slc
logo
Home   |    News
අගෝස්තු 13, 2023
“නායකයාගේ ඉල්ලීම මා ඉටු කලා” – ඇන්ජලෝ මැතිව්ස්

sinhala editor

ටෙස්ට්, එක්දින හෝ විස්සයි 20 කණ්ඩායම් අතුරින් කුමන කණ්ඩායමකට ක්‍රීඩා කිරීමට තමාට ආරාධනා ලැබුණත් ශ්‍රී ලංකා ක්‍රිකට් අභිවෘද්ධිය වෙනුවෙන් ඊට ඉදිරිපත්වීමට තමා සූදානමින් පසුවන බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයකු වන ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කරයි.

ටෙස්ට් තරගයක දස්කම් දැක් වුවත් එපමණින් එක්දින හෝ විස්සයි 20 තරගාවලියන් නියෝජනය කිරීමටවත් එක්දින හෝ විස්සයි 20 තරගාවලියන් හි දස්කම් පෙන්වූ පමණින් ටෙස්ට් කණ්ඩායමක් නියෝජනය  කිරීමවත් සුදුසු යැයි තමා විශ්වාස නොකරන බව පවසන ඇන්ජලෝ මැතිව්ස් තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තමා අපේක්ෂාවෙන් පසු වන බව ද කියයි.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තමා නියෝජනය කරන බී – ලව් – කැන්ඩි කණ්ඩායම පිළිබඳව අදහස් දැක් වූ මැතිව්ස් මේ තරගාවලියේ ප්‍රථම තරග දෙක කොළඹදී නරක අයුරින් පරාජයට පත්වුවත් ඉන්පසු තරග හතරම පහසුවෙන් ජය ගැනීමේ ගෞරවය කණ්ඩායමේ නායකයාටත් ප්‍රධාන පුහුණුකරු ඇතුළු සෙසු කාර්යය මණ්ඩලයටත් අයත් විය යුතු බව ද පවසයි. සහය කාර්යය මණ්ඩලය උපක්‍රම වෙනස් කරමින් ක්‍රියාකාරී ලෙස දැක් වූ සහය අවසාන තරග හතරේ ප්‍රතිඵල මඟින් ඔප්පු වන්නේ යැයි ද ඔහු කියයි.

“මේ තරගාවලිය ආරම්භයේදී අපගේ කණ්ඩායමේ නායක වනිඳු හසරංග මගෙන් ඉල්ලීමක් කළා මුලින්ම පන්දු යැවීම ආරම්භ කිරීමට ඉදිරිපත් වන ලෙසට. තරග ආරම්භයට වැඩි දිනක් නොතිබුණත් මා හොඳින් පුහුණුවක් ලබා එය ඉටු කරන­­­­ බවට මා පැවසුවා. නායකයාගේ සහ ප්‍රධාන පුහුණුකරුගේ ඉල්ලීම ඉටු කිරීමෙන් මා හට කණ්ඩායමට තුන් ඉරියව්වේම දායකත්වය දැක්වීමට අද අවස්ථාව උදා වී ඇතැයි මැතිව්ස් පවසයි.“

මැතිව්ස් මේ තරගයේදී කැන්ඩි කණ්ඩායම වෙනුවෙන් පන්දු 18කදී ලකුණු 22ක් රැස් කර පසුව ලකුණු දහයකට කඩුලු තුනක් දවා තුන්ඉරියව් දක්ෂතා දැක්විය.

එල්.පී.එල්. තරගාවලියේ වැදගත්ම අංග පිළිබඳව අදහස් දැක් වූ ඇන්ජලෝ මැතිව්ස් තරගාවලිය ආරම්භයට පෙර පැවැති ක්‍රීඩක වෙන්දේසිය මඟින් සෑම කණ්ඩායමකට දක්ෂ, පළපුරුදු සහ තරුණ ක්‍රීඩකයන් සමබරව බෙදී යන අතරම විශේෂයෙන් තරුණ ක්‍රීඩකයනට ලොව දක්ෂතම ප්‍රවීණ සහ පළපුරුදු ක්‍රීඩකයන් සමඟ තරග වැදීමට ලැබෙන අවස්ථාව අගය කළ යුතු බව ද කීවේය.

මේ තරගාවලියට සහභාගි වන ඩේවිඩ් මිලර්, ෂොයිබ් මලික් සහ ගුර්බාස් ඇතුළු විදේශයන්හි ප්‍රබල ක්‍රීඩකයන් සමඟ තරග වැදී දේශීය ක්‍රිකට් ක්‍රීඩකයනට තම දක්ෂතා ලොවට පෙන්වීමට ගත් පියවර පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තුතිවන්ත වන්නේ යැයි ද මැතිව්ස් පැවසීය.

මේ තරගාවලියෙන් ලැබෙන ආදායමෙන් කොටසක් රිජ්වේ ළමා රෝහලේ ප්‍රතිකාර ලබන කුඩා ළමුනට ප්‍රතිකාර අංශයක් ඉදිකිරීමට (ලිට්ල් හාට්ස්) ගත් පියවර පිළිබඳව තමා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට බෙහෙවින් කෘතඥ වන බව කී මැතිව්ස් මේ ව්‍යාපෘතිය තම හදවතට ඉතාමත් සමීප වූ තමා අගය කරන්නක් යැයි ද කීවේය.

බන්දුල මොල්ලිගොඩ

 

 

 

Active filters

Recent Posts

  • දෙපිළම තීරණාත්මක කඩඉමක් අභියස
    පිතිකරුවන් අතින් සිදුවූ අතපසුවීම හේතුවෙන් ලකුණු 249 ක ජයග්‍රාහී පහසු ඉලක්කය අතහැර ගැනීම නිසා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පැමිණීමට පෙරම තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාවට තිබූ පහසුම අවස්ථාව මඟ […]
  • දසුන් සහ චාමිකට විස්සයි-20 සංචිතයට කැඳවුම්
    බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු නායකයකු වන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සහ චාමික […]
  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee