slc
logo
Home   |    News
ඔක්තෝබර් 10, 2023
කුසල්ගෙන් වාර්තාගත ශතකයක්

sinhala editor

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරග ඉතිහාසයේ ශ්‍රී ලංකා පිතිකරුවකු වාර්තා කරන ලද වේගවත්ම ශතකයට හිමිකම් කීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක 3 පිතිකරු කුසල් මෙන්ඩිස් අද (10 දා) සමත්වූවේය. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පාකිස්තානයට එරෙහිව හයිද්‍රාබාද්හි රජීව් ගාන්ධි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේදී පන්දු 65 කදී ශතකය සම්පූර්ණ කරමින් එම වාර්තාවට හිමිකම් කීමට මෙන්ඩිස් සමත්වූවේය.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කියන ලද්දේ හිටපු නායක සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර වන අතර ඔහු 2015 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්තයට එරෙහිව පන්දු 70 කදී ශතකයක් වාර්තා කරමින් එම වාර්තාවට මීට පෙර හිමිකම් කීවේය.

කුසල් අද දිනයේදී පන්දු 71 කට මුහුණ දෙමින් ලකුණු 122 ක් ලබා ගත්තේ තම ඉනිමට හයේ පහරක් 6 ක් සහ හතරේ පහර 16 ක්ද එල්ල කරමිනි. එමෙන්ම අද මෙන්ඩිස් වාර්තා කරන ලද්දේ පාකිස්තානු කණ්ඩායමට එරෙහිව ලෝක කුසලාන තරගාවලියකදී ශ්‍රී ලංකා පිතිකරුවකු වාර්තා කරන ලද පළමු ශතකය විය. මීට පෙර පාකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකා පිතිකරුවකු රැස් කරන  ලද ඉහළම ලකුණු සංඛ්‍යාව බවට පත්ව තිබුණේ 1987 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී රොෂාන් මහානාම විසින් වාර්තා කරන ලද ලකුණු 89 විය.

කුසල් මෙන්ඩිස් අද රැස් කරන ශතකය ලෝක කුසලාන ඉතිහාසයේ පිතිකරුවකු වාර්තා කරන ලද වේගවත්ම ශතක අතර 6 වැනි ස්ථානයට  පත්විය. මීට පෙර ඒඩ්න් මාක්‍රම් (49), කෙවින් ඕබ්‍රියන් (50), ග්ලෙන් මැක්ස්වෙල් (51), ඒ.බී. ඩිවිලියර්ස් (52), එයන් මෝගන් (57) මෙන්ඩිස්ට පෙර අඩුම පන්දු සංඛ්‍යාවක් වැය කරමින් ශතකය රැස් කරන ලද පිතිකරුවෝ බවට පත්ව සිටිති. කුසල් අද රැස් කරන ලද ශතකයට පෙර දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයේදීද පන්දු 42 කදී ලකුණු 76 ක් රැස් කිරීමට සමත්වූවේය.

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

USD United States (US) dollar