slc
logo
Home   |    News
ඔක්තෝබර් 1, 2023
වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ කිරීමට තවමත් නොහැකිවී තිබේ.

නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර තරගය පෙරේදා ආරම්භවී ඕවර් 20කට සීමාවී අද ජය පරාජයෙන් තොරව නිමා වූ අතර, අද ආරම්භ කළ කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය හා හලාවත මේරියන්ස් අතර තරගය ඕවර් 15කට හා ඒස් කැපිටල් හා ගුවන් හමුදාව අතර තරගය ඕවර් 42කට සීමාවී පළමු දිනය නිමා වුණි.

මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන කෝල්ට්ස් – නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක සමාජය අතර තරගයේදී කාසියේ වාසිය දිනාගත් කෝල්ට්ස් පිල මුලින් පන්දුවට පහරදීමට නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක සමාජයට ආරාධනා කළ හෙයින් කඩුලු 1කට ලකුණු 96ක් ලබා සිටියදී යළී වර්ෂාව ඇද හැලීම හේතුවෙන් තරගය යළි ආරම්භ කිරීමට නොහැකි විය.

29දා ආරම්භවීමට නියමිතව තිබූ තරග අතර, හොරණ කලුතර යුද හමුදා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ බදුරලිය හා පොලිස් ක්‍රීඩා සමාජය අතර තරගය, මෙතෙක් ආරම්භවී නැති අතර, 30දා සිට ආරම්භ කිරීමට නියමිත වූ ශ්‍රී ලංකා යුද හමුදාව හා සීසීසී අතර සීසීසී පිටියේ තරගය, පානදුර හා ගාල්ල අතර පානදුර පිටියේ තරගය, කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය හා රාගම ක්‍රිකට් සමාජය අතර තර්ස්ටන් පිටියේ පැවැත්වීමට නියමිතව තිබූ තරගය, බීආර්සී හා මීගමුව අතර බීආර්සී පිටියේ පැවැත්වීමට නියමිත වූ තරගය, මුවර්ස් හා ටැමිල් යූනියන් අතර මුවර්ස් ක්‍රීඩා පිටියේ පැවැත්වීමට නියමිත වූ තරගය අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ආරම්භ කිරීමට නොහැකිවී තිබේ.

නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක සමාජය පළමු ඉනිම කඩුලු 1කට ලකුණු 96 (ඕවර් 20) තිලකරත්න සම්පත් නොදැවී 54, මුර්ටාසා තෘන්කවාලා නොදැවී 35 ( කවිෂ්ක අංජුල 11/1)

කුරුණෑගල තරුණ – හලාවත මේරියන්ස් අතර තරගය මග්ගොන සරේ පිටියේදී

කුරුණෑගල තරුණ පිල පළමු ඉනිම කඩුලු 3කට ලකුණු 68 (ඕවර් 15) – ගයාන් මනීෂාන් 10, දමිත් පෙරේරා නොදැවී 17, සනෝජ් දර්ෂික නොදැවී 27 ( තීක්ෂල ද සිල්වා 28/1, ලසිත් ලක්ෂාන් 24/2)

ඒස් කැපිටල් – ගුවන් හමුදාව අතර තරගය කටුනායක නිදහස් වෙළද කලාප ක්‍රීඩාංගණයේදී

ඒස් කැපිටල් පිල පළමු ඉනිම කඩුලු 4කට ලකුණු 125 (ඕවර් 42) – මධුක ලිියනපතිරණගේ නොදැවී 64, සිතාර ගිම්හාන් 35, සකුන ලියනගේ නොදැවී 19 ( ළසඳ රුක්මාල් 12/1, මොවින් සුබසිංහ 38/2, මලිත් ද සිල්වා 27/1)

Active filters

Recent Posts

  • කොළඹ ලැබූ 386ට යාපනයේ පිළිතුර කඩුලු 7ක් දැවී 227යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ කොළඹ පිල පළමු ඉනිමට ලබාගත් ලකුණු 386ට පිළිතුරු ලෙස […]
  • ගාල්ල පළමු ඉනිමට ලකුණු 602යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ දෙවැනි දිනයේදී ගාල්ල පිලේ […]
  • මල්කිගේ මංගල දක්ෂතා ශ්‍රී ලංකාවට ජය විවර කර දෙයි
    තමන් සහභාගිවූ මංගල පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරගයේදීම දක්ෂතා අතරට පැමිණීමට සමත් මඳ වේග පන්දු යවන්නියක වන මල්කි මදරා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දක්ෂ පන්දු යැවීම ප්‍රධාන කොට නවසීලන්ත කාන්තා […]
  • අවිශ්කගේ ප්‍රහාරයෙන් කොළඹ ලකුණු පුවරුව ඉහළ යයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ යාපනය පිලට එරෙහිව පන්දු 164කදී හයේ 2ක් හා හතරෙ […]
  • ගාල්ල පිල කඩුලු 4කට ලකුණු 336ක් ලබා ප්‍රබල තත්ත්වයක
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ පළමු දිනය නිමාවෙද්දී මුලින් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee