slc
logo
Home   |    News
සැප්තැම්බර් 14, 2023
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ සිව්දින තරගාවලියත් දිනති

sinhala editor

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි සිව් දින ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායමට එරෙහිව  කඩුලු හතක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තරග 2 කින් සමන්විත සිව්දින තරගාවලිය 1-0 ක් ලෙස අද (14 දා) ජය ගත්තේය. ශ්‍රී ලංක යොවුන් ක්‍රීඩකයෝ මෙම තරග ජය වාර්තා කරන ලද්දේ තරගයේ සමස්ථ දින එකහමාරක්ම ඉතිරිව තිබියදීම වීම කැපී පෙනෙයි.

දෙවන දින තරගය නිම වන විට සිය දෙවන ඉනිම සඳහා කඩුලු අටකට ලකුණු 251ක් ලබා සිටි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද (14) උදෑසන තවත් පන්දුවාර 5.5කට පමණක් මුහුණ දී එක් කළ ලකුණු සංඛ්‍යාව ලකුණු 26කි.

කොදෙව් දෙවන ඉනිමේ විශේෂත්වය වූයේ දෙවන ටෙස්ට් තරගයේ ප්‍රථම ඉනිමේ දී ලකුණු 52ක් රැස් කළ ජෝර්ඩ්න් ජොන්සන් දෙවන ඉනිමේ දී ද දක්ෂතා දක්වමින් පන්දු 163කට මුහුණ දී හතරේ පහර විස්සක් සහ හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 157ක් රැස් කිරීමය. කොදෙව් කණ්ඩායම අද රැස් කළ ලකුණු 26න් 24ක් ම රැස් කළේ ජෝර්ඩ්න් ජොන්සන්ය. ජෝර්ඩ්න් දෙවන ඉනිමේ දී නොදැවී ලකුණු 157ක් රැස් කිරීමට සමත්වීමත් සමඟ ඔහු මෙම තරගාවලියේදී ඉනිම 3 කදී රැස් කරන ලද ලකුණු සංඛ්‍යාව 358 ක් ලෙසින් සටහන් වේ. එහි ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලකුණු 179 ක් ලෙසින් සටහන් වේ.

මෙම තරගයේදී කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ විහස් තෙව්මික පළමු ඉනිමේදී ලබාගත් කඩුලු 5 ට අමතරව දෙවැනි ඉනිමේදී  ලකුණු 63 කට කඩුලු 3 ක් බිඳ හෙළමින් සමස්ථ තරගයේදී ලකුණු 108 කට කඩුලු 8 ක් බිඳ හෙළීය. ඔහු පළමු තරගයේ පළමු ඉනිමේදී කඩුලු 2 ක් සහ දෙවැනි ඉනිමේදී කඩුලු 6 ක් දවා ගැනීමට සමත්වූවේය. මෙම තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වූ දකුණතු පා දඟ පන්දු යවන්නා ඉනිම 3 කදී බිඳ හෙළා ඇති සමස්ථ කඩුලු සංඛ්‍යාව 14 ක් ‌වේ. එහි ඉනිමක කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 13.14 ක් ලෙසින් සටහන් වේ. ඔහුගේ මෙම පන්දු යැවීම නිසා දෙවැනි තරගයේ වීරයා සම්මානයෙද් විහස් සම්මාන ලැබීය.

ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවන ඉනිමේ දී ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූයේ ලකුණු 79කි. නායක සිනෙත් ජයවර්ධන ආරම්භක පිතිකරු ලෙසින් පැමිණ ප්‍රහාරාත්මක පිතිහරඹයක නියැලුණේ පන්දු 14ක දී හතරේ පහක් හයේ පහරක් සමඟ ලකුණු 30ක් රැස් කරමිනි. සිනෙත් අනෙක් ආරම්භක පිතිකරු පුළිඳු පෙරේරා සමඟ මුල් විකට්ටුවට ලකුණු 33ක් රැස් කළේ පන්දුවාර 4.1ක දීය.

අංක තුන පිතිකරු මල්ෂා තරුපති ලකුණු දෙකකට දැවී යාමෙන් පසු සිව් වන කඩුල්ලට රුසඳ ගමගේ නොදැවී  21ක් ද රවිෂාන් ද සිල්වා නොදැවී 17ක් ද ද වන සේ සිව් වන කඩුල්ලට ලකුණු 41ක් රැස් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.

තරගයේ තීරකවරයා ලෙසින් කටයුතු කළ රංජිත් ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සම්මාන ප්‍රධානයේදී පළමු තරගයේ තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ දිනුර කලුපහන ඒම තරගයේ වීරයා ලෙසින් සම්මාන ලබද්දී ඉනිම 3 කදී ලකුණු 358 ක් රැස් කළ ජෝර්ඩන් ජොන්සන් තරගාවලියේ වීරයා ලෙසින් සම්මාන ලැබීය.

බටහිර ඉන්දීය කොදෙව් දූපත් මුල් ඉනිම පන්දුවාර 36.4ක දී සියල්ල දැවී 127යි – (ජෝර්ඩ්න් ජොන්සන් 52, ස්ටීවන් පැස්කල් 28, ස්ටීව් වේඩ්න්බර්න් 24, විහස් තෙව්මික 43/5, මල්ෂා තරුපති 16/3, කවීෂ පියුමල් 32/1).

ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම මුල් ඉනිම පන්දුවාර 77.5ක දී සියල්ල දැවී 326 – (මල්ෂා තරුපති 70, රුසඳ ගමගේ 58, පුළිඳු පෙරේරා 41, රවිෂාන් ද සිල්වා 43, සරුජන් ෂන්මුගනාදන් 36, දිනුර කළුපහන 33, විහස් තෙව්මික නොදැවී 31, නේතන් සීලි 82/4, ටරික් එඩ්වඩ් 75/2, ඉෂායි ත්‍රෝන් 64/2).

බටහිර ඉන්දීය කොදෙව් දූපත් 19න් පහළ කණ්ඩායම දෙවන ඉනිම පන්දුවාර 68.5ක දී 277යි – (ජෝර්ඩ්න් ජොන්සන් නොදැවී 157, ස්ටීව් වේඩ්න්බර්න් 37, ස්ටීවන් පැස්කල් 25, ජොසුවා ඩ්‍රොන් 16, ඩෙවොනි ජෝශප් 16, විහස් තෙව්මික 63/3, කවීෂ පියුමල් 57/2, මල්ෂා තරුපති 51/2, රුවිෂාන් පෙරේරා 43/1).

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම දෙවන ඉනිම කඩුලු 3ට 81 (පන්දුවාර 18.4යි) – (සිනෙත් ජයවර්ධන 30, රුසඳ ගමගේ නොදැවී 21, රවිෂාන් ද සිල්වා නොදැවී 17, ටරික් එඩ්වඩ් 16/1, ඉෂායි ත්‍රොන් 29/1)

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් නම් කෙරුණු ජෝර්ඩ්න් ජොන්සන් තරග තීරක රංජිත් ප්‍රියන්ත මහතා අතින් සම්මාන ලබා ගනිමින්.

දෙවැනි තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් නම් කෙරුණු විහස් තෙව්මික තරග තීරක රංජිත් ප්‍රියන්ත මහතා අතින් සම්මාන ලබා ගනිමින්.

පළමු තරගයේ වීරයා ලෙසින් සම්මාන ලද දිනුර කලුපහන තරග තීරක රංජිත් ප්‍රියන්ත මහතා අතින් සම්මාන ලබා ගනිමින්.

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest