slc
logo
Home   |    News
ජූනි 12, 2023
මුතුසාමි ශ්‍රී ලංකා ‘ඒ’ පිල අමාරුවේ දමයි

sinhala editor

Chamila Karawita reporting from Pallekele

පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (12 දා) ආරම්භ වුණු පළමු නිල නොවන ටෙස්ට් තරගයේදී දිවා ආහාරය වන විට ඩුලු 2 කට ලකුණ 106 ක ශක්තිමත් පදනමක් එක් කිරීමට ඉදිරි පෙළ පිතිකරුවන් සමත් වී සිටියත්, දිවා ආහාරයෙන් පසු තරගය තම පාලනයට නතු කර ගත් දකුණු අප්‍රිකානු ‘ඒ’ පන්දු යවන්නෝ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම නොසිතූ අසීරුතාවයකට ඇද දැමූහ.

තේ පානය වන තෙක් වූ තරගයේ සමස්ථයක් ගත් විට ශ්‍රී ලංකා පිලට වැඩිම හානියක් ගෙන දුන්නේ දිවා ආහාරයත් තේ පානයත් අතර කාල සීමාව විය. එම කාල සීමාවේදී ලකුණු පුවරුවට ලකුණු 111 ක් එක් වුවත් කඩුලු 4 ක් දවා ගැනීමට මුතුසාමි ප්‍රමුඛ දකුණු අප්‍රිකානු ‘ඒ’ පන්දු යවන්නෝ සමත්වූහ.

දිවා ආහාරයට පෙර යවන ලද අවසන් පන්දු වාරයේ සිව්වැනි පන්දුවේදී සිය  පළමු දඩයම වශයෙන් නුවනිඳු ප්‍රනාන්දුව දවා ගත් ‌සෙනුරන් මුතුසාමි දිවා ආහාරයෙන් පසු දැවී ගිය කඩුලු 4 න් 3 කම හිමිකරුවා බවට පත්වූවේය.

මෙම කඩුලු දඩයමත් සමඟ තේ පානය සඳහා දෙපිළේම ක්‍රීඩකයින් ක්‍රීඩා ගාරය වෙත පියමං කරන විට ශ්‍රී ලංකා ‘ඒ’ ලකුණු පුවරුව කඩුලු 6 කට ලකුණු 216 ක් ලෙසින් සටහන් ව තිබුණේ නොදැවී සිටි රමේෂ් මෙන්ඩිස්ට  ලකුණු 16 ක් සහ ලක්ෂිත මානසිංහට ලකුණු 04 ක් බෙදී යමිනි.

කාසියේ වාසියත් සමග පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් ලසිත් කෲස්පුල්ලේ සහ ළහිරු උදාර එක්ව සාර්ථක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට සාර්ථක ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට මං පෙත් විවර කර දුන්හ. සිව්දින තරගාවලිය සඳහා දකුණු අප්‍රිකානු පිලට අලුතින් එක් වුණු තවමත් 17 හැවිරිදි වියේ පසුවන ක්වේනා මපාකා ආරම්භක කඩුල්ලේ සටම්බන්ධතාව ලකුණු 66 කදී සිමා කළේ ලකුණු 42 ක් ලබා සිටි ළහිරු උදාරව දවා ගනිමිනි.

මීට දින 4 කට පෙර නිමාවට පත් වුණු තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේදී ලකුණු 08 ක් පමණක් දවා ගත් ලසිත් කෲස්පුල්ලේ අද දිනයේදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ සාර්ථකම පිතිකරුවා බවට පත්වූයේය. දිවා ආහාරය වන විට හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමඟින් පන්දු 79 කදී  ලකුණු 49 ක් දවා ගත් කෲස්පුල්ලේ දිවා ආහාරයෙන් පසු මුහුණ දුන් පළමු පන්දුවෙන්ම අර්ධ ශතකය වාර්තා කරගත්තේය.

සුදු පන්දුවට කෙසේ වෙතත් රතු පන්දුව හමුවේ ඉතා සාර්ථක ලෙස තම පිත්ත හැසිර වූ කෲස්පුල්ලේ ශ්‍රී ලංකා ඉනිමේ පස්වැනි පිතිකරු ලෙසින් දැවී ගියේ ශතකය පෙනි පෙනී තිබියදීය. පන්දු 119 කට මුහුණ දුන් කෲස්පුල්ලේ ලකුණු 98 කට දැවී ගියේ තම ඉනිම හයේ 4 කින් සහ හතරේ පහර 11 කින් සරසා ගෙන සිටියදීය. මුතුසාමිගේ තෙවැනි ගොදුර බවට පත්ව කෲස්පුල්ලේ දැවී යෑමට මත්තෙන් කමිදු මෙන්ඩිස් (28) සහ නිපුන් ධනංජය (13) වද දවා ගැනීමට ප්‍රතීවාදී පන්දු යවන්නෝ සමත්වූහ. කෙසේ වෙතත් ජනිත් ලියනගේද තේ පානයට පෙර දැවී යන විට මුලු ලකුණු සංඛ්‍යාව කඩුලු 6 ට ලකුණු 198 ක් ලෙසින් සටහන්ව තිබිණ.

ශ්‍රී ලංකා ‘ඒ’ පන්දුවාර 57 කදී කඩුලු 6 ට ලකුණු 217 යි – (ලසිත් කෲස්පුල්ලේ 98, ළහිරු උදාර 42, නුවනිඳු ප්‍රනාන්දු 10, කමිදු මෙන්ඩිස් 28, නිපුන් ධනංජය 13, ජනිත් ලියනගේ (01), ලක්ෂිත මානසිංහ 04, රමේෂ් මෙන්ඩිස් 16*, සෙනුරන් මුතුසාමි 59/4,ක්වේනා මපාකා 42/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee