slc
logo
Home   |    News
ඔක්තෝබර් 22, 2023
පෞද්ගලික ලකුණු ගැන අවධානය යොමු කළේ නෑ – සධීර සමරවික්‍රම

sinhala editor

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණයක් අවශ්‍ය ව තිබූ නිසා තම පෞද්ගලික ලකුණු පිළිබඳ අවධානය යොමු නොකළ බවත්, කණ්ඩායමක් ලෙස අවසන් මොහොත දක්වාම ජයග්‍රහණය පිළීබඳ සැලසුම වු බවත් නෙදර්ලන්තයට එරෙහිව නොදැවී ලකුණු 91ක් ලබා තරගයේ වීරයා සම්මානය දිනූ සධීර සමරවික්‍රම පැවැසීය.

ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර ලක්නව් භාරත් රත්න ශ්‍රී අතාල් බිහාරි වජ්පායි එකානා ක්‍රීඩාංගණයේදී ඊයේ (21) පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 5ක පහසු ජයක් වාර්තා කිරීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී සධීර මේ බව පැවැසීය. 
අහිමිවී ගිය ශතකය නොව කණ්ඩායමේ ජයග්‍රහණය පිළිබඳ සතුටට පත්වන බව හෙතෙම පැවැසීය.

"ලකුණු 100 නොළැඹීම අවාසනාවන්ත දෙයක්. නමුත් ලකුණු 91ක් ලැබීම ගැන සතුටු විය යුතුයි. හැම වෙලාවෙම ජයග්‍රාහී කණ්ඩායමක් වෙන්න අපට අවශ්‍ය වුණා. ඒ නිසා මම ඇත්තටම සතුටු වෙනවා. මම පසුගිය කාලයේ ගොඩක් මහන්සිවි පුහුණුවීම් කළා. ඒ නිසා මේ වගේ ඉනිමක් ගොඩ නගන්න මට හැකියාව ලැබුණා. නෙදර්ලන්ත පන්දු යවන්නන් හොදින් පන්දු යැව්වා. ඒ මගේම ඔවුන්ට තණතිල්ලේ සහයෝගය තිබුණා. ඒ නිසා ඕවර් 40කින් 45කින් තරගය ජය ගන්න අමාරු වුණා. ඒ නිසා අපි කළේ ගොඩක් ගැඹුරට ගිහින් හරි තරගය දිනන්නයි. අලුත් පිතිකරුවෙකුට ඇවිත් සෙට් වෙන්න ලෙහෙසි නෑ. ඒ නිසා ජයග්‍රහණය ලැබෙන තුරු තණතිල්ලේ ඉන්න මා කල්පනා කළා“ 

“ඔව්, අපේ ඉනිමේ මැද කොටස ඇත්තටම අමාරුයි, මොකද වෙලාවකට ඔවුන්ගේ පන්දු යවන්නන් හොදින් තරගයට පිවිසුණා.  මමයි චරිත් දෙන්නාම හිතුවා අන්තිම කොටසේ ලේසි වෙන්නේ නැහැ කියලා, ඒ නිසා මැද ඕවරවල හොඳට බැට් කරන්න ඕනේ කියලා අපි කතා වුණා. තරගයක් දිනන්නයි අපේ සැලසුම වුණේ. දැන් අපට ලැබෙන සෑම තරගයක්ම හරිම වැදගත් වගේම හොදම තරගයි. ඒ නිසා වැරදි කරන්න කිසිම ඉඩක් නෑ. කණ්ඩායමක් විදිහට නිවැරදි තීරණ ගෙන කොහොමද ප්‍රතිවාදීන් මෙල්ල කරන්නේ කියන සැලසුම අපි හදාගත යුතුයි. මෙතැන ඉදන් අපි සියයට සියයක්ම දීලා ක්‍රීඩා කළ යුතුයි“ සධීර පැවැසීය.

“නෙදර්ලන්ත විකට් 6ක් බිදුණු පසු අපි පීඩනය දැම්මා. අපේ පන්දු යවන්නන් ඉති හොදින් පන්දු යැව්වා. නමුත් ඔවුන් හොද සම්බන්ධතාවක් යෙදුවා. ඒ නිසා නෙදර්ලන්තය හොද ලකුණු ගණනක් ගත්තා. කසුන් හා ඩිල්ෂාන් මුල සිටම හොදින් පන්දු යැව්වා. ඒ නිසා යම් දුරකට නෙදර්ලන්තය පාලනය වුණා“

මහේලගේ සහයෝගය හා උපදෙස් මෙවැනි ජයග්‍රහණයට කෙබඳු දායකත්වයක් ලැබෙන්නේද යන්න මාධ්‍යෙව්දියෙකු විමසා සිටිද්දී සධීර පැවැසූවේ මහේල යනු පුරාවෘත්තයක් බවය. “මහේලගේ සේවය මේ වගේ තරගවලදී වැදගත්. අපට ඔහුගෙන් ඕනෑම උපදෙසක් ලබා ගත හැකිය. ඔහු තරගයකදී විශාල අවස්ථාවන් සමඟ කටයුතු කරන්නේ කෙසේදැයි හොදින්ම දන්නා කෙනෙක්. අත්දැකීම් බහුල ඔහු වැනි අයෙකු සමඟ වැඩ කරන්න ලැබීම ගැන ඇත්තටම සතුටුයි“ සධීර සමරවික්‍රම පැවැසීය.

Active filters

Recent Posts

  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee