ආශ්‍රිත සාමාජිකයකු විසින් අනුමත කරන ලද ෆ්‍රැන්චයිස් විස්සයි-20 ක්‍රිකට් ලීගයක් නියෝජනය කර ඇති ක්‍රීඩකයින්ට “Uncapped” ක්‍රීඩකයින් යටතේ ලියාපදිංචි විය හැක.

හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයින්

ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා ක්‍රිකට් වලින් සමුගෙන සිටින එහෙත් තවමත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ හෝ ආශ්‍රිත සාමාජිකයින් විසින් පවත්වනු ලබන තරගකාරී ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ක්‍රීඩාවේ නියුතුව සිටින ක්‍රීඩකයින්ටද https://srilankacricket.lk/lpl-player-registration-portal/ යන වෙබ් පිවිසුම හරහා ලියාපදිංචි විය හැක.

තරගාවලිය නියෝජනය කිරීමට බලාපොරොත්තු වන සියලුම ක්‍රීඩකයින් 2023 මැයි මස 25 වැනිදා ප.ව. මධ්‍යාහ්න 12 ට පෙර සිය ලියාපදිංචි කිරීම් අවසන් කර යුතුය.

සිව්වැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන ජූලි මස 30 වැනිදා සිට අගෝස්තු 20 වැනිදා දක්වා පැවැත්වේ.

Active filters

Recent Posts

  • නිමේෂ් විමුක්තිට ‘ඒ’ කණ්ඩායමේ දොරටු විවර වෙයි
    දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ හෙට (03 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා […]
  • පළමු ශතකය උපුල් තරංගගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රථම ශතක ලාභියා බවට පත්වීමට  එන්. සී. සී. කණ්ඩායමේ උපුල් තරංග අද (02 දා) සමත්වූවේය. […]
  • ඇෆ්ගනිස්තානය එක්දින තරගාවලියේ පෙරමුණට
    පසුගිය වසර කීපය පුරාවටම පිතිකරුවන් දක්වන ලද අසාර්ථක භාවය අද (02) දිනයේදිත් පෙන්නුම් කිරීම නිසා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම […]
  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest