slc
logo
Home   |    News
අගෝස්තු 24, 2023
මහනුවර දෙවැනි ජය වාර්තා කරද්දී ගාල්ල පළමු ජය ලබයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 17 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද (24 දා) පැවැති තරග වලදී ජය වාර්තා කිරීමට මහනුවර සහ ගාල්ල කණ්ඩායම් සමත්වූහ. කැන්ඩි කණ්ඩායම මෙවර තරග වාරයේදී වාර්තා කරන ලද දෙවැනි ජයග්‍රහණය ලෙසින් ද ගාල්ල කණ්ඩායම වාර්තා කරන ලද පළමු ජය වශයෙන්ද අද තරග ජයග්‍රහණ සනිටුහන් විය.

කොළඹ සී.සී.සී. පිටියේ පැවැති දඹුල්ල පිලට ඒරෙහි තරගය තරමක තියුණු මුහුණුවරක් ගත් අතර ඒහිදී ලකුණු 209 ක ඉලක්කය හඹා ගිය ගාල්ල කණ්ඩායම කඩුලු 8 ක් දැවී ඉලක්කය සපුරා ගියේය.

මෙහිදී පළමු කඩුලු 6 ම ලකුණු 90 ක් ඇතුළත බිඳ වැටී ජයග්‍රහණය අසීරු තත්ත්වයක පවතිද්දී පිටියට පිවිසි ගාල්ල කණ්ඩායමේ විරාන් චමුදිත නොදැවී ලකුණු 85 ක් ලබා ගනිමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය. අංක 8 පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි චමුදිත පන්දු 68 කට මුහුණ දෙමින් ඒම ලකුණු 85 රැස් කර ගත්තේය. ඒ් ඊට හයේ පහරක් සහ හතරේ පහර 12 ක්ද ඇතුළත් කරමිනි.

කොළඹ ඒස්. ඒස්. සී. ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජයග්‍රාහී මහනුවර කණ්ඩායම වෙනුවෙන් කඩුලු රකින ක්‍රීඩක ඉසුරු පන්නල පන්දු 81 කදී ලකුණු 68 ක් ලබා ගනිමින් සිය කණ්ඩායමට අවශ්‍ය ජයග්‍රාහී පදනම ඒක් කළේය. ඉදිරි පෙළ පිතිකරුවන් අසාර්ථක වුවද ලක්වින් අබේසිංහ ට ඒක් වූ ඉසුරු පන්නල පන්දු 89 කදී ලකුණු 78 ක සම්බන්ධතාවක් පවත්වමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 200 ඔබ්බට රැගෙන ගියහ.

ප්‍රතිවාදී කොළඹ දකුණු කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඉසුරු නිදර්ශන හයේ පහරක් සහ හතරේ පහර 9 ක්ද සමඟින් පන්දු 56 කදී වේගවත් ලකුණු 60 ක් ලබා ගැනීමට සමත් වුවද අංක 2 සිට අංක 4 දක්වා වූ පිතිකරුවන් තිදෙනා අඩු ලකුණු සංඛ්‍යාවන් වලට දැවී යෑම ඔවුනට දැඩි පාඩුවක් විය. කෙසේ වෙතත් මැද පෙළින් පැමිණි දුරංක සිල්වා (26) සහ දිනෙත් සිතුමිණ (40) ලකුණු ලබා ගැනිමට සමත්වීම නිසා ලකුණු 200 සීමාවෙන් ඔබ්බට කොළඹ දකුණ කණ්ඩායමට හැකියාව ලැබිණ.

මහනුවර පිලට කඩුලු 4 ක ජයක්

කොළඹ දකුණ පන්දුවාර 46.5 කදී ලකුණු 203 යි – (ඉසුරු නිදර්ශන 60, දුරන්ක සිල්වා 26, දිනෙත් සිතුමින 40, රමිරු පෙරේරා 10, දෙනෙත් ප්‍රීයංග 32, කවිඳු ඩයස් 11, සෙනුර ගිහාන් 33/3, දසුන් වලියංග 39/3)

මහනුවර පන්දුවාර 41.5 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 205 යි – (ඉසුරු පන්නල 68, කවීජ ගමගේ 18, වති උදාර 10, ලක්වින් අබේසිංහ 36, අහමද් නයාම් 24*, රනුක මලවිආරච්චි 45/2, රෂාන් නවරංජන 45/2)

ගාල්ලට කඩූලු 2 ක ජයක්

දඹුල්ල පන්දුවාර 49.4 කදී ලකුණු 208 යි – (බුද්දුම සහන් 22, පන්සිලු රණසිංහ 34, ජිනජිත් දුල්මික 26, මතීෂ යෙහෙනිත් 16, කවිත ෂෙහාර 15, යස්මින් ජයසුන්දර 41, ජේ. ආර්. නිවුටන් 28, කනිෂ්ක රසාංග 23/3, මලිත් මිහිරංග 65/2, විරාන් චමුදිත 14/2, යුරි කොත්තිගොඩ 44/2)

ගාල්ල පන්දුවාර 43.3 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 209 යි – (විශ්ව සුපුන් 21, චාර්ය පරණවිතාන 12, පෙසඳු සන්ජන් 25, සදෙව් ගමගේ 16, විරාන් චමුදිත 85*, ජේ.ආර්. නිව්ටන් 43/3, දිමත් අබේසිංහ 32/2)

Active filters

Recent Posts

  • දේශීය ක්‍රීඩකයින්ගේ යෝග්‍යතාවය සහ කාර්යය සාධනය වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය
    ක්‍රිකට් පිටියේ කාර්යය සාධනය වැඩිදියුණු කරලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අඛණ්ඩව දරනු ලබන උත්සාහයන් අතර දේශීය පළමු පෙළ ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින්ගේ සමෙහි මේද ඝණත්වය මැණ බැලීම […]
  • කැන්ඩි – කොළඹ තරගය ජය පරාජ නෑ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැති කැන්ඩි හා කොළඹ අතර තරගය ජය පරාජයෙන් ‍තොරව නිමාවට පත් වූවේය. […]
  • ගාල්ලට ලකුණු 145ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන දඹුල්ල […]
  • වෙල්ලාලගේ පීඩනය හමුවේ දඹුල්ල ලකුණු 27ට කඩුලු 6යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන දඹුල්ල […]
  • ජය හඹා යන කොළඹ කඩුලු 9ක් අතැතිව ලකුණු 514ක් පසුපසින්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන කැන්ඩි හා කොළඹ අතර තරගයේ ජයග්‍රහණය හඹා යන කොළඹ පිල තෙවැනි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee