slc
logo
Home   |    News
ඔක්තෝබර් 23, 2023
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පළමු ජය ලබයි

sinhala editor

ශ්‍රී ලංකා – පාකිස්තාන අවුරුදු 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම අද (22) විශිෂ්ට අයුරින් ආරම්භ කළේ පහසුවෙන්ම සත්කාරක පාකිස්තාන 19න් පහළ කණ්ඩායම ලකුණු 58කින් පරාජයට පත් කරමිනි.
තරග පහකින් සමන්විත වන මේ ජාත්‍යන්තර එක්දින තරගාවලියේ සමාරම්භක තරගයේදීම ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ලත් මේ අනගිභවනීය ජයග්‍රහණය අත්කර ගැනීමට වැඩිම දායකත්වයක් ලබා දුන් ක්‍රීඩකයන් තිදෙනා අතුරින් වඩාත් කැපී පෙනුණු ආරම්භක පිතිකරු පළිඳු පෙරේරා අගනා ලකුණු 156ක් රැස් කළේ දර්ශනීය පිතිහරඹයක නියැළෙමින් හතරේ 17ක් සහ හයේ පහර හයක් ද එල්ල කරමිනි.
ශ්‍රී ලංකා ජයග්‍රහණය උදෙසා උරදුන් අනෙක් ප්‍රධාන ක්‍රීඩකයන් දෙදෙනා වූයේ ආරම්භක පන්දු යවන්නන් දෙදෙනා ලෙස ක්‍රියා කළ දිනුර කළුපහන (32/4) සහ ගරුක සන්කෙත්ය (42/3යි). මොවුන් දෙදෙනාගේ ප්‍රබල පන්දු යැවීම හමුවේ පාකිස්තාන යොවුන් කණ්ඩායමේ ප්‍රථම කඩුලු හතරම දැවී ගියේ ලකුණු හැටක් තුළදීය. එම කණ්ඩායමේ ක්‍රීඩකයන් හයදෙනකුම දැවී ගියේ ලකුණු දහයක් ලබා ගැනීමටත් පෙර වීම ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂතා හොඳින් පිළිබිඹු වීමකි.
මේ තරගයේදී මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම පන්දුවාර 49.4කදී රැස් කළ ලකුණු 309ට පිළිතුරු ලෙස පාකිස්තාන යොවුන් කණ්ඩායම පන්දුවාර 45.4කදී සියලු පිතිකරුවන් දැවී රැස් කළේ ලකුණු 251කි.
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවට පහරදෙන අවස්ථාවේ යොවුන් පිතිකරුවනට ලකුණු 300 ඉක්මවා යාමට අවස්ථාව උදා වූයේ පළිඳු පෙරේරා ප්‍රධාන භූමිකාව රඟ දක්වමින් දිගු සබඳතා තුනකටම මුල් පිරීමෙනි.
එම සබඳතාවයන් වූයේ දෙවන කඩුල්ලට පළිඳු සමඟ රවිෂාන් ද සිල්වා (30) එක් කළ ලකුණු 136ත් තෙවන කඩුල්ලට පළිඳු සහ විෂේන් හැළඹගේ (25) එක් කළ ලකුණු 52ත් සිව් වන කඩුල්ලට පළිඳු සමඟ සරුජන් ෂන්මුගනාදන් (24) රැස් කළ ලකුණු 48ක සබඳතාවත්ය. මේ සබඳතා පවතින විට වරක් ලංකා කණ්ඩායම ලකුණු 240කට කඩුලු තුනක් පමණක් දැවී ප්‍රබලම තත්ත්වයක පසු විණි.
දක්ෂ පතිහරඹයක නියැලුණු ශ්‍රී ලංකා යොවුන් මැද පෙළ පිතිකරුවන් මේ අයුරින් දස්කම් දැක් වූයේ රවිෂාන් ද සිල්වා පන්දු 74කට මුහුණදී හතරේ පහරක් සමඟ ලකුණු 30ක් ද විෂේන් හැළඹගේ පන්දු 18කදී හතරේ තුනක් සහ හයේ පහරක් සමඟ ලකුණු 25ක් ද සරුජන් ෂන්මුගනාදන් පන්දු 31කදී හතරේ හතරක් සමඟ නොදැවී ලකුණු 24ක් ද ලබා ගනිමිනි.
ලකුණු 310ක ජයග්‍රහණ ඉලක්කයක් කරා යාමට පාකිස්තාන යොවුන් කණ්ඩායම පැමිණි අවස්ථාවේ ශ්‍රී ලංකා ආරම්භක පන්දු යවන්නන් දෙදෙනා දිනුර කළුපහන සහ ගරුක සන්කෙත් දැක් වූ විශිෂ්ට දස්කම් හමුවේ පාකිස්තාන ආරම්භක පිතිකරු ටයාබ් අරිෆ් (00) අංක තුන පිතිකරු සාඩ් බෙග් (04) අංක හතර පිතිකරු නුමාක් අමාර් (05) සහ අංක පහ පිතිකරු නම්ෂා නවාෂ් (17) කළින්ම දැවී යාමත් සමඟ ඔවුනට තරගයට නැවත අවතීර්ණවීම අසීරු කරුණක් විය.
ආරම්භක පිතිකරු ෂාමිල් හුසේන් (98) සහ අරෆට් මින්හස් (84) පස්වන කඩුල්ලට ලකුණු 153ක සබඳතාවයක් තබා ගැනීම මත ඔවුනට ලකුණු 200 සීමාව ඉක්මවීමට අවස්ථාව උදා විණි.
ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම පන්දුවාර 49.4කදී සියල්ල දැවී ලකුණු 309යි – (පුළිඳු පෙරේරා 156, රවිෂාන් ද සිල්වා 30, විෂේන් හැළඹගේ 25, සරුජන් ෂන්මුගනාදන් 24, විශ්ව ළහිරු 14, මොහමඩ් ඉබ්ටිසාන් 41/2, අහමඩ් හුසේන් 52/2, අරෆට් වින්හස් 61/2)

පාකිස්තාන අවුරුදු 19න් පහළ කණ්ඩායම පන්දුවාර 45.4දී සියල්ල දැවී 251යි – (ෂාමිල් හුසේන් 98, අරෆට් මින්හස් 84, දිනුර කළුපහන 32/4, ගරුක සන්කෙත් 42/3, රවිෂාන් පෙරේරා 51/2).

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee