slc
logo
Home   |    News
අගෝස්තු 2, 2023
“පන්දු යවන්නන් අපේ ජයග්‍රහණය පහසු කළා“ – අවිශ්ක ප්‍රනාන්දු

sinhala editor

තෙවතාවක් ලංකා ප්‍රිමියර් ලීග් ශූරයින් වන ජැෆ්වා කිංග්ස් කණ්ඩායමට එරෙහිව තම කණ්ඩායමේ පන්දු යවන්නන් ඉතා හොඳින් පන්දු යැවූ බව පවසන එම තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනූ අවිශ්ක ප්‍රනාන්දු, එය පහසු තරග ජයග්‍රහණයකට ඉවහල් වූ ප්‍රධානම සාධකය වූ බව සඳහන් කර සිටියේය.

දඹුල්ල පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ප්‍රබල පිතිකරුවන් රැසකගෙන් සමන්විත ජැෆ්නා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 6 ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 129 ක් පමණි.

එම පහසු ඉලක්කය හඹා යෑමේදී කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ අවිශ්ක ප්‍රනාන්දු සහ නායක කුසල් මෙන්ඩිස් ප්‍රථම කඩුල්ලට පන්දුවාර 8.1 තුළ ලකුණු 76 ක් රැස් කළේ ජයග්‍රහණය අභියසටම තම කණ්ඩායම ගෙන යමිනි.

“මේ පහසු ඉලක්කය කරා පන්දුවාර දහයකින් හෝ පහළොවකින් යා යුතුයි කියා අප සැළසුම් කළේ නෑ. අපට අවශ්‍ය වූයේ සාමානය පරිදි පන්දුවට පහර දෙමින් පහසුවෙන් ජය ලබා ගැනීම” යැයි ද අවිශ්ක ප්‍රනාන්දු පැවසීය.

අවිශ්ක මෙහිදී ලකුණු 52ක් රැස් කරමින් තරගයේ වැඩිම ලකුණු ලාභියා සහ තරගයේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත් වූයේ පන්දු 32කට පමණක් මුහුණ දී හතරේ පහර හයක් සහ හයේ පහර තුනක් ද එල්ල කරමිනි.

“අද තරගය පැවැති ආර්.ප්‍රේමදාස තණතීරුව මන්දගාමී තණතිල්ලක්. ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම තව ලකුණු 20 -30ක් රැස් කළා නම් මේ තරග ප්‍රතිඵලය අනෙක් පැත්තට පෙරළෙන්නත් ඉඩ තිබුණා ඒ වෙනුවෙන් අපේ පන්දු යවන්නන්ගේ දක්ෂතා කැපී පෙනුණා. ඒ පිළීබඳව මා පන්දු යවන්නන්ට මා ස්තූතිවන්ත වනවා” යැයිද අවිශ්ක සඳහන් කර සිටියි.

නිමාවට පත් වුණු ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලි ත්‍රිත්වයේදීම අවිශ්ක ප්‍රනාන්දු ක්‍රීඩා කරන ලද්දේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වෙනුවෙනි. එහෙත් ඔහු මෙවර තරගාවලිය වෙනුවෙන් පැවැති ක්‍රීඩක වෙන්දේසියේදී දඹුල්ල අවුරා කණ්ඩායම විසින් අවිශ්ක ප්‍රනාන්දු සෘජුවම අත්සන් තැබිණ.

“කුමන කණ්ඩායම සමඟ ක්‍රීඩා කළත් වැඩිපුර ලකුණු රැස්කර කණ්ඩායමට ස්ථාවර ආරම්භයක් ලබාදීම තම අරමුණ බව කී අවිශ්ක ප්‍රනාන්දු මේ තරගාවලියේ මේ දක්වා වැඩිම ලකුණු ලැබූ පිතිකරුවා තමන් වී ඇතැයි අසන්නට ලැබීම සතුටට කරුණකැයි ද ප්‍රකාශ කළේය.

2020 වසරේ ආරම්භ කෙරුණු ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේමේ දක්වා තරග 31 කට ක්‍රීඩා කර ඇති අවිශ්ක ප්‍රනාන්දු රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 979 කි. එයට ශතකයක් සහ අර්ධ ශතක 8 ක් ඇතුළත්ව ඇත්‌තේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 36.25 ක් සටන් වෙමිනි. මෙම තරගයේ ලද අර්ධ ශතකයත් සමඟ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිලයේදී වැඩිම අර්ධ ශතක ලාභී පිතිකරුවා බවට පත්වූයේ මෙතෙක් දිනක් එහි සම හිමිකරු වූ කුසල් මෙන්ඩිස් (07) අභිබවමිනි.

බන්දුල මොල්ලිගොඩ

 

Active filters

Recent Posts

  • පළමු එක්දින තරගයෙන් නැගීඑන පිලට කඩුලු 5 ක ජයක්
    බටහිර ඉන්දීය කොදෙව් දේශයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ඇකඩම් පිල සමග පැවැත්වෙන එක්දින තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් කඩුලු 5 […]
  • පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව නිම වෙයි
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගය අද (21 දා) පස්වරුවේ නිමාවට පත්වූයේ ජය පැරදුමෙන් තොරවය. තරගය නිමා වන විට ජයග්‍රහණය සඳහා ලකුණු 296 […]
  • තරගය දැන් දෙපිලටම විවෘතයි – කමිඳු මෙන්ඩිස්
    සංචාරක බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගය දැන් දෙපිලටම විවෘත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් පැවැසීය. හෙට (21) අවසන් දිනයේ උදෑසන බංග්ලාදේශ කඩුලු දෙකක් දවා ගතහොත් ශ්‍රී […]
  • නැෂනල් යූත් ලීග් පළමු ශතකය මහනුවර පිලේ පූලීෂගෙන්
    වයස අවුරුදු 19 න් පහළ මෙරට ක්‍රියාත්මක ප්‍රධානම ජාතික ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් යූත් ලීිග් 2025 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද පැවැති තරගයකදී තරගාවලියේ පළමු ශතකය වාර්තා කිරීමට මහනුවර […]
  • අවු. 19 න් පහළ නැෂනල් යූත් ලීග් තරගාවලිය ඇරඹෙයි
    වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමට දක්ෂයින් තෝරනු ලබන මිණුම් දණ්ඩක් ලෙසින් සැලකෙන වයස අවුරුදු 19 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය මෙම ජූලි මස 21 වැනිදා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee