slc
logo
Home   |    News
ජූලි 15, 2023
ඇෆ්ගනිස්තානය ලකුණු 72කින් ඕමානය පරදවයි

sinhala editor

ආසියානු ක්‍රිකට් සමුළුවේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ආසියානු එමර්ජින් (නැඟී එන) කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තානය සහ ඕමානය අතර ජූලි 13 වැනිදා මෙට්ලන්ඩ් පෙදෙසේ සී.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පහසු ජයග්‍රහණයක් අත්කර ගනු ලැබුවේ ලකුණු 72කිනි.

මේ තරගයේදී මුලින් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 49කදී කඩුලු හතකට ලබාගත් ලකුණු 267ට පිළිතුරු ලෙස ඕමානය සියලු පිතිකරුවන් පන්දුවාර 40.3කදී දැවී රැස් කළේ ලකුණු 195කි.

ඇෆ්ගනිස්තානයේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා සුබරුල්ලා අක්බාරි (79) සහ රෙයාස් හසන් (27) අංක තුන පිතිකරු නුර් අලි සඩ්රන් (35) අංක හතර පිතිකරු ෂාහිඩුල්ලා කමල් (45) ඉනිම ආරම්භයේදීම සාර්ථක වීමෙන් ඔවුනට ඕමානයට ළඟාවීමට අපහසු අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට අවස්ථාව උදා විණි.

මේ තරගයේ වැඩිම ලකුණු ලාභියා වූ ඇෆ්ගනිස්තාන ආරම්භක පිතිකරු සුබරුල්ලා අක්බාරි ලකුණු 79ක් රැස් කළේ පන්දු 84කට මුහුණ දී හතරේ 14ක් ද එල්ල කරමිනි. අක්බාරි අනෙක් ආරම්භක පිතිකරු රෙයාස් හසන් සමඟ මුල් විකට්ටුවට ලකුණු 90ක් එක් කළේ පන්දු 115කදී ය. අක්බාරි දෙවන කඩුල්ලට නුර් අලිසඩ්රන් (35) වේගවත් ලකුණු 48ක සබඳතාවයක් තබා ගත්තේ පන්දු 34කට පමණක් මුහුණ දෙමිනි.

ඇෆ්ගනිස්තාන නායක ෂාර්ඩුල්ලා කමල් අංක හය පිතිකරු ලෙස පිටියට පිවිස නායකත්ව ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 45ක් රැස් කළේ පන්දු 56කදී හතරේ තුනක් සහ හයේ පහරක් ද සමඟිනි.

41 වන ඕවරය නිමවන විට ඇෆ්ගනිස්තානය කඩුලු 4කට ලකුණු 212ක් ලබා ප්‍රබලම තත්ත්වයක සිටියත් නායක කමල් දැවී යාමත් සමඟ ඔවුනගේ ලකුණු රැස් කිරීමේ වේගය අඩාල විණි.

ඕමානය වෙනුවෙන් කැපී පෙනුණු පන්දු යැවීමක නිතර වූයේ කලීම් උල්ලා (41/2) සහ ඉලියාස් සුල්හේරිය (50/2යි)

ඕමානය ලකුණු 268ක ඉලක්කයක් කරා යෑමට පැමිණි අවස්ථාවේ ඔවුනට පන්දු වාරයකට ලකුණු 5.44ක් අවශ්‍ය වුවත් ඔවුනට එය එතරම් සාර්ථකව පවත්වාගෙන යෑමට අවස්ථාව උදා නොවුයේ ඇෆ්ගනිස්තානයේ ප්‍රබල පන්දු යැවීම හමුවේය.

ඕමාන පිතිකරුවන් අතුරින් ලකුණු තිහ ඉක්මවා රැස් කළේ ෂෙයිබ් ඛාන් (47) අයාස් ඛාන් (47) සහ ආකිබ් ඉලියාස් සුල්හේරි (39) පමණකි.

මේ අතුරින් ඔවුනගේ හොඳම සබඳතාව වූයේ පස්වන කඩුල්ලට අයස් ඛාන් සහ ෂොයිබ් ඛාන් රැස් කළ ලකුණු 46 වේ.

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් සාර්ථක ලෙස පන්දු යවමින් දක්ෂතා දැක් වූ මොහමඩ් ඊබ්‍රහිම් සහ සියා උර් රෙහ්මන් කඩුලු තුන බැගින් දවාලීමට සමත් වූහ.

ඇෆ්ගනිස්තානය පන්දුවාර 49කදී කඩුලු 7ට 265යි – (සුබරුල්ලා අක්බාරි 79, ෂරිඩුල්ලා කමල් 45, නුර් අලි සඩ්රන් 35, රෙයාස් හසන් 27, ඉක්රම් අලිඛාන් නොදැවී 33, ෂරාෆුඩින් අෂ්රොෆ් 24, කලිම් උල්ලා 41/2, අකිබ් ඉලියාස් 50/2).

ඕමානය පන්දුවාර 40.3කදී සියල්ල දැවී 195යි – (අකිබ් ඉලියාස් 39, අයස් ඛාන් 47, ෂොයිබ් ඛාන් 47, ආමන් ෆයාස් 19, මොහමඩ් ඊබ්‍රහිම් 22/3, සියා උර් රෙහ්මන් 27/3, ඊස්රා උල්ලා නවීඩ් 42/2යි)

තරගයේ වීරයා වූ සුබරුල්ලා අක්බාරි තම සම්මානය ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික මාලන් රණසිංහ මහතා අතින් ලබා ගනිමින්.

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee