slc
logo
Home   |    News
ඔක්තෝබර් 24, 2023
පාකිස්තානු යොවුන් ක්‍රීඩකයෝ කරට කර

sinhala editor

පාකිස්තානයේ තරග සංචාරය නිරතව සිටින ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම අද දිනයේ සහභාගිවුණු දෙවැනි පන්දුවාර 50 තරගයෙන් ලකුණු 59 ක පරාජයක් පාකිස්තානු යොවුන් කණ්ඩායම හමුවේ අද (24 දා) අත්වින්දේය. තරග 5 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලියේ දෙවැනි තරගය ජය ගැනීමත් සමඟ තරගාවලිය 1-1 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සමග කරට කර සිට ගැනීමට සත්කාරක පාකිස්තානු යෞවනයෝ සමත්ව සිටිති.

කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානු අවුරුදු 19 න් පහළ කණ්ඩායම පන්දුවාර 46.5 කදී ලකුණුු 254 කට සීමා කිරීමට ගරුක සංකෙත් සහ රුවිෂාන් පෙරේරා ප්‍රමුඛ ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නෝ සමත්වූහ. මෙහිදී කැපී පෙනුණු ගරුක සංකෙත් ලකුණු 38 කට කඩුලු 3 ක් දවා ගනිද්දී රුවිෂාන් පෙරේරා ලකුණු 48 කට කඩුලු 3 ක් දවා ගත්තේය.

පාකිස්තානු යොවුන් පිල වෙනුවෙන් අර්ෆත් මිින්හාස් පන්දු 66 කදී වේගවත් ලකුණු 95 ක් රැස් කරන ලද්දේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක්ද තම ඉනිමට ඇතුළත් කර ගනිමිනි. ආරම්භක පිතිකරුවා වූ ශම්ලි හුසේන්ද අර්ධ ශතකයක් ලබා දී සිය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් එක් කිරීමට දායකත්වය දැක්වූවේය.

ඉලක්කය හඹා යෑම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් නව දෙනෙකුම ද්විත්ව ලකුණු සංඛ්‍යාවන් වාර්තා කිරීමට සමත් වූ නමුත්, ඒ කිසිවකුටත් දීර්ඝ ඉනිම ක්‍රීඩා කිරීමට නොහැකිවීම නිසා පහසුවෙන් ජය ගැනීමට තිබූ තරගයෙන් අනපේක්ෂිත පරාජයක් අත්විඳීමට අද සිදුවිය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගැනීම සමත්වූයේ ආරම්භක පිතිකරු පුළිඳු පෙරේරා වන අතර හේ ලකුණු 36 ක් රැස් කළේය. මැද පෙළින් පැමිණි රුවිෂාන් පෙරේරා සහ විහස් තෙව්මික ලකුණු 32 බැගින් ලබා ගත් අතර ඉන් විහස් තම ඉනිම නොබිඳිව තබා ගැනීමට සමත්වූවේය.

පාකිස්තානු අවුරුදු 19 න් පහළ කණ්ඩායම පන්දුවාර 46.5 කදී සියලු දෙනා දැවී ලකුණු 254 යි – (අර්ෆත් මින්හාස් 95, ශමිල් හුසේන් 53, සාද් බේග් 19, මුහමද් රියාස් උල්ලා 28, අහමඩ් හුසේන් 13, නවීඩ් අහමඩ් 15*, ගරුක සංකෙත් 38/3,රුවිෂාන් පෙරේරා 48/3,

ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම පන්දුවාර 43.4 කදී සියලු දෙනා දැවී ලකුණු 195 යි – (පුලිඳු පෙරේරා 36, සිනෙත් ජයවර්ධන 21, විශේන් හැළඹගේ 13, රවිෂාන් ද සිල්වා 32, දිනුර කලුපහන 19, සරුජන් ශම්මුගනාදන් 12, මල්ෂ තරුපති 10, විහස් තෙව්මික 43*, විශ්ව ළහිරු 13, උබායිද් ෂා 39/3, නවීඩ් අහමඩ් 20/2, අහමඩ් හුසේන් 42/3)

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

USD United States (US) dollar