slc
logo
Home   |    News
ජූනි 9, 2023
නැගීඑන ආසියානු කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ පිල පිටත්ව යයි

sinhala editor

හොංකොංහිදී පැවැත්වීමට නියමිත නැගීඑන කාන්තා කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායිකාව ලෙස සත්‍යා සංදීපනීව නම් කිරීමට ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. අද (09 දා) රාත්‍රියේ හොංකොං බලා පිටත්ව යන ශ්‍රී ලංකා නැගී එන කාන්තා කණ්ඩායම ක්‍රීඩිකාවන් 14 දෙනෙකු ඇතුළත් වෙති.

සංදීපනීගේ උප නායිකාව ලෙස ජාතික කණ්ඩායම නියෝජනය කරන දඟ පන්දු යවන්නියක වන මල්ෂා ෂෙහානි කටයුතු කරනු ඇත. නායිකාව වන සත්‍යා සංදීපනී රත්ගම දේවපතිරාජ විදුහලින් ක්‍රිකට් පිටියට පිවිස ශ1ී ලංකාව වෙනුවෙන් එක් විස්සයි-20 ජාත්‍යන්තර තරගයකට සහභාගිව තිබේ. තුන් ඉරියව් ක්‍රීඩිකාවක වන සත්‍යා 2019 වසරේදී දකුණු ආසියානූ ක්‍රීඩා උළෙල ක්‍රිකට් තරග ඉසව්වේ අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවකද වූවාය.

උප නායිකා මල්ෂා ෂෙහානි ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරගයකට අමතරව විස්සයි-20 තරග 12 කට සහභාගිව සිටියි. 28 හැවිරිදි වියේ පසුවන ෂෙහානි තුන් ඉරියව් ක්‍රිඩිකාවක ලෙසින් කණ්ඩායමට පණ පොවන්නීය. ඊට අමතරව කණ්ඩායමට ඇතුළත්ව සිටින විශ්මි ගුණරත්න ශ්‍රී ලංකා ජාතික පිලේ ආරම්භක පිතිකාරිණිය වේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 4 කට සහ විස්සයි-20 තරග 16 කට ඈ ක්‍රීඩා කර තිබේ. තවමත් 18 වැනි වියේ පසුවන විශ්මි ගම්පහ රත්නාවලී බාලිකා විදුහල නියෝජනය කරන්නීය. ඇය ඉකුත්දා දකුණු අප්‍රිකාවේදී නිමාවට පත් වුණු අභිනව අවුරුදු 19 න් පහළ බාලිකා ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ පිලේ නායිකාව ලෙසද කටයුතු කළාය.

විශ්මිට අමතරව වයස අවුරුදු 19 න් පහළ පිල නියෝජනය කරමින් කණ්ඩායමට පිවිස සිටින එකම ක්‍රීඩිකාව වන්නේ දෙව්මි විහංගාය. නිමාවට පත් වුණු ලෝක කුසලාන තරගාවලියේදී තරග 5 කට සහභාගිවූ ඇය එහිදී අර්ධ ශතකයක් සමගින් ලකුණු 113 ක්ද පන්දු යවමින් කඩුලු 9 ක්ද දවා ගැනීමට සමත්වූවාය. එම තරගාවලියට පෙර පැවැති පුහුණු තරගයකදී ඇය කඩුලු ත්‍රිත්වයක්ද දවා ගැනීමට සමත්වූවාය. දකුණතින් පිට දඟ පන්දු යවන දෙව්මි ද ගම්පහ රත්නාවලී බාලිකා විදුහල නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිස සිටියි.

රටවල් 8 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය ජුනි මස 12 වැනිදා ආරම්භ වන අතර මූලික වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ‘බී’ කාණ්ඩය යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බංග්ලාදේශය සහ මැලේසියාව යන රටවල් සමග තරග වදිනු ඇත. ‘ඒ’ කාණ්ඩය යටතේ ඉන්දියාව, පාකිස්තානය, නේපාලනය සහ සත්කාරක හොංකොං රටවල් තරග වදිනු ඇත.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය සහ පාකිස්තානය යන රටවල් දෙවැනි පෙළ කණ්ඩායම වන ‘ඒ’ කණ්ඩායම සහභාගි කරවන අතර මැලේසියාව, නේපාලනය, එක්සත් අරාබි එමීර්, සහ සත්කාරක හොංකොං යන රටවල් සිය ජාතික කණ්ඩායමට තරග කරවනු ඇත.

මෙම සංචිතය සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය ලැබී තීබේ.

ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ කණ්ඩායම – සත්‍යා සංදිපනී – (නායිකා), මල්ෂා ෂෙහානි (උප නායිකා), විශ්මි ගුණරත්න උමේෂා තිමාෂනී, ඉමේෂා දුලානි, පියුමි වත්සලා, සචිනි නිසංසලා, කෞෂානි නුත්‍යාංගනා, තාරිකා සෙව්වන්දි, නිමේෂා මධුශානි, නිලක්ෂණා සඳමිණී, මදුෂිකා මෙත්තානන්ද රශ්මි සිල්වා, දෙව්මි විහංගා.

ශ්‍රී ලංකාවේ තරග කාල සටහන

ජුනි 12 – ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම අතර කව්ලූන් හිදී

ජුනි 14 – බංග්ලාදේශය සමග කව්ලූන් හිදි

ජුනි 16 – මැලේසියාව සමඟ කව්ලන්හිදී

 

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest