slc
logo
Home   |    News
ජූලි 24, 2023
දර්ශණීය ‘මිනී කූපර් රැළියකින්’ LPL ප්‍රචාරණ කටයුතු ඇරඹෙයි  

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි අදියර සඳහා ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය යොමු කරවීම වෙනුවෙන් ‘මිනී කූපර්” ‌මෝටර් රථ රැළියක් පැවැත්වීමට ඉකුත්දා කොළඹදී පියවර ගැනිණ.

මේ සඳහා මිනි කූපර් 40 කට වැඩි මෝටර් රථ සංඛ්‍යාවක් සහභාගි වූ අතර එහිදී කොළඹ 07 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ සිට ක්‍රීඩා ලෝලීන්ගේ සිත් ඇද ගන්නා සුළු අවධානය දිනා ගනිමින් කොළඹ වීදි හරහා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය දක්වා ගම්න කෙරිණ.

“Cruising Colombo: Lanka Premier League Season 4: Mini Cooper Rally” ලෙස නම් කර ඇති මෙම මිනි කූපර් රැළිය ලංකා ප්‍රිමියර් ලීග් සිව්වැනි සංස්කරණයේ ප්‍රචාරණ කටයුතු නිල වශයෙන් ආරම්භ කෙරුණු පළමු සක්‍රීව වැඩසටහන ලෙසින්ද සටහන් විය.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අධ්‍යක්ෂකවරයා ලෙසින් කටයුතු කරනු ලබන සමන්ත දොඩන්වෙල මහතාගේ විධානයෙන් මෙම මිනි කූපර් රැළිය ඉකුත් ජූලි මස 23 වැනිදා ප.ව. 4.00 ට ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයෙන් ආරම්භ විය. නිදහස් චතුරශ්‍රය, තුන් මුල්ල, ගාලු පාර, ලංකා බැංකු මාවත සහ ටෙක්නිකල් හන්දිය හරහා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට ගොස් නිමාවට පත් විය.

මෙම රුළිය සඳහා ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතාද මෙම අවස්ථාවට සහභාගිවිය. ඊට අමතරව මෙම මෝටර් රථ රැළිය පැවැත්වීමට මූලිකත්වය ගෙන කටයුතු කළ මයිටි මිනි ක්ලබ් ඔෆ් ශ්‍රී ලංකා හි සභාපතිවරයා වන නාමල් සිල්වා මහතාද මෙම අවස්ථාවට සහභාගිවූහ.

මෙම අවස්ථාවට සහභාගි වුණු සියලුම මිනි කූපර් රථ රියැදුරන්ට සහභාගිතීව්ය අගය කිරීමේ සකේතයක් ලෙසින් එළැඹෙන ලංකා ප්‍රිමියර් ලීග් කිකට් තරගාවලිය නැරඹීම සදහා වන ප්‍රවේශ පත්‍රද මෙදිනදී පිරිනැමීම සිදු කෙරිණ.

 

 

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee