slc
logo
Home   |    News
සැප්තැම්බර් 15, 2023
ප්‍රතිවාදීන්ට අපිව අභියෝගයක්  – දසුන් ශානක

sinhala editor

ඉන්දියාවේදී ලබන මස 5 වැනිදා සිට නොවැම්බර් මස 19 වැනිදා දක්වා පැවැත්වෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලට අභියෝග තිබුණද, අනෙක් කණ්ඩායම්වලට ශ්‍රී ලංකාව විශාග අභියෝගයක් වනු ඇතැයි ශ්‍රී ලංකා එක්දින හා විස්සයි 20 ක්‍රිකට් නායක දසුන් ශානක සඳහන් කළේය. එබැවින් අපට ලැබෙන අභියෝගවලට උසස් ලෙස මුහුණදී ශ්‍රී ලංකාවට දෙවැනි වරටත් එක්දින ලෝක කුසලානය රැගෙන ඒම තම කණ්ඩායමේ එකම පැතුම බව දසුන් ශානක පැවැසීය.

හෙතෙම මේ බව පැවැසූවේ අයිසීසී ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවේ සිදුකරන සංචාරය නිමිත්තෙන් කොළඹදී පැවැති චාම් උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමිණි. ඉන්දියාවේ පැවැත්වෙන අයිසීසී ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට පෙර ටෙස්ට් ක්‍රීඩා කරන රටවල හා ටෙස්ට් තත්ත්වය නොමැති රටවල කුසලානය සංචාරය කිරීම ආරම්භ කළ අතර, ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල දින දෙකක කාලයක් මෙය ප්‍රදර්ශනය කිරීමට පියවර ගෙන ඇත. ශ්‍රී ලංකා ජනතාවට අයිසීසී ක්‍රිකට් ලෝක කුසලානය දැක ගැනීමට හා ස්පර්ශ කිරීම උදෙසා මෙම  සුවිශේෂී අවස්ථාව උදාකරමින් දසුන් ශානක ඇතුලු ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිපදෙනකු පැමිණ කුසලානය පිළිගැනීම සිදු කෙරුණි.

“ඉදිරියේ එන ලෝක කුසලානයේ අපට අභියෝග තියෙනවා. ඒක නෑ කියන්න කාටවත් බෑ. අභියෝග කියන එක කවදාවත් නිමා වන්නේ නෑ. හැබැයි අනෙක් කණ්ඩායම්වලටත් අපව අභියෝගයක් බව අමතක නොකළ යුතුයි. කුමන අභියෝගය ආවත් ඒ අභියෝගවලට මුහුණ දෙන්න සියලු ක්‍රීඩකයින් සූදානමින් ඉන්නවා. ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන ඉන්දීය තණතිලිවලට උචිත දඟ පන්දු යවන්නන් අපට සිටිනවා. ඉදිරි පෙළ පිතිකරුවන් ලකුණු අතර සිටිනවා. ඒ නිසා ඉන්දීය තණතිලිවලට හා පරිසරයට අපේ ක්‍රීඩකයින් සාර්ථකව මුහුණ දේවි. ඒ ගැන හොද විශ්වාසයක් තියනවා“ දසුන් ශානක පැවැසීය.

“ අද ක්‍රිකට් රටාව අනුව ක්‍රීඩකයෝ අලුත් ද පැරණි ද කියා වෙනසක් නෑ. වෙල්ලාලගේ, මතීෂ වගේ නවකයින් මට අවශ්‍ය වේලාවට කඩුලු අරන් දුන්නා. ඒ වගේම සියලු ක්‍රීඩකයින් හොද ජයග්‍රාහී මානසිකත්වයක ඉන්නවා“ දසුන් ශානක සඳහන් කළේය.

ශ්‍රී ලංකා පිල පසුගිය කාලය පුරා පැමිණි ගමන් මාවතේදී ලොකු කුඩා සෑම තරාතිරමකම ප්‍රේක්ෂකයින් කණ්ඩායම සමග සිටි බවත්, ඒ තුලින් ගොඩනැගී ඇති විශ්වාසය ජයග්‍රහණයට හේතුවක් බවත් දසුන් ශානක සඳහන් කළේය.

“ අපේ නරඹන්නන්ගෙන් ලැබුණු විශ්වාසය රැකගෙන ජයග්‍රහණ ගෙනදීමට සියලු ක්‍රීඩකයෝ සැදී පැහැදී සිටිනවා. අපේ ප්‍රේක්ෂකයෝ හැමදාම හැම වේලාවේම අප සමග සිටියා. ආසියානු කුසලානයේ පාකිස්තානය සමග තරගයේ අන්තිම පන්දුව වනතුරු නියපොතු සපමින් අපේ ජයග්‍රහණය දෙස අපේ ජනතාව බලා සිටියා. ඒක විශාල අත්දැකීමක්. ඒ සහයෝගය හා විශ්වාසය අපට වැදගත්. ඒ විශ්වාසය ක්‍රීඩකයින් ලෙස රැක ගෙන ඉදිරියේදී කටයුතු කිරීමට අපේක්ෂාවෙන් පසුවෙනවා. ඔවුන් අපට දෙන ආශිර්වාදය ඉතා විශාලයි. ලෝක කුසලාන තරගාවලියේදීත් ඒ සහයෝගය අපට අවශ්‍ය වෙනවා“ දසුන් ශානක පැවැසීය.

පිතිකරුවෙකු ලෙස තමන් පත්ව ඇති පසුබැසීම පිළිගන්නා බව දසුන් ශානක ඉතා නිහතමානීව සඳහන් කළේය. “ පසුගිය තරග කිහිපයක පන්දුවට පහරදීමේදී ලකුණු අතරට මට එන්න බැරි වුණා. ලෝක කුසලානය පැවැත්වෙන ඉන්දියාවේ තණතිලි පිතිකරුවන්ට ගොඩක් යෝග්‍යයි. ලෝක කුසලාන තරගාවලියේදී මට යළිත් සුපුරුදු දක්ෂතා අතරට එන්න පුලුවන්. ඒ ගැන විශ්වාසයි. අපේ කණ්ඩායම ඉතාම හොද දක්ෂ කණ්ඩායමක්. ලංකාවේ ක්‍රිකට් ගහපු අය පවා හිතුවේ නෑ ආසියානු කුසලාන තරගාවලියේ අපි අවසන් තරගයට එයි කියා. ලෝක කුසලාන තරගාවලියේදී අපි පෙරැළියක් කරනවා. ඒක ක්‍රීඩකයින් හැම දෙනාගේම තියෙන ලොකු බලාපොරොත්තුවක්“ දසුන් ශානක පැවැසීය.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තීරණාත්මකම සාධයකයක් බවට පත්ව තිබෙන කාසියේ වාසිය තමන්  සතු කරගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම අද […]
  • දෙපිළම තීරණාත්මක කඩඉමක් අභියස
    පිතිකරුවන් අතින් සිදුවූ අතපසුවීම හේතුවෙන් ලකුණු 249 ක ජයග්‍රාහී පහසු ඉලක්කය අතහැර ගැනීම නිසා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පැමිණීමට පෙරම තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාවට තිබූ පහසුම අවස්ථාව මඟ […]
  • දසුන් සහ චාමිකට විස්සයි-20 සංචිතයට කැඳවුම්
    බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු නායකයකු වන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සහ චාමික […]
  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee