19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් පිරිමි ඉසව්ව නියෝජනය කළ සහන් ආරච්චිගේගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම, ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව අද (04 දා) සහභාගි වුණු අර්ධ අවසන් පූර්ව තරගයෙන්ලද ලකුණු 08 ක පරාජය හේතුවෙන් කුසලාන බලාපොරොත්තු අහිමි කර ගත්තේය.
ඉකුත් 2014 වසරේ පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කම දිනා ගැනීමට සමත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියට සහභාගිවූයේ රන් පදක්කම් ලාභීන් ලෙසින් වුවත් අද ලද පරාජය මත ලෝකඩ පදක්කමක් හෝ දිනා ගැනීමට තිබූ බලාපොරොත්තු අතරහැර ගැනීමට ශ්‍රී ලංකාවට සිදුවිය.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක සහන් ආරච්චිගේ පළමුව පන්දුවට පහර දීම සඳහා ඇෆ්ගනිස්තානු පිලට ආරාධනර කළ අතර නුවන් තුෂාර ප්‍රමුඛ පන්දු යවන්නන් සිය යුතුකම් කොටස ඉටු කිරීමට සමත්වීම නිසා පන්දුවාර 18.3 ක් ඇතුළතදී ප්‍රතිවාදීන්ට රැස් කරගත හැකි වූයේ ලකුණු 116 ක් පමණි.
විස්සයි-20 තරගයකදී ලකුණු 117 ක ඉලක්කයක් යනු ඉතා පහසු ඉලක්කයක් වුවත් පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිහරඹය හේතුවෙන් 20 වැනි පන්දුවාරය පළමු පන්දුව අවසන් වන විට ශ්‍රී ලංකා ඉනිම ලකුණු 108 කදී නිමාවට පත්විය.
ශ්‍රී ලංකා පිල වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ නායක සහන් ආරච්චිගේ වන අතර ඔහු පන්දු 29 කදී ලකුණු 22 ක් ලබා ගත්තේය. දුවද්දී දැවී යෑමකට හසුව නායකයාගේ ඉනිම නිමා වද්දී සෙසු පිතිකරුවන්ගේ දායකත්වය ඉතා අවම මට්ටමක පැවැතිණ. ශ්‍රී ලංකා පිතිකරුවන් කොතෙක් අසීරුතාවයට පත් වූවේද කිවහොත් සහන්ට අමතරව පිතිකරුවන් තිදෙනෙකු පමණක් ලකුණු 10 සීමාව ඉක්මවා ලීමට සමත්වීම කණගාටුදායක විය. ලසිත් කෘෘස්පුල්ලේ (16), අෂේන් බණ්ඩාර (13), සහ විජයකාන්ත් වියස්කාන්ත් (13*) පමණක් එසේ ලකුණු 10 සීමාව ඉක්මවාලූ පිතිකරුවෝ බවට පත්වූහ. පන්දු යැවීමේදී ගුලාබ්දීන් නයිබ් සහ කේස් අහමඩ් කඩුලු 3 බැගින් බිඳ හෙළමින් ශ්‍රී ලංකා පිතිකරුවන් අසීරුවට පත් කළහ.
පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තානු පිල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණු නුවන් තුෂාර ලකුණු 17 කට කඩුලු 4 ක් බිද හෙළුවේය. ඔහුට අමතරව සහන් ආරච්චිගේ කඩුලු 2 ක් බිඳ හෙළීය. පන්දුවට පහර දීමේදී නූර් අලී සද්‍රාන් පන්දු 52 කදීි ලකුණු 51 ක් රැස් කරද්දී මොහොමඩ් ශාසාඩ් (20) සහ ශහිදුල්ලා (23) ලකුණු 20 සීමාව ඉක්මවාලමින් ලකුණු රැස් කළහ.
ඇෆ්ගනිස්තානය පන්දුවාර 18.3 කදී සියලු දෙනා දැවී ලකුණු 116 යි – (මොහොමඩ් ශාසාඩ් 20, නූර් අලී සද්‍රාන් 51, ශහිදුල්ලා 23, නුවන් තුෂාර 17/4, සහන් ආරච්චිගේ 26/2, විජයකාන්ත් වියස්කාන්ත් 28/1, ළහිරු සමරකෝන් 10/1)
ශ්‍රී ලංකාව පන්දුවාර 19.1 කදී සියලු දෙනා දැවී ලකුණු 108 යි – (සහන් ආරච්චිගේ 22, අෂේන් බණ්ඩාර 13, ලසිත් කෘෘස්පුල්ලේ 16, ගුල්බාදීන් නයිබ් 28/3, ශෆ්‍රයුඩීන් අශ්රෆ් 20/1, සහීර් ඛාන් 16/1, කේස් අහමඩ් 16/3, කරීම් ජැනට් 07/1)