slc
logo
Home   |    News
අගෝස්තු 21, 2023
හොඳ දේ කළොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා – වනිඳු හසරංග

sinhala editor

මේ මස අවසානයේ ආරම්භ වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීම වැදගත් වන හෙයින් වෛද්‍ය උපදෙස් මත ක්‍රියා කිරීමට තමන් තීරණය කර ඇතැයි ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සූරතාව දිනූ බී ලව් කැන්ඩි කණ්ඩායමේ නායක වනිඳු හසරංග ද සිල්වා ප්‍රකාශ කරයි. අගෝස්තු මස 20 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට රැස් වූ 25,000 කට අධික වාර්තාගත ක්‍රීඩා ලෝලීන් ඉදිරියේ දඹුල්ල අවුරා කණ්ඩායම පරාජයට පත් කරමින් ශූරතාව දිනූ බී ලව් කැන්ඩි කණ්ඩායමේ නායකයා තරගයෙන් අනතුරුව මාධ්‍ය අමහතමින් උක්ත අදහස පළ කර සිටියේය.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසාන මහා තරගයට සහභාගි නොවීමට තමා තීරණය කළේ ආසියානු කුසලාන තරගාවලියේදී මව්බිම නියෝජනය කිරීම වැදගත් වන හෙයින් වෛද්‍ය උපදෙස් මත ආබාධ සුව කර ගැනීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් යැයි ද වනිඳු හසරංග කියයි.

“මගේ පාදයේ ආබාධය නොතකා අපහසුවෙන් හෝ අවසාන තරගයට සහභාගිවීමට මා බලාපොරොත්තු වුවත් දින කිහිපයක් විවේක ගන්නා ලෙසට මා හට වෛද්‍ය උපදෙස් ලැබුණා. කොපමණ දිනක් යනතුරු විවේක ගත යුතු දැයි වෛද්‍යවරුන් තවමත් දන්වා නොමැති වුව ද ඒ පිළිබඳව අද හෙටම සාකච්ඡා කිරීමට මා අපේක්ෂා කරනවා. මා අවසාන තරගයට සහභාගි නොවුවත් ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමට නායකත්වය දෙමින් කුසලානය දිනා ගැනීම පිළිබඳව මා සතුටට පත්වනවා.“

තමන් නියැළී සිටින ක්‍රිකට් ක්‍රීඩාව සඳහා වැඩි අගයක් ලබා දුනහොත් එහි යහපත් ප්‍රතිලාභ පෙරළා තමන් වෙත ලැබෙන බව ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී තමා පසක් කළ බවද වනිඳු හසරංග සඳහන් කර සිටියේය.

”ලීග් තරග වගේ නෙවෙයි මම මගේ උපරිමය රට වෙනුවෙන් ලබා දිය යුතුයි.අපිට මේ හැමදේම ලැබිලා තියෙන්නෙ ක්‍රිකට් ක්‍රීඩාවෙන් අපි වෙහෙසෙන නිසා. ඉදිරියේදී ක්‍රිකට් ක්‍රීඩා කරන තරුණ ක්‍රීඩයින්ට මම කියන්නේ අපි කරන ක්‍රීඩාව වෙනුවෙන් වැඩි අගයක් ලබා දෙන්න ඔ්න කියලා. ඒසේ කළහොත් ඒහි ප්‍රතිලාභ පෙරළා අපිට ලැබෙන බව මං විශ්වාස කරනවා” යැයි වනිඳු සඳහන් කර සිටියේය.

මෙවර එල්පීඑල්  තරඟාවලියේ සෑම ආකාරයෙන්ම දක්ෂතා දැක්වූ වනිදු හසරංග  තරගාවලියේ වීරයා බවට පත්වූ අතර තරගාවලිය තුළ වැඩිම ලකුණු ලාභියා සහ වැඩිම කඩුලු ලාභියා වූයේ ද වූයේද හසරංගයි. එහිදී තරගාවලියේ ලකුණු 279 ක් ලැබූ ඔහු කඩුලු 19 ක් බිඳ හෙලූ අතර වැඩිම 6 පහර වාර්තාව ලෙස 6 පහර 19 ක් ද වන ද එල්ල කර ඇත.

එසේම වැඩිම ප්‍රාහාරාත්මක වේගය ලෙස 189.8 කට හිමිකම් කියන වනිඳු හොඳම පන්දු යැවීමේ සාමාන්‍ය වූ 10.74 කට හිමිකම් කියයි.

අවසන්  තරගය ජයග්‍රහනය සඳහා වැඩි මෙහෙයක් කළ වනිඳු ගේ ආදේශක නායකයා වූ ඇන්ජලෝ මැතිව්ස් තරගයේ ජයග්‍රහණය සනාථ වන තෙක්ම කඩුල්ලේ රැඳී සිටිමින් තරගයේ වීරයා සම්මානයද හිමිකර ගත්තේය.

“කමිඳු මෙන්ඩිස් මෙම තරගය ක්‍රීඩා කළ ආකාරයත් අශේන් බණ්ඩාර සතු දක්ෂතාව‍යත් නිසා ඔවුන් දෙදෙනා අපට ඉතා වටිනා ක්‍රීඩකයන් දෙදෙනකු වනවා. එසේම තරුණ ක්‍රීඩකයෙකු ලෙස මටත් ජේෂ්ඨ ක්‍රීඩකයන්ගේ ඉගෙන ගත යුතු දේවල් රැසක් තියෙනවා.එසේ ඔවුන්ගෙන් ඉගෙන ගැනීමට නම් ඔවුන් කණ්ඩායමේ සිටිය යුතුමයි.ඔවුන් සමඟින් ක්‍රීඩා කළ යුතුමයි.එසේම ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල්ට තවත් ඉදිරියටත් රටට විශාල සේවයක් කළ හැකි බව මම විශ්වාස කරනවා. මෙම තරගයේ දී ඇන්ජලෝ මැතිව්ස් කෙතරම් සංයමයකින් තරගය නිමාවන තුරු කඩුල්ලේ රැඳී සිටිය ද යන කරුණෙන් එය පෙනී යනවා.”

අවසාන මහා තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී ලකුණු 147 ක් ලබාගත් අතර නුවර ක්‍රීඩකයෝ පන්දු වාර 19.5 කදී අදාල ඉලක්කය හඹා ගොස් තම කුළුඳුල් එල්පීඑල් කුසලානය හිමිකර ගත්හ.

ක්‍රීඩක වෙන්දේසියේ දී ද තමන් ජේෂ්ඨ ක්‍රීඩකයන් කණ්ඩායමට එක්කර ගැනීම සම්බන්ධයෙන් වැඩි වශයෙන්  සැලකිලිමත් වූ බවද  වනිදු හසරංග  කියා සිටියේය.

තමන් මෙම තරගය ක්‍රීඩා කළත් නැතත්  හොඳම ක්‍රීඩකයින් ක්‍රීඩක වෙන්දේසියේදී  එක් කර ගෙන තිබූ නිසා මෙම තරඟය ජයග්‍රහණය කිරීමට තම කණ්ඩායමට හැකි වුනු බව ද වනිදු එහිදී සඳහන් කළේය.පළපුරුදු ක්‍රීඩකයන් සිටීමේ වැදගත්කම එය බවද පසුගිය වර  තමන්ට අවසන් මහා තරගයට ඒමට නොහැකි වුණේ අත්දැකීම් අඩු බව නිසා බවද වනිදු කීය.එම වැරදි හදාගෙන ජේෂ්ඨ  ක්‍රීඩකයන් කණ්ඩායමට වැඩි වශයෙන් එක්කර ගැනීමේ ප්‍රතිඵල තමන් අද භුක්ති විඳින බව ද  ජයග්‍රාහී  නායකයා සඳහන් කළේය.

Active filters

Recent Posts

  • හම්බන්තොට පළමු ජය ලබයි
    ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගය ලෙසින් අද (14 දා) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් නුවරඑළිය කිංග්ස්ට එරෙහිව කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට හම්බන්තොට බංග්ලා ටයිගර්ස් […]
  • ජැෆ්නා ටයිටෑන්ස් තෙවැනි ජයත් වාර්තා කරයි.
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි දිනය වූ අද (14 දා) 11 වැනි තරගය ලෙසින්ගෝ ල් මාවල්ස් පිලට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු […]
  • ජනසතු සේවා ප්‍රධාන ක්‍රීඩා සංකීර්ණය ජනතා අයිතියට
    සහජ දක්ෂතා ඇති සෑම ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සඳහා සමාන අවස්ථා ලබාදීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් “ජාතික සංවර්ධන ගමන් මඟ“ වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ […]
  • තෙවැනි දින තරග 3 ටම වර්ෂාවෙන් බාධා
    පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගය ලෙසින් අද (13 දා) පස්වරුවේ පැවැති තරගයද වර්ෂාව හේතුවෙන් පන්දුවාර 5.5 කට සීමා වෙමින් නිමාවට පත්විය. ප.ව. […]
  • කලම්බු පැරදවූ ජැෆ්නා පිල ප්‍රසාදා ලකුණු සටහනේ පෙරමුණට
    Chamila Karawita reporting from Pallekele පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගය ලෙසින් අද (12 දා) පැවැති තරගයෙන් කලම්බු ජැගුවර්ස් කන්ඩායමට එරෙහිව ලකුණු 40 […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee