slc
logo
Home   |    News
සැප්තැම්බර් 30, 2023
පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්

sinhala editor

තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට සමත් විය.

ඉන්දියාවේ ගුවහාතී බර්පසරා ක්‍රීඩාංගණයේදී අද (29) පැවැති තරගයේදී කාසියේ වාසිය දසුන් ශානක විසින් දිනා මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, එහිදී ශ්‍රී ලංකාව ලකුණු 263ක් වාර්තා කළේය.

බංග්ලාදේශය පන්දු 48ක් ඉතිරිව තිබියදී කඩුලු 3ක් බිද වැටී මෙම අවශ්‍ය ලකුණු 264 ලබා ගැනීමට සමත් විය.

බංග්ලාදේශ ආරම්භක පිතිකරුවන් වූ ටැන්සිඩ් හසන් ලකුණු 84ක් හා ලිටන් දාස් ලකුණු 61ක් ලබා ගැනීම හේතුවෙන් පළමු කඩුල්ලට ලකුණු 131ක් ලබා ගැනීමට සමත් වූහ. එම දැවැන්ත අඩිතාලම ඔස්සේ තව දුරටත් ඉනිම ශක්තිමත් කළ මෙහෙදි හසන් මිර්සා පන්දු 64කදී හයේ 2ක් හා හතරේ 5ක් සමග නොදැවී ලකුණු 67ක් ලබා ගැනීමට සමත් වූ අතර, මුෂ්ෆිකර් රහ්මාන් පන්දු 43කදී හයේ පහරක් හා හතරේ පහර 2ක් සමග නොදැවී ලකුණු 35ක් ලබා ගත්තේය.

ළහිරු කුමාර, දුනිත් වෙල්ලාලගේ හා දුෂාන් හේමන්ත කඩුල්ල බැගින් පිදහෙලා ගත්හ.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් ලෙස කුසල් ජනිත් පෙරේරා හා පැතුම් නිශ්ශංක පිටියට පිවිස ඕවර් 9.1ක් වෙද්දී කිසිවෙකු නොදැවී ලකුණු 60ක් ලබා සිටි අතර, කුසල් ජනිත් පෙරේරා පන්දු 24 කදි හතරේ පහර 6ක් සමග ලකුණු 34ක් ලබා සිටියදී උරහිසේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවතට ගියේය. අනතුරුව කුසල් මෙන්ඩිස් හා පැතුම් නිශ්ශංක එක්ව ආරම්භක කඩුල්ලට ලකුණු 104ක සම්බන්ධතාවක් එකතු කරමින් සිටියදී පැතුම් නිශ්ශංක පන්දු 64කදි හයේ පහරක් හා හතරේ පහර 8ක් සමග ලකුණු 68ක් ලබා දැවී ගියේය.

අංක තුන පිතිකරු කුසල් මෙන්ඩිස් පන්දු 19කදී හයේ පහරක් හා හතරේ පහර 3ක් සමග ලකුණු 22ක් ලබා සිටියදී නසුම් අහමඩ්ගේ පන්දුවකට නජුමුල් හොසේන් අතට උඩ පන්දුවක් දී දැවී ගිය අතර, සධීර සමරවික්‍රම පැමිණි විගසම ලකුණු 2කට දැවී ගියේය. චරිත් අසලංක ලකුණු 18කට දැවී ගිය අතර, මැද පෙළ ශක්තිමත් කරමින් ධනංජය ද සිල්වා පන්දු 79කදී හයේ පහරක් හා හතරේ පහර 2ක් සමග ලකුණු 55ක් ලබා ගැනීමට සමත් විය.

දිමුත් කරුණාරත්න අංක 8 පිතිකරු ලෙස පිටියට පිවිස ලකුණු 18ක් ලබාගත් අතර, දුනිත් වෙල්ලාලගේ ලකුණ 10කට හා දුෂාන් හේමන්ත ලකුණු 11කට දවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ. ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන ළහිරු කුමාර හයේ පහරක් හා හතරේ පහරක් සමග නොදැවී ලකුණු 13ක් ලබා සිටියදී ඉනිම නිමාවට පත් විය.

ශ්‍රී ලංකා පිල මුහුණ දෙන මීළග පුහුණු තරගය ලබන අගහරුවාදා (3) ඇෆ්ගනිස්තානය සමග පැවැත්වේ.

ශ්‍රී ලංකාව ලකුණු 263 (ඕවර් 50) – කුසල් ජනිත් පෙරේරා 34, පැතුම් නිශ්ශංක , කුසල් මෙන්ඩිස් 22, සධීර සමරවික්‍රම 2, චරිත් අසලංක 18, ධනංජය ද සිල්වා 55, දසුන් ශානක 3, දිමුත් කරුණාරත්න 18, දුනිත් වෙල්ලාලගේ 10, දුසාන් හේමන්ත 11, ළහිරු කුමාර නොදැවී 13 ( එැනිසින් හසන් 33/1, ෂොරිෆුල් ඉස්ලාම් 35/1, නසූම් අහමඩ් 51/1, මෙහෙදි හසන් 36/3, මෙහෙදි හසන් මිරාස් 32/1)

බංග්ලාදේශ පිල කඩුලු 3කට ලකුණු 264 (ඕවර් 42) – ටැන්සිඩ් හසන් 84, ලිටන් දාස් 61, මෙහෙදි හසන් මිරාස් නොදැවි 67, මුෂ්ෆිකර් රහ්මාන් නොදැවී 35 (ළහිරු කුමාර 30/1, දුෂාන් හේමන්ත 45/1, දුනිත් වෙල්ලාලගේ 57/1)

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee