slc
logo
Home   |    News
අගෝස්තු 16, 2023
බී-ලව් කැන්ඩි තෙවැනි තැනට ඇද දමා ගෝල් ටයිටෑන්ස් දෙවැනියා වෙයි

sinhala editor

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග අවසන් වෙද්දී ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන සිටි වනිඳු හසරංග නායකත්වයෙන් යුත් බී-ලව් කැන්ඩි පිල තෙවැනි තැනට ඇද දමා දෙවැනි තැන ගැනීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ගෝල් ටයිටෑන්ස් සමත්වෙයි. ගෝල් ටයිටෑන්ස් මුහුණදුන් අවසන් තරගයේදී අඩු ඕවර් ගණනකට කළම්බු ස්ට්‍රයිකර්ස් දවාගෙන ඉක්මන් ජයග්‍රහණයක් වාර්තා කිරීම හේතුවෙන් දළ ලකුණු වේගය ඉහළ ගියේය.

ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටීමට කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් දඹුල්ල අවුරා පිල සමත් වූ අතර, තරග 8කදී ජයග්‍රහණ 6ක් හා තරග 2ක් පරාජයට පත්වී ලකුණු 12ක් ලබා සිටී. ඔවුන් පරාජයට පත්වූයේ මහනුවරදී කැන්ඩි පිලට එරෙහිව කඩුලු 7කින් හා කොළඹදී ගෝල් ටයිටෑන්ස් සමග තරගය සමවී සුපිරි ඕවරයේ ප්‍රතිඵල මතය. දඹුල්ල අවුරා පිලේ ලකුණු ලබා ගැනීමේ වේගය 0.793කි. දඹුල්ල අවුරා පිලේ පිතිකරුවන් අතර සධීර සමරවික්‍රම අර්ධ ශතකයක් සමග ලකුණු 185ක් ලබා සිටින අතර, එම පිලේ වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නා ලෙස කඩුලු 9ක් බිඳ හෙලාගත් ධනංජය ද සිල්වා ඉදිරියට පැමිණියේය.

ගෝල් ටයිටෑන්ස් පිල සහභාගී වූ තරග 8කදී තරග 4ක් ජයගෙන තරග 4ක් පරාජයට පත්වී ලකුණු 8ක් ලබාගත් අතර, දළ ලකුණු ලබා ගැනීමේ වේගය 0.353ක් ලෙස පවතී. ජැෆ්නා කිංග්ස්, කළම්බු ස්ට්‍රයිකර්ස්, බී-ලව් කැන්ඩි හා දඹුල්ල අවුරා හමුවීම්වලදී ගෝල් පිල පරාජයට පත්විය. ගෝල් ටයිටෑන්ස් පිලේ ටිම් සෙයිෆිර්ට් තරග 7කදී අර්ධ ශතක 3ක් සමග ලකුණු 231ක් ලබා සිටින අතර, කසුන් රාජිත කඩුලු 10ක් බිද හෙලා සිටී.

වනිඳු හසරංග නායකත්වය දරණ බී-ලව් කැන්ඩි පිල තරග 8කදී ජයග්‍රහණ 4ක් හා පරාජ 4ක් සමග ලකුණු 8ක් ලබා ලකුණු ලබා ගැනීමේ වේගය අනුව තෙවැනි තැනට පත්විය. ඔවුන්ගේ ලකුණු ලබා ගැනීමේ වේගය 0.185කි. බී-ලව් කැන්ඩි පිල කලම්බු ස්ට්‍රයිකර්ස්, ගෝල් ටයිටෑන්ස්, ජැෆ්නා කිංග්ස් හා බී-ලව් කැන්ඩි වෙතින් පරාජයට පත්විය. බී-ලව් කැන්ඩි පිලේ පිතිකරුවන් අතර නායක වනිඳු හසරංග ඉදිරියෙන්ම සිටින අතර ඔහු අර්ධ ශතක 2ක් සමග ලකුණු 212ක් ලබා සිටී. කැන්ඩි පිලේ වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නා ලෙස ද වනිඳු හසරංග ඉදිරියෙන් සිටිමින් කඩුලු 11ක් දවාගෙන සිටී.

ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 6ක් ගෙන සිවුවැනි ස්ථානයට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් පත්ව ඇත්තේ දළ ලකුණු ලබා ගැනීමේ වේගය අනුවය. ජැෆ්නා පිල තරග 8කදී ජයග්‍රහණ 3ක් හා පරාජ 5ක් සමග ලකුණු 6ක් ලබා සිටින අතර, දළ ලකුණු ලබා ගැනීමේ වේගය -0.179ක් වේ. ජැෆ්නා පිල ප්‍රේමදාස පිටියේදී දඹුල්ල අවුරා වෙතින් පරාජය වූ අතර, මහනුවරදී බී- ලව් කැන්ඩි හා යළිත් දඹුල්ල අවුරා වෙතින් පරාජය විය. එමෙන්ම ප්‍රේමදාස පිටියේදී කැන්ඩි හා ගෝල් වෙතින් පරාජයට පත්විය. ජැෆ්නා පිලේ තව්හිඩ් රිඩෝයි තරග 6කදී අර්ධ ශතකයක් සමග ලකුණු 155ක් ලබා එම පිලේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරු බවට පත්ව සිටින අතර, වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නා ලෙස දුනිත් වෙල්ලාලගේ කඩුලු 10ක් ලබා ඇත.

නිරෝෂන් දික්වැල්ලගේ නායකත්වයෙන් යුත් කලම්බු ස්ට්‍රයිකර්ස් පිල ද තරග 8කට සහභාගීවී තරග 3ක් ජයගෙන තරග 5ක් පරාජයවී ප්‍රසාද ලකුණු 6ක් ලබා සිටියද, ජැෆ්නා පිලට වඩා දළ ලකුණු ලබා ගැනීමේ වේගය දශමයකටත් අඩු ගණනකින් පසුපස සිටියේය. මේ හේතුවෙන් කළම්බු පිල – 1. 215ක් ලෙස 5 වැනි ස්ථානයට තල්ලු විය. ජැෆ්නා කිංග්ස් වෙතින් දෙවතාවක් හා දඹුල්ල අවුරා වෙතින් අවස්ථා දෙකේදී පරාජයට පත්වූ කළම්බු පිල අවසන් තරගයේදී ගෝල් පිල වෙතින් පරාජයට පත්වීමෙන් මෙවර තරගාවලියේ අවසන් ෂ්තානයේ රැදුණි. එම පිලේ බාබර් අසාම් තරග 8කදී ශතකයක් හා අර්ධ ශතකයක් සමග ලකුණු 261ක් ලබා සිටින අතර වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නා ලෙස මතීෂ පතිරණ කඩුලු 12ක් ගෙන කලම්බු පිලේ ඉදිරියෙන් සිටී.

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

USD United States (US) dollar