slc
logo
Home   |    News
ඔක්තෝබර් 16, 2023
ශ්‍රී ලංකාව පළමුව  පන්දුවට පහර දෙයි

sinhala editor

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන තෙවැනි තරගය හෙවත් ඔස්ට්‍රේලියාවට එරෙහි තරයේදී කාසියේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් සමත්විය. නායකයා ලෙස පත්ව කටයුතු කරන පළමු තරගයේදීම කාසියේ වාසිය තමන් සතු කර ගැනීමට මෙන්ඩිස් සමත්වීම කැපි පෙනිණ.

ලක්නව්හි පැවැත්වෙන මෙම තරගයේදී ශ්‍රී ලංකා පිල කණ්ඩායම වෙනස්කම් දෙකක් සහිතව අවතීර්ණව සිටියි. හිටපු නායක දසුන් ශානක ආබාධයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත්ව සිටින බැවින් ඔහු වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නද මතීෂ පතිරණ වෙනුවට ළහිරු කුමාරද අවසන් 11 දෙනා අතරට එක්ව සිටිති.

කාසියේ වාසිය උරගා බැලීමේ අවස්ථාවෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා නායකයා දිවා කාලයේදී පන්දුවට පහර දීම වාසි සහගත බව පෙනී යන බැවින් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ බව සඳහන් කර සිටියේය. ප්‍රතිවාදී කඳවුරේ නායකයා වන පැට් කමින්ස් ද සඳහන් කර සිටියේ කාසියේ වාසිය තමන් සතු වූයේ නම් පළමුව පන්දුවටපහර දීමට කටයුතු කරන බවයි.

අද තරගයට දෙපිළම අවතීර්ණ වන්නේ මෙතෙක් සහභාගිවුණු තරග 2 ම පරාජයට පත් වෙමින්. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට පිවිසීමට නම් අද තරගයේ ජය දෙපිළටම ඉතාම තීරණාත්මක වනු ඇත.

අද තරගය පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියානු කණ්ඩයම සහ දකුණ අප්‍රිකාව අතර තරගය පැවැති තණතීරුවේදී වේ. එම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානුවෝ ඔස්ට්‍රේලියාවට එරෙහිව ජය වාර්තා කිරීමට සමත්වූවේය. පස්වත්වක් ලෝක ශූරයින් බවට පත්ව සිටින ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙවර තරග වාරයේදී ඉතාමත් පහළ ලකුණු වේගයක් රඳවා ගෙන සිටින බැවින් ප්‍රසාද ලකුණු සටහනේ පසුවන්නේ අවසන් ස්ථානයේය. ශ්‍රී ලංකාව 8 වැනි ස්ථානයේ රැඳී සිටියි.

ශ්‍රී ලංකාව – 1. පැතුම් නිස්සංක, 2. කුසල් පෙරේරා, 3. කුසල් මෙන්ඩිස් (නායක), 4. සධීර සමරවික්‍රම, 5. චරිත් අසලංක, 6. ධනංජය ද සිල්වා, 7. චාමික කරුණාරත්න, 8. දුනිත් වෙල්ලාලගේ, 9. මහීෂ් තීක්ෂණ, 10. ඩිල්ෂාන් මදුශංක, 11. ළහිරු කුමාර.

ඔස්ට්‍රේලියාව – 1.මිචෙල් මාෂ්, 2. ඩේවිඩ් වෝනර්, 3. ස්ටීව් ස්මිත්, 4. මානස් ලබුෂේන්, 5. ජොෂ් ඉංග්ලිෂ්, 6. ග්ලෙන් මැක්ස්වෙල්, 7. මාකස් ස්ටොයිනිස්, 8. මිචෙල් ස්ටාර්ක්, 9. පැට් කමින්ස්, 10. ඇඩම් සම්පා, 11. ජොෂ් හේස්ල්වුඩ්.

Active filters

Recent Posts

  • පළමු එක්දින තරගයෙන් නැගීඑන පිලට කඩුලු 5 ක ජයක්
    බටහිර ඉන්දීය කොදෙව් දේශයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ඇකඩම් පිල සමග පැවැත්වෙන එක්දින තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් කඩුලු 5 […]
  • පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව නිම වෙයි
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගය අද (21 දා) පස්වරුවේ නිමාවට පත්වූයේ ජය පැරදුමෙන් තොරවය. තරගය නිමා වන විට ජයග්‍රහණය සඳහා ලකුණු 296 […]
  • තරගය දැන් දෙපිලටම විවෘතයි – කමිඳු මෙන්ඩිස්
    සංචාරක බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගය දැන් දෙපිලටම විවෘත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් පැවැසීය. හෙට (21) අවසන් දිනයේ උදෑසන බංග්ලාදේශ කඩුලු දෙකක් දවා ගතහොත් ශ්‍රී […]
  • නැෂනල් යූත් ලීග් පළමු ශතකය මහනුවර පිලේ පූලීෂගෙන්
    වයස අවුරුදු 19 න් පහළ මෙරට ක්‍රියාත්මක ප්‍රධානම ජාතික ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් යූත් ලීිග් 2025 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද පැවැති තරගයකදී තරගාවලියේ පළමු ශතකය වාර්තා කිරීමට මහනුවර […]
  • අවු. 19 න් පහළ නැෂනල් යූත් ලීග් තරගාවලිය ඇරඹෙයි
    වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමට දක්ෂයින් තෝරනු ලබන මිණුම් දණ්ඩක් ලෙසින් සැලකෙන වයස අවුරුදු 19 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය මෙම ජූලි මස 21 වැනිදා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee