slc
logo
Home   |    News
අගෝස්තු 1, 2023
තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වීමට ලැබීම ගැන සතුටුයි – දසුන් ශානක

sinhala editor

සිව්වැනි ලංකා ප්‍රිමියර් ලීග් ප්‍රථම තරගයේදීම තුන් ඉරියව්වෙන්ම දක්ෂතා පෙන්වා නැවත තමාගේ උපරිම දක්ෂතා අතරට ඒමට අවස්ථාව උදාවීම පිළිබඳව සතුටට පත්වන්නේ යැයි ගෝල් ටයිටන්ස් නායක දසුන් ශානක ප්‍රකාශ කරයි. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉදිරි තරගවලදී ද තමා පන්දු යැවීමට අපේක්ෂා කරන බව පවසන දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අත්‍යවශ්‍ය අවස්ථාවන්හි පන්දු යැවීමට හැකි වනු ඇතැයි ද කියයි.

ගෝල් ටයිටන්ස් සහ දඹුල්ල අවුරා අතර ජූලි 31  මාළිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී දසුන් ශානක පන්දු 21කට මුහුණදී හතරේ දෙකක් හයේ පහර හතරක් සමඟ නොදැවී ලකුණු 42ක් රැස්කර පසුව පන්දු යැවීමේදී සිය පන්දුවාර හතර අවසානයේ ලකුණු 27කට කඩුලු තුනක්ම දවා තරගාවලියේ වීරයා ලෙස සම්මාන ලැබීය. මේ තරගයේදී කණ්ඩායම් දෙකම පන්දුවාර 20 අවසාන වන විට ලකුණු 180 බැගින් ලබා සිටි හෙයින් ජයග්‍රාහකයන් තේරීමට පැවැති “සුපර් ඕවරයේදී“ දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ගෝල් ටයිටන්ස්ට ජය අත්විය.

“ඇත්තෙන්ම මේ තරගය ‘සුපර් ඕවරය‘ දක්වා යායුතු තරගයක් නොව අපට පහසුවෙන් ජයගත හැකි තරගයක් බවට අප තුළ විශ්වාසයක් තිබුණේවැනිදා. අපට කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීම දඹුල්ල අවුරාට පැවරීමට ඉඩ තිබුණේ නම් අප මීට වඩා පහසුවෙන් මේ තරගයෙන් ජය ලැබනවා.“

‘අප මුලින් සිතා සිටියේ ලකුණු 160ක් අප රැස් කළා නම් හොඳටම ප්‍රමාණවත් වේවි කියලයි. එහෙත් ඔවුනගේ අගපෙළ පිතිකරුවන් තරගය ඇදගෙන යාමෙන් තරගය සම තත්ත්වයට පත්වූවා. මා සිතනවා අපගේ වේග පන්දු යවන්නන් අග භාගයේ මීට වඩා අඩු වේගයකින් පන්දු යැව්වා නම් අපට වාසිදායක වනවා කියලා.“

“මෙවැනි තරගාවලියක ප්‍රථම තරගයම දිනා ගැනීම මඳක් අපහසුයි. භානුක රාජපක්ෂ නැවත ලකුණු අතරට පිවිසීම අපට ඉදිරි තරගවලට පහසුවක් වේවි. ෂෙවොන් ඩැනියල් සහ ෂකිබ් අල් හසන් ද දැන් හොඳින් ලකුණු රැස් කරන හෙයින් අපගේ අපේක්ෂාව ඉදිරි තරගවලදී හොඳින් දක්ෂතා පෙන්වීමයි.“

“දඹුල්ල අවුරා කණ්ඩායමේ කුසල් ජනිත් පෙරේරා ඔහුගේ සුපුරුදු දක්ෂතා අතරට පිවිස සිටිනවා. ඔවුන් වෙනුවෙන් ධනංජය ද සිල්වා සහ ඇලෙක්ස් රොස් හොඳින් පන්දුවට පහර දුන්නා. ඔවුන් සතුව සැළසුම් කිහිපයක්ම තිබුණත් අප ඒවා අභිබවා යෑමට සමත් වූවා.“

විදේශ ක්‍රීඩකයන් සහභාගි කරගෙන ඔවුන් සමඟ මිශ්‍ර වී තරග වැදීම සාර්ථක ක්‍රියාවලියක්. එවැනි අපටත් අපගේ තරුණ ක්‍රීඩකයන්ටත් වඩා හොඳ පළපුරුද්දක් සහ ඔවුන් පිළිබඳව මනා අධ්‍යයනයක් ලබාගත හැකි බව ද දසුන් ශානක කීවේය.

Active filters

Recent Posts

  • පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා බාළිකාවන්ට පහසු ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායමට හිමි දෙවැනි ඇඟ උණුහුම් කිරීමේ තරගයෙන් සැමෝවා කණ්ඩායමට එරෙහිව ලකුණු 76 ක ජයක් […]
  • සිංහ – කැංගරු සටනට තව එක්දින තරගයක් එක් වෙයි
    ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය යටතේ කළින් ප්‍රකාශයට පත් කළ පරිදි එක්දින තරගයක් වෙනුවට එක්දින තරග දෙකක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කර සිටියි. ක්‍රිකට් […]
  • පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා බාළිකාවෝ පරාජය වෙති
    ජනවාරි මස 18 වැනිදා සිට මැලේසියාවේදී පැවැත්වීමට නියමිත දෙවැනි වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පෙර සූදානමක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි පළමු […]
  • කණ්ඩායමේ දුර්වලතා ඉක්මනින්ම සකස් කරනවා – සනත් ජයසූරිය
     නවසීලන්තයේ පැවැති ශ්‍රී ලංකා – නවසීලන්ත විස්සයි 20 සහ එක්දින ක්‍රිකට් තරගාවලියන් දෙකේ දී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දක්නට ලැබුණු ඇතැම් දුර්වලතාවයන් ඉක්මනින්ම යළි සකස් කර ගැනීමට පියවර ගන්නා […]
  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee