ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගිවන චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (19 දා) පස්වරුවේදී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් චීනය බලා පිටත්ව ගියේය.
සැප්තැම්බර් මස 19 වැනිදා සිට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ඒක් තරග ඉසව්වක් වන ක්‍රිකට් ඉසව්ව සඳහා ශ්‍රී ලංකාවෙන් 15 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් නම් කරනු ලැබීය. ඉකුත්දා ඒංගලන්ත තරග සංචාරයේ නියැළු ක්‍රීඩිකාවන් අතරින් කාව්‍යා කාවින්දි සහ හංසිමා කරුණාරත්නට අද පිටතව යන ආසියානු තරගාවලිය සඳහා වන කණ්ඩායමේ ස්ථාන අහිමිවිම තිබීම කැපී පෙනෙයි. කෙසේ වෙතත් කෞෂානි නුත්යාංගනාට මෙම තරගාවලියේදී කණ්ඩායමේ අවස්ථාව හිමිව තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මූලස්ථානයේ පැවැති සර්වාගමික වතාවත්වලට සහභාගිවීමෙන් අනතුරුව චමරි ඇතුළු පිරිවට ගුවන් තොටුපොළ බලා පිටත්ව ගියේය.
තරගාවලිය 19 වැනිදා ආරම්භ වුවද ශ්‍රී ලංකා කණ්ඩායම තම පළමු තරගය සඳහා සැප්තැම්බර් 22 වැනිදා සහභාගිවනු ඇත. සුදුසුකම් ලැබීමේ 3 තරගය යටතේ ශ්‍රී ලංකාව සහභාගිවීමට නියමිත නමුත් ඔවුන්ගේ ප්‍රතිවාදීන් කවුරුන්ද යන්න මේ වන තෙක්ම තහවුරු වී නොමැත. ඒ මන්ද යත් මූලික වටය යටතේ පැවැත්වෙන තරග වලින් අනතුරුව ජයගනු ලබන රටවල් තරගාවලියේ දෙවැනි වටය වන සුදුසුකම් ලැබීමේ තරග සඳහා සුදුසුකම් ලබනු ඇත.
ආසියානු කළාපයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන ප්‍රධානම රටවල් හතරට අමතරව ඉන්දුනීසියාව, මොංගෝලියාව ‘ඒ’ කාණ්ඩය යටතේද හොංකොං චයිනා සහ මැලේසියා යන රටවල් ‘බී’ කාණ්ඩය යටතේද තරග වදිනු ඇත. අදාළ කාණ්ඩවල කණ්ඩායම් සිය ඒදිරි වාදීන් සමඟ තරග වැදීමට නියමිත අතර ඉන් ජය ගනු ලබන කණ්ඩායම් දෙක සෘජුවම දෙවැනි වටය සඳහා සුදුසුකම් ලබන අතර පරාජයට පත් වන කණ්ඩායම් දෙක යළිත් තරග වැදීමට නියමිත අතර ඉන් ජය ගනු ලබන කණ්ඩායමද සුදුසුකම් ලැබීමේ 3 කණ්ඩායම ලෙසින් ඉදිරි තරග වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමිවනු ඇත.
සුදුසුකම් ලැබීමේ තරග වටයේදී ජය ගනු ලබන කණ්ඩායම් අවසන් පූර්ව තරග වටය සඳහා සුදුසුකම් ලබන අතර ඒහි ජය වාර්තා කරනු ලබන පිළිවෙළ අනුව අවසන් මහ තරගය මෙන්ම තෙවැනි සහ සිව්වැනි ස්ථාන තේරීම වෙනුවෙන් වන තරග වලට ක්‍රීඩා කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා කාන්තා පිල – චමරි අතපත්තු (නායිකා), හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, ඉමේෂා දුලානි, අනුෂ්කා සංජීවනී, ඔෂධී රණසිංහ, සුගන්ධිකා කුමාරි, ඉනෝකා රණවීර, උදේශිකා ප්‍රබෝධනී, හසිනි පෙරේරා, කෞෂානි නුත්‍යාංගනා, අචිනි කුලසූරිය, ඉනෝෂි ප්‍රනාන්දු.
කණ්ඩායම් නායිකා චමරි අතප්තතු ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබා ගනිමින්.