ක්‍රීඩා හා යෞවන අමාත්‍යාංශය විසින් ලබා දුන් අනුමැතියෙන් අනතුරුව මෙරට ප්‍රධානතම ක්‍රීඩා සමාජ තුන්දින ලීග් ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් මස 22 වැනිදා (හෙට) සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩා අමාත්‍යාංශය අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තරගාවලිය පැවැත්වීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය ඒකඟතාවය ලබා දී තිබේ. ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරන ලද අභියාචානා කමිටුව විසින් ගනු ලැබූ තීරණයක් අනුව මෙරට සියලුම දේශීය තරග නවතා දමන ලෙස 2023 අගෝස්තු මස 25 වැනිදා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිඛිතව දැනුම් දෙන ලදී. ඒ් අනුව ඉකත් සැප්තැම්බර් මස 01 වැනිදා සිට දේශීය තරගාවලිය තාවකාලිකව නවතා දැමුණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉකුත්දා ක්‍රීඩා අමාත්‍යවරයා හමුවේ සිදුකරන ලද කරුණු පැහැදිළි කිරීමකින් පසු ඊට පිළිතුරු ලෙස නැවතත් දේශීය ක්‍රීඩා සමාජ තුන්දින ක්‍රිකට් තරග ආරම්භ කරන ලෙසට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී තිබේ.